Print this Article


පිහිට පතයි

පිහිට පතයි

හදවත් සැත්කමට ආධාර පතයි

ශාස්ත්‍රවේදී රේටියගම සුමනරතන හිමියන් හෘද කපාට අවහිර වීමේ රෝගයට ගොදුරු වී ඇති බව කියයි. ඒ සඳහා ඉක්මණින් ශල්‍යකර්මයක් කළයුතු බැවින් මුදල් ආධාර ඒ සඳහා යොමු කළ හැක. නුගේගොඩ මහජන බැංකුවේ ගිණුම් අංක 174200111993637 ගිණුමට මුදල් බැර කළ හැකි අතර වැඩි විස්තර 0716052080 දුරකතන අංකයෙන් දැනගත හැකිය.


අක්මාවෙන් කොටසක් ලබාගැනීමට

මිනුවන්ගොඩ බෝටියාවත්තේ නො. 112 සී 3 හි පදිංචි ගෝඨාභය සී ජයතිලක යන අය දරුණු අක්මා රෝගයකින් පෙළේ. (අවුරුදු 47) ඔහුට මාස 02 ක ඇතුළත “ඕ පොසිටිව්” වර්ගයේ අක්මා කොටසක් බද්ධ කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශයයි. ඒ සඳහා ගරු ස්වාමීන් වහන්සේ නමක් හෝ පින් කැමති පින්වතෙක් වෙතොත් දුරකථන අංක 011 2299478, 077 7626434 හෝ 071 4311547 දරන දුරකථන අංකයන්ට දන්වන ලෙස ඉල්ලා සිටියි.


වකුගඩුවක් ඉල්ලයි

සියඹලාපේ, සියඹලාපේ උතුර, අංක 441 හි පදිංචි එල්. චන්ද්‍රිකා පෙර්රාරා දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගන මහතා විසින් ඇයට “ ඕ පොසිටිව් හෝ බී වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව පවසයි. මේ සඳහා පරිත්‍යාගශීලීන් වේ නම් දුරකථන අංක 072 9109563 දන්වන ලෙසද වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔබේ ආධාර මුදල මහජන බැංකුව, ශාඛාව කිරිබත්ගොඩ (වී.පී. අනුර ශාන්ත කුමාර), 237200297060360 ගිණුමට බැර කළ හැකි ය.




 


මහනුවර පොල්ගොල්ලේ අංක 13/801 පල්ලේගුන්නෑපාන ග්‍රාමයේ පදිංචි දිලුෂ්ක ලියනගේ මහතාගේ වකුගඩු දෙකම අක්‍රියව ඇති බැවින් ඉතා ඉක්මණින් වකුගඩුවක් බද්ධ කළයුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත. ඒ පොසිටිව්, ඕ පොසිටිව් හා ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ හැකි බැවින් වකුගඩුවක් ලබාදිය හැකි පින්වතෙක් වෙතොත් 0779010102, 0724023499 යන දුරකතන අංක අමතා දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.




 


දෙල්ගොඩ, කඳුබොඩ පදිංචි අමිතා නැමැති අය සහ ඇගේ මව පිළිකා රෝගයෙන් පෙළෙන බව ඇය පවසයි. ඇයට අවුරුදු 5 දියණියක් සිටින අතර ප්‍රතිකාර සඳහා පරිත්‍යාගශීලීන්ගෙන් මුදල් ආධාර ඉල්ලා සිටියි. දෙල්ගොඩ ඉතිරි කිරීමේ බැංකුවේ 100670305855 ගිනුමට මුදල් බැර කළ හැකියි. වැඩි විස්තර දුරකතන අංක 0713609543 විමසන්නැයි ඉල්ලීමක් කෙරේ.


මොරටුව ලක්‍ෂපතිය පදිංචි ඩබ්ලිව්.ජයලාල් ප්‍රනාන්දු මහතාට දරුණු වකුගඩු රෝගයක් වැලඳී ඇති අතර ඔහු සුවකර ගැනීමට “ඕ හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ මාලිගාවත්තේ වකුගඩු රෝහලේ වෛද්‍ය අනුර හේවාගීගන මහතා නිර්දේශ කර ඇත. වකුගඩුවක් දීමට කැමති පරිත්‍යාගශීලියකු වෙතොත් දුරකතන අංක 0777 259538 දැනුම් දෙන මෙන් ඉල්ලා සිටියි.


අළුබෝමුල්ල, පමුණුගම, එච්.වයි. රොද්‍රිගු මාවත, අංක 5/229 හි පදිංචි එම් නාලනි රාජසූරිය දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. දෙදරු මවක් වන ඇයට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බැවින් අවුරුදු 50 ට අඩු පරිත්‍යාගශීලියෙකුගෙන් ඇය උපකාර පතයි. මෙම ශල්‍ය කර්මයට විශාල මුදලක් වැයවන බැවින් පානදුර මහජන බැංකුවේ ප්‍රධාන ශාඛාවේ ගිණුම් අංක 148 2001 31427829 දරන ගිණුම් අංකයට ඔබගේ මුදල් ආධාර බැරකළ හැකියි. වැඩිවිස්තර 077 6479106, 038 2234256 හෝ 071 7639244 දුරකථන අංකයෙන් විමසිය හැකියි.


පරගහකොටුන්න, කාලවිල, බේරුවල ලිපිනයෙහි පදිංචි එම්.කේ. විජිතා ජයන්ති (වයස අවු. 39 යි) අය දරුණු වකුගඩු ආබාධයකින් පෙලෙන අතර, මේ වන විට අසාධ්‍යය තත්ත්වයෙන් ජාතික රෝහලේ 48 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින බව කියයි. ඇයට “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කළ යුතු බව විශේෂඥ වෛද්‍යය ආර්.ඩී.ලැනරෝල් මහතා පවසන අතර ඒ සඳහා පරිත්‍යාගශීලි අයෙකුගෙන් වකුගඩුවක් බලාපොරොත්තු වෙයි. පරිත්‍යාගශීලි අයෙකු වේනම් 071 8875627 හෝ 0772 689207 යන දුරකථන අංකයට අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.


කොළඹ 06, වැල්ලවත්ත කොලින්වුඩ් පෙදෙස අංක ඒජී – 2 හි පදිංචි බී නිලංකා (29) නැමැති අය දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙයි. ඇයට ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළයුතු බැවින් “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇත. ඒ සඳහා යම් පරිත්‍යාගශීලියෙකු වේ නම් දන්වා සිටින ලෙස ඇය ඉල්ලා සිටියි දුරකථන අංක 077 1277216, 077 3825258 විස්තර විමසිය හැකිය.


අංක 308/16, වරාතැන්න හල්ඔලුව යන ලිපිනයෙහි පදිංචි ඩී.එම්. ප්‍රේමතිලක යන අය දරුණු හදවත් රෝගයකින් පෙළේ. ඔහුගේ සැත්කමට හා ප්‍රතිකාරවලට විශාල මුදලක් වැයවන බැවින් ඔබගේ ආධාරය ලබා දෙන ලෙස ඉල්ලා සිටියි. මහජන බැංකුව පේරාදෙණිය ශාඛාවේ ගිණුම් අංක 057200100008127 ගිණුමට මුදල් බැරකළ හැකියි. වැඩිවිස්තර 075 7963875 දැනගත හැකි බැව දන්වා සිටියි.


ඉපලෝගම නාගම අංක 02 ඇළ පදිංචි අධිකාරි මුදියන්සේලාගේ සුමිත් අධිකාරි (37) මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරු නිර්දේශ කර ඇත. ඔහුට අවශ්‍ය “ ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි පරිත්‍යාගශීලියෙකු වේ නම් ඒ බව 071 9207920, 071 150 3758 දුරකථනවලට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිති. වෛද්‍ය ප්‍රතිකාර සඳහා මහජන බැංකුව ගල්නෑව ශාඛාවේ 179 2001 4003 8633 අංක දරන ගිණුමට ආධාර කරන මෙන් ඉල්ලා සිටී.


පරගහකොටුන්න, කාලවිල, බේරුවල පදිංචි එස්.ඒ. පි‍්‍රයන්තා මල්කාන්ති නැමැති 43 හැවිරිදි දෙදරු මවගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇත. ඇයට වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බැවින් පරිත්‍යාගශීලියෙකු වේ නම් උපකාර කරන ලෙස ඉල්ලා සිටින බැවින් කිසියම් අයෙක් සිටී නම් “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් හෝ මහජන බැංකු අලුත්ගම ශාඛාවේ 084 2 001 8 0017225 ගිණුම් අංකයට ආධාර මුදල් බැරකරන මෙන් කාරුණික ඉල්ලීමක් කරයි. 072 6660465, 072 5385558, 071 8328042 යන දුරකථන අංක වෙතින් වැඩි විස්තර ලබාගත හැකිය.