Print this Article


අමුණුගොඩ තිස් පෑ හතේ පිරිත් දෙසුම

අමුණුගොඩ තිස් පෑ හතේ පිරිත් දෙසුම

ගම්පහ, අමුණුගොඩ කුඩුමිරිසේ ශ්‍රී පරාක්‍රමබාහු රජමහා විහාරයේ 61 වෙනි වාර්ෂික මහා පින්කම පසුගිය පළවෙනිදා ආරම්භ කළ අතර එහි තිස්පැයහතේ පිරිත් දේශනාව ජනවාරි 28 වෙනිදා රාත්‍රී 10.00 ට පෑලියගොඩ විද්‍යාලංකාර මහා පරිවේණාධිපති වැලමිටියාවේ කුසලධම්ම නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය. 31 වෙනි දා එහි දොරකඩ අස්න පවත්වනු ලබන්නේ අමුණුගොඩ කුමාරදාස විදුහලේ ශිෂ්‍ය ටී.ඒ. චලිදු චතුරංග දරුවා විසිනි. අනුශාසනාව පවත්වන්නේ ඉඹුල්ගොඩ විජයවර්ධන ශ්‍රී මහා විහාරාධිකාරී යටගම ඛේමානන්ද හිමියන් විසිනි.

මෙම දුරුතු පින්කම් මාලාව විහාරාධිපති සියනෑකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක අමුණුගොඩ සෝමානන්ද නාහිමිගේ අනුශාසනා පරිදි සිදුකෙරේ.