Print this Article


මිණීඔළුවේ දුරුතු මහ පූජාව

මිණීඔළුවේ දුරුතු මහ පූජාව

මීරිගම, මිණීඔළුව, විද්‍යාවාස පිරිවෙනෙහි පැවැත්වෙන දුරුතු මහ පූජෝත්සවය 48 වැනි වරටත් මේ මස 26 වැනි දා පැවැත්වීමට කටයුතු යොදා ඇත. මල් අසූහාරදහසක මල් පූජාවක් සහ පහන් දෙදහස් පන්සිය පනස් හයකට අධික මහා ප්‍රදීප පූජාවක් ද, අෂ්ඨාන චතුමධුර සහිත ගිලන්පස පූජාව, ඖෂධ වර්ග සිය ගණනකට අධික බෙහෙත් ද්‍රව්‍ය පූජාව ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එදින රාත්‍රී 7.30 සිට 8.30 දක්වා වැලිමඩ ධම්මාරාම හිමියන් මෙහෙයවන ධර්ම දේශනාවක් ද පැවැත්වේ.