Print this Article


ශ්‍රී දළදා මාලිගාවේ අළුත් සහල් මංගල්‍යය

ශ්‍රී දළදා මාලිගාවේ අළුත් සහල් මංගල්‍යය

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අළුත් සහල් මංගල්‍ය මේ මස 26 වෙනි දිනට යෙදෙන දුරුතු පුර පසළොස්වක පෝය දින පෙරවරු 10, විනාඩි 02 ට උතුර දිශාභිමුඛව ශ්‍රී දළදා මාලිගාව ප්‍රධානකොට ඇති විහාර දේවාලයන්හි සිදුකෙරේ. අළුත් සහල් පිසින ලද ප්‍රණීත මුල්තැන් බුද්ධපූජා මංගල්‍ය සිදුකිරීම සම්බන්ධව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ අණ පරිදි කාරියකරවන කෝරාල, කේ. එම්. සී. කරුණාතිලක මහතා නිකුත් කර ඇති ප්‍රකාශයේ මෙසේද සඳහන්වේ.

වර්ෂ 2013 ජනවාරි 18 දින ප. ව. 1.42ට ශ්‍රී දළදා මාලිගාව ප්‍රධාන කොට ඇති සියලු දේවාලයන්හි පෙරහර උතුරු දිශාභිමුඛව පල්ලේකැලේ දළදා මාලිගාවේ අටුව බලා පිටත්වීම ශුභවේ. එදින ප. ව. 3.25 ට පමණ වී සහල් බෙදා දිම සිදු කෙරේ.

ජනවාරි 19 වන දින පෙ. ව. 8. 05 ට උතුර දිශාභිමුඛව ශ්‍රී දළදා මාලිගාව ප්‍රධාන කොට ඇති සියලු විහාර දේවාලයන්හි ධාන්‍යාගාරවල වී සහල් තැන්පත් කිරීම ශුභ වේ.