Print this Article


බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

අවිස්සාවේල්ල – මාදොල ගංගනා උද්‍යානයේ පිහිටි ශ්‍රී මෙත්තාරාම විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරයේ කොත් පැළඳවීම ජනවාරි 02 දින අවිස්සාවේල්ල – නිල නොලත් මහේස්ත්‍රාත් නීතිඥ ජීමින් බණ්ඩාර මාරඹේ මහතා අතින් සිදු විය. ධාතු මන්දිරය විවෘත කිරීම හා කොත් වහන්සේ නිරාවරණය කිරීම ජනවාරි 12 දින පස්වරු 2.00 පැවැත්විණි.

කැලණිය චිත්ත අභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ මධ්‍යස්ථානාධිපති, මහාචාර්ය, උතුරාවල ධම්මරතන හිමිගේ ආචාර්යත්වයෙන් හා කඩුගොඩ විරියපාලි සිල්මාතාවගේ උපාධ්‍යත්වයෙන් පසුගිය 08 දින විදුලිපුර, කිරිවන්එළිය සාසන ප්‍රදිපාරාමයේ දී කුල කතුන් හතර දෙනෙකු සසුන්ගත වුවාය . කමලා ෆොන්සේකා මහත්මිය, කිරුලපල භද්‍රාපාලි සිල්මාතාව වශයෙන්ද, රේණුකා චාන්දනී රූපසිංහ මහත්මිය, කලපළුවාවේ, සංඛපාලි සිල් මාතාව වශයෙන්, ටිලකා ශාන්ති ගුණතිලක මෙනෙවිය පාදුක්කේ ඛේමපාලි සිල් මාතාව වශයෙන්ද, සේපාලි සෙනෙවිරත්න මහත්මිය බැබිලේවල සුමේධාපාලි සිල්මාතාව වශයෙන් ද දස සිල් සමාදන් වුවාය.

ශ්‍රී සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේගේ ගුණ සමරු ජාතික පූජෝත්සවය විසිතුරු පෙරහරකින් පසු ඇහැලියගොඩ ජාතික පාසල් ශ්‍රවණාගාරයේ දී දසසිල් මෑණිවරුන් වහන්සේලා හාරසිය නමකගේ සහ මහා නා හිමිවරුන්, විහාරාධිපති හිමිවරුන් ප්‍රමුඛ ගිහි පැවිදි සම්භාවනීය පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.  සටහන සහ සේයාරුව - ඇහැලියගොඩ විශේෂ, නිමල් විජයතුංග