UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ළමා පිටුව

ළමා පිටුව

වට්ටාරන්තැන්නේ සමාධි දහම් පාසල


ප්‍රධානාචාර්ය වැහිගල ධම්මසිරි හිමි අතින් ශිෂ්‍යාවක ත්‍යාගයක් ලබා ගත් අවස්ථාව

දරු දැරියන් දහම් පාසල් ගීතය ඉදිරිපත් කළ අවස්ථාව.

ඉංගී‍්‍රසි බසින් දහම් දැනුම පගුණ කර සමස්ත ලංකා මට්ටමෙන් උසස් ප්‍රතිඵල වාර්තා කළ දහම් පාසලක් ලෙස මහනුවර වට්ටාරන්තැන්න සමාධි සංස්කෘතික කේන්ද්‍රයේ සමාධි දහම් පාසල පිළිගැනේ.

වසර පහළොවක් ඇතුළත දී ඉංගී‍්‍රසි බසින් ධර්මය පොතපතින් ඉගෙන ගෙන උසස් සහතික ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිය ගණනක් බිහිකළ සමාධි දහම් පාසලේ දරුවන් “ලයිට් ඔෆ් ඒෂියා” සංවිධානයේ, වාර්ෂික තරගවලින් විශිෂ්ට ප්‍රතිඵල පෙන්වා ඇත. ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති වැහිගල ධම්මසිරි හිමි ප්‍රධාන ඉංගී‍්‍රසි බසින් නිපුණත්වයක් ලත් ධර්මාචාර්යවරුන් දොළොස් දෙනෙකු යටතේ දහම් දැනුම ලබන දෙසියකට ආසන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරින් මාලිතා පෙරේරා ශිෂ්‍යාව තායිලන්ත තානාපති කාර්යාලය මඟින් පවත්වන ලද ‘උපාලි තෙර සසුනට සිදු කරන ලද සේවය’ මැයෙන් රචනා තරගයෙන්ද, තරුණ බෞද්ධ සංගම් වාර්ෂික තරගවලින්ද සම්මාන සහතික ලබා ඇත.

ඩිප්ලෝමා පන්තිය දක්වා දහම් පන්ති පවත්වා අවුරුදු පතා ධර්මධර උගත් ශිෂ්‍යයන් සමාජයට දායාද කරන සමාධි දහම් පාසල නියෝජනය ගඟවට කෝරලයේ ශාසන ආරක්‍ෂක මණ්ඩලයේ ද උසස් ප්‍රතිඵල දක්වා ඇත.

ජාත්‍යන්තර මට්ටමෙන් දහම් දැනුම, ලොවට ලබාදෙමින් සිදුකරන ධර්ම ප්‍රචාරක සේවය වඩාත් අර්ථවත් ලෙස අනාගතයේ දී පැවැත්වීම සමාධි දහම් දරුවන්ට ඤාණය, ධර්ම අවබෝධය තව තවත් වර්ධනය වේවායි ප්‍රාර්ථනා කරමු.


අපේ ගුරුවරු

සි ය ද රු වනට මෙන් අපට ද සෙනේ ඇතී
ගුරුවරු වරද දුටු දුටු විටැ කියා දෙතී
නිරතුරු අපගෙ හොඳ නොහොඳ ද සොයා දෙතී
තොරතුරු තතුසෙ දැනැ ගෙනැ නිසි ඔවා දෙතී

අපෙන් කැරෙන නො පමා වැරැදි ඉවසතී
දැපෙන් නට නො දී තරවටු ද කෙටැ ලතී
නොපෙන් වමිනි සෙනෙහස දඬුවමු දු දෙතී
සැපෙන් වැඩෙන ලෙස නිදහස ද සලසතී

නිතින් තැතින් සිප් සතර ද උගන්වති
එමෙන් කෙමෙන් ගුණ දහමෙහි ළගන්වතී
මවුන් පියන් යා යුතු මග හඳුන්වතී
තෙරුන් වහන් සේ නිසි මග ම පෙන්වතී


ශ්‍රී සුගුණ තිස්ස ආයුපාල දහම් පාසලේ සිසු දරුවන්ට නව වසරට තිළිණ රැසක්


ඌව පළාතේ ප්‍රධාන ඇමැති ශෂීන්ද්‍ර කුමාර රාජපක්‍ෂ මහතාගේ අතින් නිල ඇඳුම් රෙදි පාර්සල් දහම් පාසල් සිසුන් ලබා ගන්නා අයුරු. ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා ද මෙහි සිටියි.

 

රුහුණු කතරගම මහ දේවාලය ඉදිරිපිට පිහිටි ශ්‍රී අභිනවාරාම ශ්‍රී සුගුණතිස්ස ආයුපාල දහම් පාසලේ සිසුන්ට හා ගුරුවරුන්ට මෙම වසරට අවශ්‍ය නිල ඇඳුම්, අභ්‍යාස පොත්, පාවහන්, පොත් බෑග්, වතුර බෝතල් හා තවත් ත්‍යාග ප්‍රදානය කිරීම පසුගිය වසරේ දෙසැම්බර් දෙවැනිදා සිදු කෙරිණි. මෙම දහම් පාසලේ ඉගෙනුම ලබන ශිෂ්‍ය සංඛ්‍යාව 1650 කි.

විහාරාධිපති රුහුණු මාගම්පත්තුව ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති කපුගම ශ්‍රී සරණතිස්ස නාහිමියන්ගේ අනුශාසනා යටතේ පැවැත්වෙන මෙම දහම් පාසලේ මෙවර පැවතියේ හයවැනි ත්‍යාග ප්‍රදානෝත්සවයයි. ත්‍යාග සඳහා මෙරට ව්‍යාපාරික දානපතියන් රැසකගෙන් මූල්‍ය අනුග්‍රහය ලැබිණි. ත්‍යාග ප්‍රදානය රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ ඌව මහ ඇමැති ශෂීන්ද්‍ර කුමාර රාජපක්‍ෂ මහතාගේ අතින් සිදුවිය.

ත්‍යාග ප්‍රදානෝත්සවය රුහුණු කතරගම මහ දේවාලයේ පෙරහර නැරඹීමේ අංගනයේ දී මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.


චේතියගිරි රජමහා විහාරස්ථ දහම් පාසල


දහම් පාසල් ගුරුවරියන් දෙපළක් සමඟ දහම් පාසල් දරුවන්.

දහම් පාසල් සිසු සිසුවියන්ගෙන් කොටසක්

දහම් දැනුම ලබන දරුවන්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුවර්සන්කුලම නම් ග්‍රාමයේ පිහිටා ඇති ඓතිහාසික වටිනාකමකින් යුත් පුරාණ විහාරස්ථානය හා දහම් පාසල පිළිබඳව අප මෙසේ සොයා ගියෙමු. මෙහි ගමන් මාර්ගය අනුරාධපුර නගරයේ සිට වවුනියා ප්‍රධාන මාර්ගයේ යාපනය හන්දියේ සිට කි.මී 2 ක් පමණ දුර ගෙවූ විට හමුවන උත්තර සාලිය පුර විහාරස්ථානය අසලින් වමට ඇති පුවර්සන්කුලම මාර්ගයේ කි.මීටර් 10 ක් පමණ ගමන් කළ යුතු ය.ඉතාම දුෂ්කර ගමන් මාර්ගයක් වුවත් වත්මන වන විට මාර්ග අලුත්වැඩියා වෙමින් පවතී.

ප්‍රතිමාවක් සහ සෙසු පිළිමද නෙළා තිබුණි. එයින් නික්මී ආ අපට මීළඟට දක්නට ලැබුණේ ගුරුවරියන් දෙපළක් දහම් පාසල් සිසු දරුවන් හට දහම් දැනුම ලබා දෙන අයුරුයි. විහාරයේ ම පසක ඔවුහු අධ්‍යාපනය ලබමින් සිටියහ. අඩුපාඩු රාශියක් මධ්‍යයේ ඉගෙනුම ලබන පුවර්සන්කුලම ග්‍රාමයේ කුඩා දූ පුතුන් පිළිබඳව නෙත් යොමු කළ යුතු වේ. 2004 මැයි මස 16 වන දින සිසුන් 28 දෙනෙකුගෙන් ආරම්භ කළ මෙම දහම් පාසලේ වත්මන් සිසු සංඛ්‍යාව 50 දෙන, ඉක්මවා ගොස් ඇත. සුළු සිසු සංඛ්‍යාවක් මෙහි අධ්‍යාපනය හැදෑරුව ද ප්‍රාථමිකයේ සිට ධර්මාචාර්ය විභාගය දක්වා අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා මෙම දරු දැරියෝ වාසනාවන්ත වී සිටිති.

 

 

 

 

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය ජනවාරි මස 11 වැනි දා සිකුරාදා පූර්වභාග 04.37 ට ලබයි.
12 වැනි දා සෙනසුරාදා පූර්වභාග 01.16 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 11 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
ජනවාරි 18 වැනි දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 11

First Quarterපුර අටවක

ජනවාරි 18

Full Moonපසෙලාස්වක

ජනවාරි 26

Second Quarterඅව අටවක

පෙබරවාරි 03


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]