Print this Article


කැලණියේ දුරුතු මහ පෙරහර නිමිත්තෙන් දිනපතා දම් දෙසුම්

 කැලණියේ දුරුතු මහ පෙරහර නිමිත්තෙන් දිනපතා දම් දෙසුම්

කැලණියේ දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරස්ථානයේදී විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි නොවැම්බර් 13 වැනිදා ආරම්භ වූ ධර්ම දේශනා මාලාව මෙම ජනවාරි 18 වනදා දක්වා දිනපතා රාත්‍රි 7 – 8 දක්වා පැවැත්වේ. ජනවාරි 19 වැනිදා සිට 22 වැනිදා දක්වා පරිත්‍රාණ ධර්ම දේශනාද පැවැත්වේ.

ජනවාරි 23 වනදා රාත්‍රී 8. 30 උඩ මළුවේ පෙරහර සහ 24 වැනිදා රාත්‍රී 8. 30 දෙවැනි වීථි පෙරහර පැවැත්වේ. ජනවාරි 25 වැනිදා රාත්‍රී 8. 30 ට මහ පෙරහර පැවැත්වේ. දිනපතා පැවැත්වෙන ධර්ම දේශනා මාලාවට අනුව මෙම 11 වනදා බලදොර ඉන්ද ජෝති හිමි, 12 වනිදා කුඩගම චන්ද්‍රානන්ද හිමි, 13 වනදා උඩුවේ ධම්මාලෝක හිමි, 14 වනදා වැවගෙදර සීලක්කන්‍ධ හිමි, 15 වැනිදා තලල්ලේ චන්දකිත්ති හිමි 16 වනදා පුංචි හේනේ ගම සිරි නිවාස හිමි 17 වැනිදා නෙළුවා කන්දේ ඤාණානන්ද හිමි එම දම් දෙසුම් පවත්වනු ලැබේ.