Print this Article


බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

 හොරණ දික්හේනපුර ශ්‍රී පුෂ්පාරාම විහාරාධිපති ඉහළ නාරගල විනයසිරි හිමියන්ගේ පැවිදි දිවියට හැට වසරක් පිරීම නිමිත්තෙන් ඉදි කරන ලද බෝධිඝරය විවෘත කිරීමේ පුණ්‍යෙීත්සවය මෙම 05 වැනිදා පැවැත්වේ. - කලුතර දිසා සමූහ දයාරත්න කුමාරසිංහ

ආචාර්ය මිරිස්සේ ධම්මික ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන්, පාරමීදම් සංවිධානය, උපස්ථාන සභාව හා විහාරස්ථ දායක පින්වතුන්ගේ ධන පරිත්‍යාගයෙන්, ආර්ථික අපහසුතා ඇති පාසල් සිසුන් 2000 (දෙදහසක්) සඳහා පොත්පත් ඇතුළු පාසල් උපකරණ ලබාදීමේ වාර්ෂිකව සිදු කරන පින්කම, හතරවැනි වරටත්, බත්තරමුල්ල ‘සිරි සුදස්සනාරාම සදහම්’ සෙනසුනේ දී ඉකුත් දා සිදු කරන ලදී. එහිදී මිරිස්සේ ධම්මික හිමියන් විසින් පාසල් උපකරණ පිරිනැමූ අවස්ථාව.