Print this Article


අමුණුගොඩ වාර්ෂික පින්කම

අමුණුගොඩ වාර්ෂික පින්කම

අමුණුගොඩ කුඩුමිරිසේ ශ්‍රී පරාක්‍රමබාහු රජමහා විහාරස්ථානයේ 61 වෙනි වාර්ෂික පින්කම ජනවාරි 01 වෙනිදා ආරම්භ කැරිණි. ජනවාරි 01 – 10 දක්වා අසූමහා ශ්‍රාවක පූජා සහ 11 වනදා සිට 27 දක්වා ධර්මදේශනාද 28 වන දා සිට පෙබරවාරි 01 දක්වා තිස්පැය හතේ පිරිත් දේශනාවද ජන. 31 දොරකඩ අස්නද, පෙබරවාරි 02 මහා පෙරහර ද පැවැත්වේ. ධර්මදේශනා පිළිවෙළ මෙසේ ය. ජනවාරි 11 වැලමිටියාවේ කුසලධම්ම නාහිමි, 12 බොරැල්ලේ අතුල නා හිමි, 13 දිවියාගහ යසස්සී නා හිමි, 14 වතුරුවිල සුජාත හිමි, 15 නෙළුවාකන්දේ ඤානානන්ද හිමි, 16 ඉත්තෑපාන ධම්මාලංකාර අනු නා හිමි, 17 මහාචාර්ය දේවාලේගම මේධානන්ද හිමි, 18 මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, 19 නැදගමුවේ විජය මෛත්‍රී හිමි, 20 කිහිඹියේ විජිත හිමි, 21 නැදගමුවේ පඤ්ඤාලෝක හිමි, 22 පානකාවේ පේමරතන හිමි, 23 බ්‍රාහ්මණවත්තේ සීවලී නා හිමි, 24 ලුණුගම්වෙහෙර නාරද හිමි, 25 කෝම්පිටියේ සුසීල හිමි, 26 අක්මීමන ධම්මපාල හිමි, 27 හඟුරන්කෙත චන්දරතන හිමි, එම දම් දෙසුම් පවත්වනු ලැබේ.