Print this Article


<%on error resume next%> කතරගම මහ දේවාලයේ පෙරහර

කතරගම මහ දේවාලයේ පෙරහර

රුහුණු කතරගම මහාදේවාලයේ වාර්ෂික ඉල් මහා පෙරහර මේ මස 27 දින රාත්‍රී පැවැත්වේ.

පෞරාණික චාරිත්‍ර පුද සිරිත් වලට, මුල්තැනක් දෙමින් උඩරට, පහතරට, සබරගමුව හා රුහුණු ප්‍රදේශයට ආවේනික නැටුම්වලින්ද අලි ඇතුන්ගෙන්ද යුතුව පෙරහර පැවැත්වීමට රුහුණු කතරගම මහාදේවාලයේ බස්නායක නිලමේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා කටයුතු සංවිධානය කර ඇත.

මෙදින කතරගම මහාදේවාලයෙන් ඇරඹෙන දේව පෙරහර ගණදේවාලය කිරිවිහාරය ඉදිරිපිටින් අෂ්ඨඵල බෝධීන් වහන්සේ පුදක්‍ෂිණාකර මහා වාසල් දොරටුවෙන් මහාවීදියට පිවිසේ.

එම වීදියේ ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය ඉදිරිපිටින් පෙරහර ගමන් කර වල්ලි අම්මා දේවාලයට පැමිණේ. එම දේවාලයේ දී පෞරාණික චාරිත්‍ර පුදසිරිත් ඉටුකර පෙරහර යළිත් මහාවීදියේ ගමන්කර මහාදේවාලයට ගෙවදිනු ඇත.

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.