Print this Article


<%on error resume next%> ජනපති ඉල්ලීමකින් ස්වර්ණමාලි දන්වැට තවත් දොළොස් මසක් ඉදිරියට

ජනපති ඉල්ලීමකින් ස්වර්ණමාලි දන්වැට තවත් දොළොස් මසක් ඉදිරියට

අනුරාධපුර රුවන්වැලි චෛත්‍ය රාජයාණන් ඉදිරිපිට පැවැත්වූ ස්වර්ණමාලි දන්වැට (බත් දන්සල) ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ විශේෂ ඉල්ලීම මත තවත් දොළොස් මසක් ඉදිරියට පවත්වාගෙන යෑමට තීරණය කර ඇත.

අනුරාධපුර අටමස්ථාන වන්දනාවට නන්දෙසින් දිනපතා පැමිණෙන දහස් සංඛ්‍යාත බැතිමතුන්ට මේ බත් දන්සල මඟින් නොමිලේ දිවා ආහාරය පසුගිය වසර පුරා ලබාදෙන ලදී. ජනපති ඉල්ලීම මත තවත් වසරක් ඉදිරියට ස්වර්ණමාලි දන්වැට (බත්දන්සල) පවත්වාගෙන යෑම පිළිබඳ අදහස් දැක්වූ දන්වැට සභාපති ගොවිජන සේවා හා වනජීවි නියෝජ්‍ය අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා, “කුරිරු ත්‍රස්තවාදයෙන් රටත් ජාතියත් නිදහස් කර ගත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ආශිර්වාද පතා මෙම දන්වැට 2010.11.19 වෙනි දින ආරම්භ කළා. ගොවිජන සේවා හා වනජීවි අමාත්‍යාංශය එස්.එම්. චන්ද්‍රසේන පදනම හා සිව් හෙළ බෞද්ධ පදනම ඉතා සාර්ථකව දන්වැට පවත්වාගෙන ගියා. දන්වැට අරඹා අද (19) ට දොළොස් මාසයක් සම්පූර්ණ වෙනවා. බැතිමතුන් වෙනුවෙන් දන් දුන් සියලු දෙනාටත් දන්වැට ඇරඹීමට හා පවත්වාගෙන යෑමට උදව් උපකාර කළ අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේටත් රුවන්වැලි චෛත්‍යරාමාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේටත් මෙම අවස්ථාවේ දී නමස්කාර පූර්ව ගෞරව ස්තුතිය පුද කර සිටින අතර සිවිල් ආරක්‍ෂක බළකායට ද තුති පුද කරන්න අවස්ථාව කර ගන්නවා” යැයි පැවසීය.

ස්වර්ණමාලි දොළොස් මහේ දන්වැටේ (බත් දන්සලේ) සම සභාපති උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා “ලෝකයේ කිසිම රටක කිසිදු ජන සමාජයක නාඳුනන නොදන්නා කාටවත් නොමිලේ අවුරුද්දක් පුරා කන්න බොන්න දෙන්නේ නැහැ. ඒත් ස්වර්ණමාලි දන්වැට මඟින් ජනාධිපතිතුමාට ආශිර්වාද පතා දවස් තුන්සිය හැට පහක් නොකඩවා දන් දුන්නා. දස ලක්‍ෂය ඉක්ම වූ ජනතාවක් කුසගින්න නිවා ගත්තා. මෙම දන්සල පවත්වාගෙන යෑමට රජයේ මුදල් ශතයක් වත් වැය කළේ නැහැ.

තඹ ශතයක්වත් කාගෙන්වත් ගත්තේ නැහැ. දානපතියන්, පරිත්‍යාගශීලීන්, මහා සංඝරත්නය, මුස්ලිම් පූජකවරු, උතුරේ දමිළ ජනතාව පැමිණ අමුද්‍රව්‍ය ගෙනවිත් දන් සකසා මෙම දන්සල පවත්වාගෙන ගියා. ජනාධිපතිතුමාගේ විශේෂ ඉල්ලීම මත තවත් දොළොස් මසක් මෙම දන්වැට සාර්ථකව පවත්වාගෙන යෑමට සෑම දෙනාගේ ම සහයෝගය අපේක්‍ෂා කරනවා.”


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.