UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

<%on error resume next%> අත්හැරීමෙන් ලබන ජ‍ය

ලෝකය අප කැමැති විය යුතු ජයග්‍රහණයක් තියෙනවා. ඒ තමයි ‘අත් හැරීමෙන් ලැබෙන ජය’ මේක ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. යමක් අත්හැරීමෙන් ලබනවා කියන කාරණාව, උඩුගං බලා යනව වගේ නොවේද? උඩු යටි කුරු වෙච්ච කථාවක් නොවේද? නමුත් අත්හැරීමෙන් ජයග්‍රහණය කරන්ට පුළුවන්. අන්න ඒක කරන්න කැමැති වෙන්න හැබෑ අමාරුයි. යම් කෙනෙක් එයට කැමැති වුණොත් එයසැප කරාම යනවා.

ලෝකයේ ජය පැරදුම කියල දෙකක් තියෙනවා. මනුෂ්‍යයා කැමැති වෙන්නෙ කෝකටද? සතුන් කැමැති වෙන්නෙ කෝකටද? ජයග්‍රහණය කරන්ටයි. කවුරුත් කැමැති ජයග්‍රහණ කියන්නෙ.සැප ඇති කරන එකක් ද, දුක ඇති කරන එකක් ද , ජයග්‍රහණයනුත් දෙකක් තියෙනවා. එක ජයග්‍රහණයක් සැප ඇති කර දෙනවා.ඒක ජයග්‍රහණයක්, දුක ඇති කරල දෙනවා. අප කැමැති වෙන්ට ඕන කෙබඳු ජයග්‍රහණයක් ලබන්නද? සැප ඇති කරගන්නා වූ ජයග්‍රහණයටද, එහෙම නැත්නම් දුක ඇති කරගන්නා වූ ජයග්‍රහණයටද අප කැමැති වෙන්න ඕන. සැප ඇති කරගන්නා වූ ජයග්‍රහණයකට අප කවුරුත් කැමැති විය යුතුයි.

එවිට සැප ඇති කරන්නා වූ ජයග්‍රහණය මොකක්ද? දුක ඇති කරන්නා වූ ජයග්‍රහණය තමයි යමක් අල්ලගෙන ජයග්‍රහණය කිරීම , අප යමක් ඇති කරගන්නවා , අත්කරගෙන , මම දිනුව කියල සිතනව, ඒකත් ජයග්‍රහණයක් තමයි,ඒකෙන් පුංචි සැපයකුත් තියෙනවා තමයි. හැබැයි මහා දුකක් එතෙනම තියෙනවා. ඒ නිසා අන්න එබඳු ජයග්‍රහණයකට අප කැමති නොවිය යුතුයි.

ලෝකය අප කැමැති විය යුතු ජයග්‍රහණයක් තියෙනවා. ඒ තමයි ‘අත් හැරීමෙන් ලැබෙන ජය’ මේක ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. යමක් අත්හැරීමෙන් ලබනවා කියන කාරණාව, උඩුගං බලා යනව වගේ නොවේද? උඩු යටි කුරු වෙච්ච කථාවක් නොවේද? නමුත් අත්හැරීමෙන් ජයග්‍රහණය කරන්ට පුළුවන්. අන්න ඒක කරන්න කැමති වෙන්න හැබෑ අමාරුයි. යම් කෙනෙක් ඒකට කැමැති වුණොත් ඒක සැප කරාම යනවා.

අප ඇහැට පේන දෙය අත්කරගන්ට කැමැති වෙනවා. ඊට පස්සේ ඒක අත්කරගෙන ‘මම දිනුව’ කියල කල්පනා කරනවා, කනට ඇහෙන දේ කථා කරන්ට කැමැති වෙනවා. අත් කරගෙන මා දිනුව කියලා කල්පනා කරනවා. ඒ වගේම තමයි නාසයට , දිවට, කයට, මනසට මේවට ගෝචර වන්නා වූ දෙය අත්කරගන්නට කල්පනා කරනවා. ඒවා අත්කරගෙන මා දිනුව කියලා කල්පනා කරනවා. නමුත් ඒ ජයග්‍රහණය දුක් දොම්නස් තැවීම් එක්ක මුසුවෙලා තියෙන්නෙ.ඒ නිසා කිසිකලෙක අල්ලා ගැනීමෙන් ලබන ජයග්‍රහණයට කැමැති වෙන්ට එපා. අත්හැරලා දිනන්න කල්පනා කරන්න.

සිතට එන රාගය අල්ලගෙන දිනන්න නේද අප කල්පනා කරන්නෙ? රාගයක් සිතට ආවොත් , ඒ රාගය සිතේ පවත්ව පවත්වා සැප ලබන්ට කැමති ලෝකයක් නේද තියෙන්නේ. හැබැයි රාගය පස්සෙන් එන මහා ගින්නක්. ඒ නිසයි භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ රාගය දුකසේ අතහරින්න කියලා. ඒ වගේම තමයි ද්වේෂය සිතට තරහක් ආවොත් ඒක පවත්ව පවත්වා සතුටු වෙන්න නේද සිත කැමැති.? ඒක අතහරින්න සිත කැමැතිද? ඒ තරහ පවත්වල දිනන්ට නේද බොහෝ දෙනෙක් කැමැති වෙන්නෙ. අන්න ඒ ලෝකයන් අප නිදහස් වෙන්ට ඕන. සිතට තරහක් ආපුවාම ඒ තරහක් අතහැරල දිනන්ට අප කැමැති වෙන්ට ඕන.

භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දුන්නෙ, ද්වේෂය දුකසේ දුරු කර යුතුය කියලා. නමුත් තරහ දුරු නොකරගන්නා වූ කෙනා ද්වේෂය පවත්ව පවත්වා ඒකෙන් සැපක් ලබන්න කල්පනා කරනවා. එතෙන පුංචි සැපක් තියෙනවා. නමුත් ඒ සැපත් එක්ක මහා දුකක්, ගින්නක් පිටිපස්සෙ තියෙනවා. ඒ නිසා ද්වේෂයට කැමති වෙන්න එපා. ඒක දුකසේ දුරු කරල දාන්න. ඒ වගේම තමයි භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා මෝහය දුකසේ දුරු කරන්න කියලා. මෝහයත් පුංචි සැපක් තියෙන දෙයක් තමයි. ඒ නිසා මිනිසුන් ඒ මෝහය පවත්ව පවත්වා ඒ සැපට කැමැති වෙනවා. හැබැයි ඒ සැපත් එක්කම මහා දුක් ගොඩක් ,ගිනිගොඩක් පිටිපස්සෙන් එනවා. ඒ නිසයි අපට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ , මෝහය දුකසේ දුරු කරන්න කියලා.

ඒ නිසා ආන්න ඒ රාගය , ද්වේෂය මෝහය අතහැරලා ලබන ජයග්‍රහණයට කැමති වෙන්නේ. ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළේ යමක් නම්, ආන්න ඒක කරන්න ඒ ශ්‍රාවකයා කැමති වෙනවා. ඉතින් මේ දුකසේ දුරු කළ යුතු දේවල් දුකසේ දුරුකරලා ලබන ජයග්‍රහණය බණ භාවනා දියුණු කරගන්න කෙනෙකුට අවශ්‍යයි.

ඒ විදියට දුකසේ දුරුකර ගත යුතු දේවල් පවත්ව පවත්වා භාවනාවකින් අල්ප හෝ ප්‍රතිලාභයක් ලබන්ට බෑ. භාවනාවකින් ප්‍රතිලාභ ලබන්ට කැමැති කෙනා, දුකසේ දුරුකරගත යුතු දේවල් දුරු කළ යුතුයි. ඒවා අත්හැරීමෙන් ලැබෙන ජයග්‍රහණය ලබා ගන්න දක්ෂ කෙනාට භාවනාවකින් සාර්ථක ප්‍රතිඵල ලබන්ට පුළුවන්. එහෙම නැති කෙනා භාවනාත් කරයි. ඉඳගෙනත් ඉඳියි. භාවනා කියලත් දෙයි. හැබැයි සැබෑ ජයග්‍රහණයක් ලබන්ට එයාට බැරිව යනවා.

ඒ නිසා ඒ දුකක් සේ දුරු කරගත යුතු කාරණා හොදින් තේරුම් ගන්න. තේරුම් අරගෙන ඒවා අත්හරින්න. අත්හැරලා , අත්හැරීමෙන් ලබන ජයග්‍රහණයට හිමිකරුවෝ වෙන්ට බලන්න. එවිට අපට පුළුවන් බණ භාවනා කරල ඒ භාවනාව අපේ ජීවිතයට සාර්ථක ප්‍රතිඵල ඇති කර ගන්ට. ඒ කාරණා දැනගන්නේ නැතිව අපට භාවනාවකින් සිත දියුණු කරන්ට බැරි වෙලා යනවා. සියලු දෙනාටම අත්හැරීමෙන් ලබන ජයග්‍රහණය අත්කරගැනීම පිණිස භාග්‍ය උදාවේවා.!

 

වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය නොවැම්බර් මස 06 වනදා අඟහරුවාදා අපරභාග 05.34 ට ලබයි.
07 වනදා බදාදා අපරභාග 06.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 06 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය නොවැම්බර් 13 වැනිදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 06

New Moonඅමාවක

නොවැම්බර් 13

First Quarterපුර අටවක

නොවැම්බර් 20

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]