Print this Article


<%on error resume next%> ලක්‍ෂ වාරයක් බණ ඇහුවත් එපා වෙන්නේ නෑ

ලක්‍ෂ වාරයක් බණ ඇහුවත් එපා වෙන්නේ නෑ

අනුශාසනාවක් අප යම් අයකුට ලබා දෙන්නේ වරදින්නට පළමුවයි. මේ මඟ ගියොත් ඔබට මෙසේ ජය ලබන්නට පුළුවන් යැයි නිවැරැදි මඟත්, මේ මඟ ගියොත් නුඹට මෙසේ වරදින්නට පුළුවන් යැයි වැරැදි මඟත් පෙන්වා දෙනවා.වරදින්නට පළමුව නිවැරැදි මඟ පෙන්වා දී පුද්ගලයා නිවැරැදි මඟට යොමු කරන්නේ අනුශාසනාව මඟින්. එසේම අපට අවවාදය බොහෝ විට ලැබෙන්නේ යමක් වැරැදුනාට පසුවයි.යම් කිසි වැරැදීමක් සිදු වුණු කළ ‘ඔහොම කරන්න එපා, ඔහොම කළොත් අපට මෙහෙම කරන්න වෙයි’ යනුවෙන් අවවාදය ලබා දෙනවා.

බුදුරජාණන් වහන්සේ ලෝකවාසීන් හමුවේ දේශනා කළ සම්‍යක් සම්බුද්ධ ධර්මය ප්‍රතිපත්තියක් ලෙස අපට ජීවිතයට ළං කර ගන්න පුළුවන්. සම්බුද්ධ ධර්මය තුළ තිබෙන්නා වූ සුවිශේෂීත්වය තමයි අනුශාසකත්වය සමාජගත කිරීම. අප නිතරම භාවිතා කරනු ලබන ‘අනුශාසකත්වය’ හා ‘අවවාද’ යන ධර්මතා දෙකම සමාජයේ යහ පැවැත්මට අත්‍යවශ්‍යයි.

වැරැදීමට පෙර අනුශාසනාව

අනුශාසනාවක් අප යම් අයකුට ලබා දෙන්නේ වරදින්නට පළමුවයි. මේ මඟ ගියොත් ඔබට මෙසේ ජය ලබන්නට පුළුවන් යැයි නිවැරැදි මඟත්, මේ මඟ ගියොත් නුඹට මෙසේ වරදින්නට පුළුවන් යැයි වැරැදි මඟත් පෙන්වා දෙනවා.

වරදින්නට පළමුව නිවැරැදි මඟ පෙන්වා දී පුද්ගලයා නිවැරැදි මඟට යොමු කරන්නේ අනුශාසනාව මඟින්.

එසේම අපට අවවාදය බොහෝ විට ලැබෙන්නේ යමක් වැරැදුනාට පසුවයි.යම් කිසි වැරැදීමක් සිදු වුණු කළ ‘ඔහොම කරන්න එපා, ඔහොම කළොත් අපට මෙහෙම කරන්න වෙයි’ යනුවෙන් අවවාදය ලබා දෙනවා.

අවවාදය

පවට පිනට වඩා මෙහිදි දඬුවමක් ලබාදෙන බව පවසා වරදට යොමුවන තැනැත්තා එයින් මුදා ගැනීමට කටයුතු කරනවා. කුඩා දරුවකුට නම් ‘අත පුච්චනවා , කට පුච්චනවා ‘ යනුවෙන් දඬුවම් ඉදිරිපත් කරමින් ඔවුන් වරදින් වළකා ගැනීමට අවවාද ලබා දෙනවා.

තරුණ වියට පිවිසෙන දූ දරුවන්ට නම් ‘අම්මට කියනවා, තාත්තට කියනවා, යනුවෙන් ඔවුන්ට අවවාද ලබා දෙනවා. මේ අයුරින් අවවාදයක් උපරිම ලෙස කළ හැක්කේ අවස්ථා තුනකදී පමණයි. එය සිවුවැනිව සිදු කරන්නේ නැහැ. දඬුවමක් ඉදිරිපත් කර දඬුවම ලබා දෙනවා.

එමෙන්ම දෙතුන් වරකට වඩා සමාජය අවවාද අසන්නටත් සූදානම් නැහැ. දෙතුන් වරකට වඩා අවවාද ලැබුණු කල්හි එය කරදරයක් ලෙස සලකා අවවාද දෙනු ලබන සමාජය කෙරෙහි නැත්නම් අවවාද දෙන්නා කෙරෙහි වෛරයක් ඇති කර ගන්නවා. ඒ නිසා අවවාද යන්නෙහි ස්වභාවය වන්නේ වැරැදුණු කල ලබා දීම මෙන්ම නිතර නිතර ලබා දීමෙන් වැළකීමයි. අවවාද ලබන්නා ඇතැම් විට එයින් පෙර වරද නොකරන්නත්් පුළුවන්. නැත්නම් අවවාදය නොසලකා පෙර වරද යළි කරන්නත් පුළුවන්.

අනුශාසනාව එසේ නොවේ. කෙතරම් ධර්මානුශාසනා ශ්‍රවණය කර තිබුණත් , උගත් විනයධර ධර්මධර භික්‍ෂූන් වහන්සේ එය දේශනා කර තිබුණත් එපා නොවී යළි යළිත් ශ්‍රවණය කරනවා. ලක්ෂවාරයක් ඇහුවත් එපා වන්නේ නැහැ.

මොකක්ද ඊට හේතුව අනුශාසනාවේ කරුණාව, මෛත්‍රිය ,පරිත්‍යාගය, පි‍්‍රයවචනය, වැනි ගුණාංග අඩංගු වනවා.

රාහුල පොඩි හාමුදුරුවන් උදෑසනින්ම මළුපෙත් මං ඇමද වැලි දෝතක් උඩ දමා ප්‍රාර්ථනා කරන්නට ඇත්තේමේ වැලි කැට ගණනට මට අවවාද ලැබේවා යන්නට වඩා මට අනුශාසනා ලැබේවා යන්න විය යුතුයි. ඇත්තෙන්ම නිවැරැදි ආකාරයෙන් සලකා බලන විට අපට පෙනී යන්නේ අවවාද බලාපොරොත්තු වන්නේ අවවාද ලැබිය යුත්තේ වැරැදි වැඩ කරන පුද්ගලයන්ට බවයි.

අපට පෙනෙන විවිධ ජීවිත හානි කර ගැනීම් හා ජීවිත වරද්දා ගැනීම් දෙස සලකා බලන විට පෙනෙන්නට ඇත්තේ අනුශාසනා කෙතරම් තිබුණත් ලැබුණත් ඒවා අසනවාද ශ්‍රවණය කරනවාද පිළිපදිනවාද යන්නයි. යමක් වූ කල අප කියනවා සමාජයේ අයට අවවාද අනුශාසනා ලබා ගන්න විදිහක් නෑ කියලා.

නමුත් මඳකට සිතා බලගන්න. සමාජයේ කොයිතරම් අනුශාසනා තිබුණත් ඒවා ලබා ගැනීමට ඒ අනුව කටයුතු කරන්නේ කීදෙනෙක්දැයි කියා.

බුද්ධානුශාසනාව

උතුම් වූ බෞද්ධ දර්ශනයක් මේ රට තුළ තිබෙනවා. ඒ නිසා අප පළමුව අනුශාසනාව තුළ පෙනී සිටියහොත් අපට බොහෝ දේ නිවැරැදිව කළ හැකිවනවා.

බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව බලන්න

සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියො දපනං
ඒතං බුද්ධානු ශාසනං

මේ තුළ පැහැදිලි කර තිබෙන්නේ කුමක්ද? තමන්ගේ සියලු අකුසල් වලින් ඈත්වන්න. කුසලයෙහි නියැළෙන්න. තමන්ගේ සිත දමනය කරගන්න. අද සමාජයේ බොහෝ අය තුළ දක්නට නැත්තේ මෙයයි. සියලු බුදුවරයන් වහන්සේගේ දේශනාව මෙයයි.

පවින් වළකින්න
කුසලයෙහි යෙදෙන්න
සිත දමනය කරගන්න

මේ ගුණදහම් තුන තමන්ගේ ජීවිතයට ඇතුළු කර ගන්නේ නම් එතැනම මෙලොව ජීවිතයේ මෙන්ම පරලොව ජීවිතය සඳහාත් අප බලාපොරොත්තුවන දේ ඉටුවනවා.

එහෙත් කෝ මේ ගුණදහම් අනුශාසනා අගයන අය අපට කියන්න බැහැ. අනුශාසනා සමාජයේ නැහැ කියා. අනුශාසනා ගන්න සූදානම් නැහැ. අප ධර්ම ශ්‍රවණය කරන්න ඕන. පන්සල් යන්න ඕන. පසළොස්වක පෝය දිනයටවත් පන්සලකට නොයන අය කී දෙනෙක් ඉන්නවද?

පෝදාට පන්සලට

පන්සලට එන්න සම්ප්‍රදායයක් හැටියට වෙන්කර ගෙන තියෙන පසළොස්වක පොහෝ දිනයේවත් ඔබ පන්සලට එනවාද?

මෙම ක්‍රියාදාමයේ අනෙක් පැත්තද සලකා බැලිය යුතු වනවා. අපට දානය ලබා දෙන, චීවර ලබාදෙන පොදුවේ ගත් කල සිවුපසයම ලබාදෙන ගිහියා පවින් වැළැක්වීමට කුසලයෙහි යෙදවීමට සිත් දමනය කිරීමට අවශ්‍ය කටයුතු පන්සලෙන් සිදුවනවාද? අඩුම වශයෙන් පොහෝ දින කටයුතුවත් නිසි ලෙසින් ඉටුවනවාද? මෙම කාර්යයන් ගැනද අප සැලකිලිමත් විය යුතුවනවා.

මේ නිසා අඩුම වශයෙන් ගමක ඉන්න පිරිමි ටික පන්සලට ගෙන්වාගෙන ඔවුන්ට අනුශාසනා කරන්න. කටයුතු කළ යුතුවනවා. කාන්තාවන් දූ දරුවන් නිරන්තරවම විහාරස්ථානයට එනවා. නොපැමිණෙන පිරිමියාටයි අනුශාසනය අවවාදය අවශ්‍ය වන්නේ.

මේ නිසා අඩුම වශයෙන් ඉරිදා දින කුමන කාර්යයක් තිබුණත් සියලු දෙනා පන්සලට ගෙන්වා ගන්න ක්‍රමයක් හදාගන්න ඕන. නිවසේ පිරිමින්ට වගකීම් ලබා දෙන එක පිරිමියාට දරුවන්ට බිරියන්ට සලකන හැටි කියල දෙන්න ඕන. පිරිමියාට ගෙදරක ඇතිවන ප්‍රශ්න කියල දෙන්න ඕන. පිරිමියා සදාචාර කරන්න ඕන. දුරාචාරයෙන් වළක්වා ගන්න ඕන. එයින් තවත් අයෙක් දුරාචාරය කරා ඔහු යොමු කර ගැනීම වළක්වන්න පුළුවන්.

සදාචාර මාර්ගයේ ගමන් කරන්නා නිරතුරුවම අනෙක් පුද්ගලයාද හැකි තරම් ඒ මාර්ගයට යොමු කරගන්න බලනවා. එක් අයෙක් හෝ නිවැරැදි මඟට යොමු කරනවා නම් සමාජයට කළ හැකි ලොකුම සේවය එයයි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.