UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

<%on error resume next%> සැමට සෙත සලසන පඩිකාරමඩුව ශ්‍රී ජයවර්ධනාරාමය

සැමට සෙත සලසන පඩිකාරමඩුව ශ්‍රී ජයවර්ධනාරාමය


බුද්ධ ප්‍රතිමා වහන්සේ

ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කුරුණෑගල කොළණියේ පිහිටි පඩිකාරමඩුව ශ්‍රී ජයවර්ධනාරාමය බෞද්ධ ආගමික වශයෙන් සුවිශේෂි විහාරස්ථානයකි.
 


නිමැවෙමින් පවතින ප්‍රතිමා

1962 වර්ෂයේ දකුණූ හුරුළු පළාතේ ප්‍රධාන සංඝනායක සද්ධානන්ද නාහිමියන් වැඩ සිටි සමයේ මෙම විහාරස්ථානය ගොඩනගන ලදී. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ පරිවාර බෝධියක අංකුරයක් 1952 වර්ෂයේ පමණ මේ විහාරස්ථානයේ රෝපණය කර තිබීම විශේෂිත වෙයි.

මෙම උතුම් බෝධින් වහන්සේගේ පිහිට ආශිර්වාද ලබා ගනිමින් රෝග, දුක්, කම්කටොලු ,අපල දුරු කර ගැනීමට ඈත දුර ප්‍රදේශවල සිට බෝධි පූජා පවත්වා භාරහාර වීමට ජනතාව විශාල වශයෙන් පැමිණෙති. තිස්වසරක කුරිරු යුද්ධය නිමවි රටට සාමය උදාවේවායි ප්‍රාර්ථනා කරමින් 84000ක පහන් පූජා මෙන්ම ආශිර්වාද ලබා ගැනීම උදෙසා ආගමිකව සිදුවිය යුතු සේවයට බෝධි පූජා පැවැත්වීමට මෙම විහාරස්ථානය නිබඳව කැප වූ බව ප්‍රදේශවාසීහු පවසති. වර්තමාන විහාරාධිපති වන කන්නිමඩුවේ ධම්මානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් බෞද්ධ ආගමික සමාජීය සුවිශාල සේවයක් අද වන විට මේ විහාරස්ථානයෙන් ලැබී තිබීමද අගය කළ යුතුය. කුරුණෑගල කොළණිය, වෙහෙරගල, බණ්ඩාරගම, සුබශක්තිගම, රඹෑව,නුවරගම්කොලනිය ආදි ප්‍රදේශ රැසක ජනතාව ආගමික කටයුතු උදෙසා නිරතුරුව පැමිණෙති. මෙම විහාරස්ථාන දායක සභාවට අනුබද්ධිත හාරසිය (400) දෙනෙක් පමණ සිටිති.


අභිනවයෙන් ඉදි කළ චෛත්‍යය

එසේම ශ්‍රී ජයවර්ධනාරාම දහම් පාසල තුළින් ගුණගරුක යහපත් අනාගත පරපුරක් නිර්මාණය කිරීමට කැපවී කටයුතු කරයි.මේ වන විට හාරසියයක් පමණ දරු පිරිසක් එහි අධ්‍යාපනය හදාරති. දහම් දැනුමෙන් පිරිපුන් ඔවුන් කථික තරග ,රචනා පද්‍ය තරගවලින් සමස්ත ලංකා මට්ටමේ කුසලතාවන් දැක්වීමටද සමත්ව ඇත. පඩිකාරමඩුව ශ්‍රී ජයවර්ධනාරාම පුදබිමේ රෝපණය කර ඇති ඉපැරණි බෝධින් වහන්සේගේ අතු අක්කර භාගයක පමණ ප්‍රදේශයක්පුරා වැසී පැතිරී ඈතට විහිදී ඇති හෙයින් එම අතු ආරක්ෂා කර ගැනීමට ආධාරක යෙදීමට අවශ්‍ය වී තිබේ.මෙම බෝධින් වහන්සේ මතු පරපුර වෙනුවෙන්ද ආරක්‍ෂා විය යුතු බව අවධාරණය කළයුතු වෙයි.


සැතපෙන බුදු පිළිම වහන්සේ

අක්කර පහක් (05) පමණ වන මෙම විහාරස්ථාන පුදබිමේ අභිනවයෙන් චෛත්‍යයක් ඉදිකර ඇත. ඉපැරණි විහාර මන්දිරය සහ ධර්ම ශාලාව ඉතා අලංකාරවත්ව ඉදිකර ඇත. එසේම අටවිසි බුද්ධ මන්දිරය සහ දහම් මන්දිරය අභිනවයෙන් ඉදිවෙමින් පවතී. එම විහාරස්ථානයේ දෛනික ආගමික වතාවත්වල නිරිත වන කුරුණෑගල කොළණිය, පඩිකාරමඩුවේ පදිංචි ආනන්ද රණවීර මහතා දැක්වූ අදහස්. ‘‘මා සෑම දිනම මේ විහාරස්ථානයේ බෝධින් වහන්සේට පුද පූජා පවත්වමින් වතාවත් වල නිරත වනවා. මේ ප්‍රදේශයට මේ විහාරස්ථානයෙන් ආගමික සමාජීය වශයෙන් සුවිශාල සේවාවක් සිදුවනවා. එය කාලීන වශයෙන් ඉතා වැදගත්’’. බෝධින් වහන්සේ වටා ආරක්‍ෂිත පවුරක් ඉදිකිරීමට අවශ්‍යව තිබෙන බවද හෙතෙම සඳහන් කරයි.


කන්නිමඩුවේ ධම්මානන්ද හිමි

පන්සලෙන් ගමට සමාජයට ලැබිය යුතු යහපත් දෑ එලෙසින්ම පඩිකාරමඩුව ශ්‍රී ජයවර්ධනාරාමයෙන් සැලසීම අපි අගය කළ යුතුවෙමු.

 


පැරණි බෝධින් වහන්සේ

 

 

 

 

 

 

නිකිණි පුර අටවක පෝය

නිකිණි පුර අටවක පෝය ඔක්තෝබර් මස 21 වැනිදා ඉරිදා අපරභාග 09.51 ට ලබයි. 22 වැනිදා සඳුදා අපරභාග 08.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ඔක්තෝබර් 22 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
ඔක්තෝබර් 29 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 29

Second Quarterඅව අටවක

නොවැම්බර් 06

New Moonඅමාවක

නොවැම්බර් 13


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]