UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා දිස්ත්‍රික් ඇගයීම් ඔක්තෝබර් 28 ට කල්යයි

සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා දිස්ත්‍රික් ඇගයීම් ඔක්තෝබර් 28 ට කල්යයි

බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හා සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලය වාර්ෂිකව එක්ව පවත්වනු ලබන දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් වැඩසටහනේ දෙවන අදියර වන සමස්ත ලංකා දහම් පාසල් දිස්ත්‍රික් සිසු නිපුණතා ඇගයීම් වැඩසටහන 2012 ඔක්තෝම්බර් මස 21 වන පැවැත්වීමට නියමිතව තිබුණ ද නොවැලැක්විය හේතුවක් මත ඔක්තෝබර් මස 28 දින පෙරවරු 8.30 ට පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත. 2012 සැප්තැම්බර් මස 23 වන දින පවත්වන ලද දහම් පාසල් සිසු නිපුණතා ප්‍රාදේශීය ඇගයීම් වැඩසටහනේ දී ප්‍රාදේශීය මට්ටමෙන් පළමු ස්ථාන හිමිකරගත් දරු දැරියන් 12168 ක් මධ්‍යස්ථාන 19 කදී පැවැත්වෙන මෙම වැඩසටහනට සහභාගිවීමට නියමිතය. ප්‍රායෝගික දැනුම, දහම් දැනුම, ගාථා ගායනා, පද්‍ය හා ගාථා ගායනා, ගද්‍ය රචනා, කථික හා බෞද්ධ චිත්‍ර ලෙසින් නිපුණතා ඉසව් 39 ක් යටතේ මෙම ඇගයීම් වැඩසටහන පැවැත්වෙන අතර මෙහිදී පළමු ස්ථාන හිමිකරගන්නා දරු දැරියන් 819 ක් (දිස්ත්‍රික්කයකින් 39 දෙනා බැගින්) දෙසැම්බර් මස පුත්තලමේ දී පැවැත්වෙන සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් වැඩසටහන ඉදිරිපත් කිරීමට නියමිත බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් දන්වා සිටියි.

 

බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය ඔක්තෝබර් මස 14 වැනි දා ඉරිදා අපරභාග 08.30 ට ලබයි. 15 වැනි දා සඳුදා අපරභාග 05.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 15 වැනි දා සඳුදාය.

මීළඟ පෝය ඔක්තෝබර් 22 වැනි දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 15

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 29

Second Quarterඅව අටවක

නොවැම්බර් 06

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]