Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - මාතර බෝධියේ දම් දෙසුම්

 මාතර බෝධියේ දම් දෙසුම්

මාතර බෝධි ආරක්‍ෂක සභාව ආරම්භ කර වසර 50 ක් සපිරීම නිමිතිකොට සිදුකරන ධර්ම දේශනා මාලාවක් මේ මස 03 වැනි දින සිට 16 වැනි දින දක්වා පැවැත්වේ. සෑම දිනකම රාත්‍රි 7 සිට 8. 30 දක්වා පවත්වනු ලබන ධර්ම දේශනා මාලාවේ මේ මස 08 වැනි දින පොල්පිටි මූකලානේ පඤ්ඤාසිරි හිමි ද, 09 වැනිදා බණ්ඩාරවෙල අමිතානන්ද හිමි ද, 10 වැනිදා ඉඟුරුවත්තේ ධම්මගවේෂි හිමි ද, 11 වැනිදා ශාස්ත්‍රපති තලල්ලේ චන්දකිත්ති හිමි ද 12 වැනිදා කොටපල අමරකිත්ති හිමිද, 13 වැනිදා දර්ශනපති අගලකඩ සිරිසුමන හිමිද, 14 වැනිදා ශාස්ත්‍රපති දිවියාගහ යසස්සි හිමි ද, 15 වැනිදා මිරිස්සේ ධම්මික හිමිද, 16 වැනිදා ශාස්ත්‍රපති දරනාගම කුසලධම්ම හිමියන් විසින්ද ධර්ම දේශනා පැවැත්වීමට නියමිතය. 17 වැනිදා රාත්‍රි 9 සිට පහන් වනතුරු සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය ද 18 වැනිදා 50 නමක් උදෙසා සපිරිකර සංඝගත දක්ෂිණාවක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.