UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

ලුණුවිල, දකුණු මිරිස්සන්කොටුව, අංක 96 ලිපිනයේ එස්.එන්. මල්ලිකා මහත්මියගේ හිසේ ගෙඩියක් හටගැනීම නිසා ඇගේ දෑස් නොපෙනී යමින් පවතී. ඇයට සිදු කළ යුතු ශල්‍යකර්මයට ආධාර පතා ලංකා බැංකුවේ වෙන්නප්පුව ශාඛාවේ 1890798 ගිණුමට මුදල් බැර කරන මෙන් ඉල්ලා සිටී.


 මාතර, වල්ගම, වැවහමන්දුව ෆ්රැන්සිස් කන්දම්බි මාවතේ අංක 2 ලිපිනයේ පදිංචි කේ. වයි. මහේෂ් සංජීව ( 29 ) මහතා වකුගඩු රෝගයෙන් පෙළෙන බැවින් මොහුට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍යව ඇත.

ඒ සඳහා වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වතෙක් සිටී නම් පහත සඳහන් දුරකථන අංකවලට හැකි ඉක්මනින් අමතන ලෙස ඔහු ඉල්ලා සිටී. දු. අ. 0716898333, 0715346870


නො. 202/05, පහල කරගහමුණ, කඩවත ලිපිනයෙහි පදිංචි කේ. ඒ. දයානන්ද වන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින්, වකුගඩුවක් බද්ධ කිරීමට අත්‍යවශ්‍ය බව විශේෂඥ වෛද්‍යවරු විසින් තීරණය කර ඇත.

‘ඕ පොසිටිව්’ වර්ගයේ රුධිරය සතු පරිත්‍යාගශීලියෙකු වෙතොත් පහත අංකවලට අමතන මෙන් ඉල්ලා සිටියි. දුරකථන අංක : 0112929813, 0112925455


අනුරාධපුර තවරක්කුලම ‘මනහර’ ලිපිනයේ පදිංචි ටී. සුමනාවති මහත්මිය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඇයට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට විශේෂඥ වෛද්‍ය රජිව් දසනායක මහතා නිර්දේශ කර තිබේ.

වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වතකු වේ නම් 025 3251633, 071 8172117 හෝ 0777 884062 දරන දුරකථන අංකයන් වෙත දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි.


එස්.පී.ඒ. චන්ද්‍රසේන මහතා දැනට අසාධ්‍ය වකුගඩු රෝගයකින් පෙළෙන බැවින්, ඔහුට වකුගඩුවක් වහා බද්ධ කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරු උපදෙස් දී ඇත.

“ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති බැවින් 0774801520, 011 2723796 දුරකථන අංක වෙතින් විමසන්නැයි ඉල්ලීමක් කැරේ.


වාද්දුව මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙනේ කෙම්පිටිකන්දේ දේවානන්ද හිමියන් බලවත් ලෙස වකුගඩු රෝගයෙන් පෙළෙන බැවින් උන්වහන්සේට ඉක්මණින් වකුගඩුවක් බද්ධ කළයුතු යැයි වෛද්‍යවරු පවසයි. ඒ සඳහා ‘බී පොසිටිව්’ වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පරිත්‍යාගශීලියෙකු වේනම් අංක 038- 2232655 / 071- 4394118. (දොඩම්මුල්ලේ චන්දානන්ද හිමි) අමතන ලෙස ඉල්ලා සිටියි.





 



කාන්ති, අලුත්මාවත, මුංහේන පාර, මග්ගොන පදිංචි පානදුර බාලිකා මහ විද්‍යාලයේ දොළොස් වන ශ්‍රේණියේ ගණිත අංශයෙන් උසස් පෙළ හදාරන කේ.පී.තරුෂී හිමාලා සිල්වා ශිෂ්‍යාව දරුණු ලියුකේමියා රෝගයකින්  (Acute Myeliod Leucaemia) පෙලෙන අතර ඇයට ඇට මිදුලු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදු කළ යුතු බව වෛද්‍ය නිර්දේශයයි. ඒ සඳහා ඉන්දියාවේ දී මෙම සැත්කම කිරීමට ලක්‍ෂ 70 කට අධික මුදලක් වැයවන බව වෛද්‍යවරු ප්‍රකාශ කරයි. මේ සඳහා මුදල් ආධාර කිරීමට හැකි පරිත්‍යාගශීලීන් වේ නම් මහජන බැංකුව, මග්ගොන ශාඛාවේ ගිණුම් අංක 282 – 2 – 002 – 90009390 ට මුදල් බැර කරන ලෙස ඉල්ලා සිටියි. වැඩි විස්තර දුරකථන අංක 077 3702822 / 034 2227277 ලබාගත හැකියි.


 


පල්ලෙවෙල තෝරපිටිය අංක 12 හි නිවසේ පදිංචි ඩී.එම්. ආරියරත්න දේවගිරි මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුට  O +, O-, B+සහ B -යන රුධිර කාණ්ඩ වලට අයත් වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය යැයි, වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇත. ඒ සඳහා යම් පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකථන අංක 071 8389969/ 0783909320 අමතන ලෙස ඉල්ලා සිටියි.


අහංගම තිත්තගල්ලේ මාකුඹුර මැදගොඩ පදිංචිව එච්.කේ.කුලරත්න මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙලේ. “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බැවින් එම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලීන් ඇත්නම් දුරකථන අංක 077 6259446, 077 5225283 ට හෝ 077 6259446 දන්වන ලෙස ඉල්ලා සිටියි. මේ බද්ධ කිරීම සඳහා රුපියල් ලක්‍ෂ 12 පමණ වැය වන බැවින් යම් පරිත්‍යාගශීලීන් වේ නම් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හබරාදූව ශාඛාවේ 9557500 ට හෝ ලංකා බැංකුවේ කොග්ගල ශාඛාවේ ගිණුම් අංක 073 58003220 ට ඔබේ ආධාර බැර කරන ලෙස ඉල්ලා සිටී.


දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන චමිලා ප්‍රනාන්දු මහත්මිය එක් දරු මවකි. ඇයට “ඒ, බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය කෙරේ. වකුගඩුවක් පිරිනැමීමට කැමැති පරිත්‍යාගශීලීන් වේ නම් අංක 071 4468275 හෝ 072 3744377 අමතන්න. 40, දක්‍ෂිණාරාම පාර, ගල්කිස්ස යන ලිපිනයට දැනුම් දිය හැකිය.


දරුණු වකුගඩු රෝගයකට ගොදුරුව සිටින අසාධ්‍ය රෝගියෙකුට “ඒ හෝ ඕ” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය ඇති බැවින් පරිත්‍යාගශීලියෙකු වේ නම් වකුගඩුවක් ලබා දෙන මෙන් ඔහුගේ භාර්යාව ඉල්ලා සිටියි. පහත දුරකථන අංක වලින් වැඩි විස්තර දැනගත හැකියි. 0777 808835, 075 5423448, 072 8859806

 

බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 29 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 08.06 ට ලබයි.
30 වැනිදා ඉරිදා පූර්ව භාග 08.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 29 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 08 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 08

New Moonඅමාවක

ඔක්තෝබර් 15

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]