UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ඓතිහාසික වාද්දුව තල්පිටිය දළදාවත්ත මහා විහාරය


දළදාවත්ත මහා විහාරයේ චෛත්‍යරාජයාණන් වහන්සේ

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ, පානදුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තල්පිටිය නම් ග්‍රාමවරයේ පිහිටි දළදාවත්ත මහා විහාරය සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයට අයත් විහාරස්ථානයකි. දළදා වහන්සේගේ ආරක්‍ෂාව සඳහා මෙම ස්ථානයේ තැන්පත් කර තිබූ බැවින් මෙම විහාරය දළදාවත්ත මහා විහාරය නම්විය. එය සිහිපත් කිරීම් වස් වර්ෂ 1933 දී ආරම්භ කළ දළදා පෙරහර වාර්ෂිකව අද දක්වාත් අඛණ්ඩව පවත්වනු ලැබේ.


අපවත් වී වදාළ තල්වත්තේ ඉන්දජෝති නා හිමි

ආරම්භයේ දී දළදා වහන්සේගේ භාරකාරත්වය හිරිපිටියේ රාළ නම් අයකු දැරූ අතර, පහතරටට දළදා වහන්සේ රැගෙන ආ අවස්ථාවේ එක් රැයක් මෙම විහාරස්ථානයේ පිහිටි නා ගසක වැඩ සිටි බවත් එදා සිට මේ වෙහෙර දළදාවත්ත විහාරය වූ බවත් ජනප්‍රවාදයට අනුව පැවැසේ. මෙම විහාරස්ථානයේ ආරම්භක විහාරාධිපතීන් වහන්සේගේ තොරතුරු ප්‍රකට නැතත්, අතිගරු අනුපේ සෝනුත්තර නාහිමියන්ගේ සිට සඟ පරපුර ප්‍රකටය. දළදාවත්ත මහාවිහාර සඟ පරපුර අද දක්වා මෙසේ ය. අලව්වේ ශ්‍රී රේවත නාහිමි, තලගල පියරතන නාහිමි, වැලිකඩ ධම්මජෝති නාහිමි, පනාගොඩ ධම්මරතන නාහිමි, තල්පිටියේ සිරි සෝභිත නාහිමි, මඩපාත සුමනජෝති නාහිමි, කලපුගම චන්දජෝති නාහිමි සහ තල්වත්තේ ඉන්දජෝති නාහිමි වශයෙනි.

වර්තමානයේ විහාරාධිපති ධූරය හොබවන්නේ පූජ්‍යපාද ශාස්ත්‍රපති තල්පිටියේ චන්දරතන ස්ථවිරපාදයන් වහන්සේයි.

නූතන වාද්දුව තල්පිටිය දළදාවත්ත මහා විහාර ශ්‍රී දළදා පෙරහර ඉතා උසස් තත්ත්වයකට පත්කරන ලද්දේ අතිපූජ්‍ය තල්වත්තේ ඉන්දජෝති නාහිමිපාණන් වහන්සේ විසිනි. උන්වහන්සේගේ යුගයෙහි දළදා පෙරහරට උඩ පහත දෙරට විවිධ සංස්කෘතිකාංග එක් වූ අතර, අලි ඇතුන් සහිත දර්ශනීය පෙරහරක් බවට පත් කෙරිණි. උන්වහන්සේගේ ශිෂ්‍ය තල්පිටියේ චන්දරතන හිමියෝ සිය ගුරුදේවයන් වහන්සේගේ ඇවෑමෙන් එතෙක් පවත්වාගෙන ආ ආගමික, සාමාජිය කටයුතු මැනැවින් සිදු කිරීම සඳහා කැපවීමෙන් උරදී සිටිති.


ඉපැරැණි බෝධින් වහන්සේ

ඒ අනුව මෙවරද අතිඋත්කර්ෂවත් අයුරින් හා අභිමානවත් ලෙස පහතරට උතුම් සංස්කෘතික මංගල්‍යය ලෙස ශ්‍රී දළදා පෙරහර 79 වැනි වරටත් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. වර්ෂ 2012 සැප්තැම්බර් 21 වැනි සිකුරාදා ආරම්භ වන සති පිරිත් පින්කම් මාලාව හා සම්බුද්ධ පූජා, බෝධිපූජා පින්කම් මාලාව අවසානයේ සැප්තැම්බර් 28 වැනි දා රාත්‍රී රන්දෝලි මහ පෙරහර පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.


පෞරාණික විහාර මන්දිරය

 

 

 

 

අධි බිනර අමාවක පෝය

අධි බිනර අමාවක පෝය සැප්තැම්බර් 15 වැනිදා සෙනසුරාදා පූර්වභාග 09.39 ට ලබයි. 16 වැනිදා ඉරිදා පූර්වභාග 07.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 15 වැනි දා සෙනසුරාදා ය.
මීළඟ පෝය
සැප්තැම්බර් 22 වැනි සෙනසුරාදා ය
.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 15

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 08

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]