UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බත්තරමුල්ල සුබෝධාරාමයේ සෑ රදුන්ට කොත් පැළඳවීම

බත්තරමුල්ල වික්‍රමසිංහපුර ශ්‍රී සුබෝධාරාම විහාරයේ ජාතික ආගමික සේවාවන් රැසක් ඉටුකරන බොදු ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා අතහිත දෙන ආගමික කේන්ද්‍රස්ථානයකි.

1984 ජනවාරි මස 14 වන දින ඔක්කම්පිටියේ පඤ්ඤාතිස්ස හා මයිලගස්තැන්නේ ධර්මපාල යන හිමිවරුන් විසින් වත්මන් චිත්ත විවේකාශ්‍රම විහාරස්ථානය ඉදිවී තිබෙන භූමියට ආසන්නයේම තිබූ නාගරික සංවර්ධන අධිකාරියට අයත් ගොඩනැගිල්ලක කුඩා කුටියක බත්තරමුල්ල වික්‍රමසිංහපුර ශ්‍රී සුබෝධාරාමය ආරම්භ කරනු ලැබීය.

1984 ජනවාරි මස 22 වන ඉරුදින සිසු සිසුවියන් එකොළොස් දෙනෙකුගෙන් මෙම දහම් පාසල ආරම්භ කර ඇත. 1983 පෙබරවාරි 18 වන දින නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමෙන් වත්මන් සුබෝධාරාම භූමිය පවතින තැනට විහාරස්ථානය ගෙන ඒමට සිදුවිය.

එවකට අගමැති ධූරය දැරූ රණසිංහ ප්‍රේමදාස කොළඹ දිස්ත්‍රික් සංවර්ධන සභාවේ සභාපති ඇල්මන් පීරිස්, ප්‍රදේශයේ ග්‍රාමෝදය මණ්ඩල සභාපති නිමල් ආර්. පීරිස් යන මහත්වරු ඇතුළු වික්‍රමසිංහපුර ජයවඩනගම හා යූ. ඩී. ඒ. කුමාරගේ වත්ත අවට ප්‍රදේශ වාසීන්ගේ උදවු උපකාර මත විහාරස්ථානය ගොඩ නැගූහ.

ප්‍රදේශවාසීන්ගේ උපකාර මත විහාරාධිපති බුත්තල යටිකිද වියලුව තෙපළාතේ ප්‍රධාන සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මාරාම ඔක්කම්පිටියේ පඤ්ඤාතිස්ස හිමියන්ගේ මඟපෙන්වීම මත මේ වනවිට ශ්‍රී සුබෝධාරාමය සියලු විහාර අංගවලින් සමන්විත වී තිබේ. විහාරස්ථානයට අඩුවක්ව පැවැති චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිවෙමින් පවතියි. පෙහෙවස් සමාදන්වීමට මෙන්ම දිනපතා බෝධිපූජා පැවැත්වීමට ද විශාල පිරිසක් විහාරස්ථානයට පැමිණෙති. ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන කීපයක්ම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වේ.

වික්‍රමසිංහපුර ශ්‍රී සුබෝදාරාම විහාරාධිපති හිමියන් අදහස් දැක්වූයේ මෙසේය. වත්මන් විහාරස්ථානයේ දියුණුව පිළිබඳ මට ඇත්තේ අපමණවූ සතුටක්.

ප්‍රදේශවාසින්ගේ උපකාර මත විහාරස්ථානය ගොඩනැගීමට හැකිවුණා. මේ වන විට භික්‍ෂූන් වහන්සේ සියක් නමක් වැඩ සිටිනවා. ප්‍රදේශවාසීන්ගේ උදවු මත ඉදිවූ ශ්‍රී සුබෝධාරාම විහාරයෙහි මා 1984 සිට වැඩ සිටිනවා. මේ වනවිට විහාරස්ථානයේ සියලු විහාර අංග සම්පූර්ණවී තිබෙනවා. විහාරස්ථානයට අඩුවක්ව පැවැති චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් පැළඳවීමේ උළෙල අගෝස්තු මස 31 වන පෝය දින පෙරවරුවේ සිදුකිරීම නිමිත්තෙන් පින්කම් රැසක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ සඳහා ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක ගෞරව ශාස්ත්‍රවේදී නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි නාහිමියන් සහ කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති විද්‍යාලංකාර පරිවෙණාධිපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන් ඇතුලු මැති ඇමැතිවරු රැසක් සහභාගි වෙති.

 

අධි බිනර පුර පසළොස්වක පෝය

අධි බිනර පුර පසළොස්වක පෝය අගෝස්තු 30 බ්‍රහස්පතින්දා අපර භාග 08.16 ට ලබයි.
31 වැනිදා සිකුරාදා අපර භාග 07.33 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අගෝස්තු 31 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
සැප්තැම්බර් 08 වැනිදා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 31

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 08

New Moonඅමාවක

සැප්තැම්බර් 15

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]