Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

 මහනුවර අස්ගිරිය මහා විහාරයට වසර 700 ක් පිරීම නිමිත්තෙන් නිකවැරටිය පලුගොල්ල ශ්‍රී වාපිකාරාමයේ නව දෙමහල් සංඝාරාමය මහා සංඝරත්නයට පූජා කිරීම හිටපු විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතා අතින් පසුගිය දා සිදු කෙරිණි. එහිදී අස්ගිරි පාර්ශවයේ මහා නායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නාහිමියන් සිහිවටන ඵලකය විවෘත කළ අයුරු. විහාරාධිපති වල්පොල විජිත හිමි සහ දීප්ති බෝගොල්ලාගම මහත්මිය ද ඡායාරූපයේ වෙති. - ඡායාරූපය: සුමනචන්ද්‍ර ආරියවංශ

ඓතිහාසික සිතුල්පව්ව රජ මහා විහාරස්ථානයේ සහ ගාල්ල, වංචාවල කලහේ යටගල රජමහා විහාරස්ථානයේ විහාරාධිපතිත්වය ඉසිලූ කලහේ ශ්‍රී රතනජෝති නාහිමියන් අනුස්මරණය කරමින් සහ ප්‍රදේශයේ සමාජසේවකයකු වූ හිටපු හදිසි මරණ පරීක්‍ෂක සාමවිනිසුරු කේ. ජී. ටයිටස් අමරසිංහ සහ එම මහත්මිය සහ අයි. එල්. ආරියසේන යන අයට පින් පිණිස සිතුල්පව්ව සහ යටගල රජමහා විහාරස්ථානයන්හි විහාරාධිපති මැටරඹ හේමරතන නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් යටගල විහාරස්ථානයේදී මහා සංඝරත්නය පනස් නමක් විෂයෙහි දවල් දානමය පුණ්‍යකර්මය සිදුකර ආර්ථික අපහසුතාවයන්ගෙන් පෙළෙන ආබාධිතයන් තිදෙනකු වෙනුවෙන් රෝද පුටු තුනක් පරිත්‍යාග කෙරුණි. මෙම පින්කම සිදු කරන ලද්දේ කුසුම් ආරියසේන මහත්මිය ඇතුළු දරුවන් විසිනි. කුසුම් ආරියසේන මහත්මිය විසින් විහාරස්ථානයේදී රෝද පුටු පරිත්‍යාග කළ අවස්ථාව ඡායාරූපයෙන් දැක්වෙයි.

 

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.