Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

භාවනා

අම්පිටිය ශ්‍රී ජෙම්සන් ජාත්‍යන්තර බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ ධර්මවේදි මහනුවර ධම්මසිරි හිමි මෙහෙයවන භාවනා වැඩසටහන මෙසේය.

උදේ 8. 00 – 9.30 දක්වා කටුගස්තොට ත්‍රිසිංහල සීමාරාමයේදී භාවනාව සමත විදර්ශනා - උදේ 10. 00 – 11. 00 දක්වා කලුගල බෝධිමලුව විහාරය – ධර්‍මදේශනාව සවස 2. 00 – 3. 00 ධර්‍මදේශනාව කටුගස්තොට ඝටිකා ආරාම පුණ්‍යායතනය, සවස 3. 00 – 5. 00 දක්වා ධර්‍මදේශනාව - රණවන බෝධිමලුව විහාරය


මිනුවන්ගොඩ සාමවිනිසුරු අභිධර්මාචාර්ය ඊ. ඒ. පියරත්න මහතා විසින් සෑම පුරපසළොස්වක පොහොය දිනකම පවත්වාගෙන එනු ලබන “ විදර්ශනා භාවනා හා දේශනා” වැඩසටහන් මාලාව මෙම අගෝස්තු 31 වෙනි අධි බිනර පසළොස්වක දින පහත සඳහන් විහාරස්ථානයන්හිදී පැවැත්වෙනු ඇත.

පෙරවරු 8. 30 සිට 10. 30 දක්වා මිනුවන්ගොඩ, මැඩෑමුල්ල ශ්‍රී සෞගතාරාමය විහාරස්ථානයේදී වේරගොඩ ශෝභිත නාහිමිගේ අනුශාසකත්වයෙන්ද පස්වරු 12. 30 සිට 2. 30 දක්වා ආඬිඅම්බලම, වල්පොල, චේතියාරාමය විහාරස්ථානයේදී කිඹුලාපිටිය සද්ධානන්ද නාහිමිගේ අනුශාසකත්වයෙන්ද පස්වරු 3. 00 සිට 5. 00 දක්වා මිනුවන්ගොඩ, කලවාන, හස්තිවනාරාමය, විහාරස්ථානයේදී හුණුමුල්ලේ ධම්මකිත්ති නාහිමියන්ගේ අනුශාසකත්වයෙන්ද පැවැත්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.