Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී ලංකාවේ විශාලතම ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමාව නිර්මාණයේ දස වසර සමරුව

කුරුණෑගල රිදීගම රම්බඩගල්ල මොණරාගල විහාරයෙහි පිහිටි ගල් පර්වතයක නෙළනු ලබන ශ්‍රී ලංකාවේ විශාලතම ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා නිර්මාණය 2002.09.13 වැනි දින ආරම්භ කොට මේ දක්වා සිදුකරගෙන එනු ලබන අතර එම නිර්මාණ කටයුතු වලට 2012.09.13 වැනි දිනට දස වසරක් සපිරේ.

ඒ නිමිතිකොට, මෙම කටයුතු සඳහා නිරතව සිටින ශිල්පීන්ට සෙත් පතා, මේ සඳහා සහය වූ අතිමහත් සංඛ්‍යාවක් ජනතාවට සෙත් පතා මුරුතැන් පූජාවක්, ශීල භාවනා වැඩසටහනක් හා අෂ්ඨ පරිෂ්කාර පූජාමය මහා පින්කමක් සංවිධානය කොට තිබේ.

එදින පෙ.ව. 5.00 ට වී ඇට 84000 කින් පිළියෙළ කළ කිරි ආහාර පූජාවද පැවැත්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.