Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

තලගල ගිරිභණ්ඩ පූජාව 9 වැනිදා

තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම සහ තලගල මංගලාරාමය ඒකාබද්ධව පවත්වනු ලබන තලගල ගිරිභණ්ඩ පූජා පින්කම සැප්තැම්බර් මස 09 දා උදේ 9.00 ට තලගල මංගරාමයේ දී පැවැත්වේ.

පස්වැනි වරට මෙවර පැවැත්වෙන ගිරිභණ්ඩ පූජාව බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයන්හි පිහිටි දුෂ්කර විහාරස්ථාන 200 ක් සඳහා පිරිනමන්නට සැලසුම් කර ඇතැයි ශ්‍රී සිද්ධාර්ථ පදනමේ විධායක අධ්‍යක්‍ෂ තලගල මංගලාරාමාධිපති ප්‍රධාන අධිකරණ සංඝනායක තලගල සුමනරතන නාහිමියෝ පැවසූහ.

පස්වැනි ගිරිභණ්ඩ පූජාව බදුල්ල දිස්ත්‍රික්කයේ රිදීමාලියද්ද මීගහකිවුල, කන්දකැටිය, ලුණුගල, සොරණතොට, හල්දුම්මුල්ල, ගිරාඳුරු කෝට්ටේ, මහියංගණය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් දුෂ්කර ගම්මානයන්හි පිහිටි 200 ක් පමණ වූ විහාරස්ථාන වෙත පිරිනැමේ. එක් විහාරස්ථානයකට රු. 50, 000 කට වැඩි වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය භාණ්ඩ 100 ක් පූජා කෙරේ. මුළු පින්කම සඳහා රුපියල් කෝටියකට වඩා වටිනා පිරිකර සපයා ගත යුතුව ඇතැයි තලගල සුමනරතන නාහිමිපාණෝ පවසති.

බුද්ධ පූජා භාණ්ඩ බෞද්ධ කොඩි ජාතික කොඩි අට පිරිකර සිවුරු ඇතුළු විදුලි බුබුළු, කෘෂි උපකරණ, ගිනිහල් ගෙයි උපකරණ, දහම් පොත් ඇතුළු කාර්යාල උපකරණ, ආවාසයේ පාවිච්චිය සඳහා අවශ්‍ය උපකරණ, වියළි ආහාර ද්‍රව්‍ය මෙම භාණ්ඩ 100 ට ඇතුළත් වේ.

2003, 2006, 2008, 2010 වසරවලදී අම්පාර, ත්‍රිකුණාමලය, දිස්ත්‍රික් ඇතුළත විහාරස්ථාන 400 ක් සඳහා රු. ලක්‍ෂ එකසිය හැත්තෑවක පමණ වටිනා භාණ්ඩ පූජා කර ඇති බව ද නාහිමිපාණෝ පවසති. මේ අතර අම්පාර උහන සමනබැද්ද පිරිවෙනට අක්කර 2 කුඹුරක්ද පූජා කළ බැව් සුමනරතන නා හිමිපාණෝ පවසති. 2008 – 2011 වර්ෂවලදී අම්පාර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලට අයත් විහාරස්ථාන 20 ක පමණ කඨින පින්කම් රාශියක් ද ශ්‍රී සිද්ධාර්ථ පදනම මගින් සිදුකර ඇත.

2012 පැවැත්වෙන මෙම ගිරිභණ්ඩ පූජාව පිළිබඳ විස්තර අවශ්‍ය පින්වතුන්ට තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමෙන් 034 2254334, 034 3449220 – 077 3700628 තොරතුරු ලබා ගත හැකිවේ.නැතහොත් මහජන බැංකුවේ හෝමාගම ශාඛාවේ 049 – 2 – 001 –0- 1807524 ගිණුමට මුදල් බැර කළ හැකි බව ද කියයි.

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.