UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමි 116 ජන්ම දින උළෙල

අපවත් වී වදාළ අභිධජමහාරට්ඨ ගුරු බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමියන්ගේ 116 වැනි ජන්ම දිනය මේ මස 24 වැනි දිනට යෙදී ඇත. ඒ නිමිත්තෙන් පවත්වනු ලබන ජන්ම දින උපහාර උළෙල හා ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය මේ මස 25 වැනි සෙනසුරාදා සවස 3 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත් වේ.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ රාස්සගල පාර්ශ්වයේ මහා නායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහනාහිමියන්ගේ මූලිකත්වයෙන් සහ රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සුවිශේෂ සහභාගීත්වයෙන් එම උත්සවය පැවැත් වේ. එංගලන්තයේ මහා රැජිනගේ ත්‍රිවිධ හමුදාවේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ බෞද්ධ උපදේශක සිටි (ඛ්ඪබර) විශ්ව විද්‍යාලයේ සහ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුනිල් කාරියකරවන මහතා විසින් “මහ නාහිමියන්ගෙන් පුබුදු වූ බෞද්ධ ලෝකය” නමින් සමරු දේශනය පවත්වනු ලබයි.

දැයේ දූ දරුවන්ගේ නැණ පහන් දල්වනු වස් මහරගම ආනන්ද මෛත්‍රෙය මාවතේ බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය පදනමේ අනුග්‍රහයෙන් එහි සභාපති බඹරබොටුවේ ආනන්ද මංගල හිමියන්ගේ මෙහෙයවීමෙන් පවත්වාගෙන එනු ලබන ශිෂ්‍යත්ව ප්‍රදානය අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් සිදු කැරේ. බඹරබොටුවේ ආනන්ද මංගල හිමියන් විසින් එම උත්සවය සංවිධානය කර ඇත.

 

 

අධි බිනර පුර අටවක පෝය

අධි බිනර පුර අටවක පෝය අගෝස්තු 24 වැනි දා සිකුරාදා පූර්ව භාග 08.28 ට ලබයි.
25 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 06.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 24 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 31 වැනිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 31

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 08

New Moonඅමාවක

සැප්තැම්බර් 15


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]