Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පෝදා පින්කම්

ශ්‍රී සම්බෝධි විහාරය

ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ පසළොස්වක පෝදින ශීල සමාදාන වැඩසටහන් විස්තර මෙසේ ය.

අලුයම 6.00 ට කිරි ආහාර පූජාව සමගින් බෞද්ධයා විකාශනය ආරම්භ වීම. පෙරවරු 6.00 – 7.15 සීල සමාදානය, භාවනාව හා අනුශාසනාව, මෙහෙයවීම, ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම හිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව, රුවන්වැල්ල, වහරක, දම්සක් විහාරයේ අනුශාසක ගම්පහ මහානාම හිමි, 9.30 – 10.30 ධර්ම දේශනාව, කෝට්ටේ ශ්‍රී නාගවිහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමි, 11.00 – 11.30 ව්‍යංජන තිස්දෙකක් සහිත සම්බුද්ධ පූජාව, සම්බෝධි විහාරවාසී, මහියංගනේ ධම්මකුසල හිමි, පස්වරු 12.30 – 2.00 දම්සභා මණ්ඩපය, ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතා පේරාදෙනිය සරසවියේ මහාචාර්ය දයා අමරසේකර මහතා, 2.00 – 3.00 භාවනාව, ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේඛකාධිකාරී ත්‍රිපිටක විශාරද කහගොල්ලේ සෝමවංශ නාහිමි, 3.30 – 4.30 ධර්ම දේශනාව, බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති, අමරපුර ශ්‍රී ධම්මරක්‍ෂිත නිකායේ අනුනායක රාජකීය පණ්ඩිත ත්‍රිකුණාමලේ ආනන්ද හිමි, 4.30 – 5.30 ධර්ම දේශනාව, කොලොන්නාවේ ශ්‍රී මහා බෝධි විහාරාධිපති, බොරැල්ලේ කෝවිද හිමි, කෙටි අනුශාසනාව, සත්බුදු වන්දනාව සහ සිල් පවාරණය.


ඇසළ පෝදා ධර්මදානයට බුදුසරණ

කුණ්ඩසාලේ ශශ්‍රී නරේන්ද්‍රසිංහ රජමහවිහාරයේ ප්‍රධාන දායිකාවක් වන වරාපිටියේ කුමාරි කපුගම මහත්මිය විසින් ඇසළ පෝයදින නරේන්ද්‍රසිංහ රජමහ විහාරයේ දී උපාසක පිරිස අතර ධර්මදානයක් වශයෙන් බුදුසරණ පත්‍ර බෙදාදීමට කටයුතු යොදා ඇත.

-------------------------------------------------------------

ඈගල්ල රංකිතගල පුරාණ විහාරස්ථානයේ පෙහෙවස් සමාදන්වන උපාසක උපාසිකාවන් සඳහා වසර 20 පුරා නොකඩවා පැවැත්වෙන දානමය පින්කම මෙවරද ඇසළ පොහෝදින පැවැත්වේ. කැබිලිත්තාවල පදිංචි එම්.එම්. සරත් සෝමපාල මහතා ඇතුළු ඥාතීන් විසින් ධර්මදානය වශයෙන් බුදුසරණ පත්‍රය බෙදීම සිදු කෙරේ.


සුබෝධාරාමයේදී දම්සක් පැවතුම් සූත්‍රය

බුදුරජාණන් වහන්සේගේ මංගල ධර්ම දේශනාව වූ ධම්මචක්කපවත්තන සූත්‍ර සජ්ඣායනාවක් ඇසළ පුනු පොහෝදා රාත්‍රි කැලණිය දිප්පිටිගොඩ ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ එම සූත්‍ර දේශනාව සජීවීව විකාශය කිරීමට ද නියමිතය. මෙම විහාරස්ථානයේ සිට දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව සජීවීව විකාශය කරන සිවුවැනි වසර මෙය වෙයි.


අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය

මහාවිහාර ඇසළ පුන් පොහොය වැඩසටහන මෙසේය.

පෙරවරු 6.00 සිට පසුදින පෙරවරු 6.00 තෙක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ.

පුන් පොහෝ දිනවල අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයට පෙහෙවස් සමනාදන් වීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා අනුරාධපුර අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි පොහොය වැඩසටහන පැවැත්වේ.

මෙහි දී අනුරාධපුර පිරිවෙනෙක පුස්තකාලයක් සඳහා රුපියල් පන්දහසක් වටිනා පුස්තකාල පොත් පිරිනමනු ලැබේ. මේ සඳහා මහාවිහාර පුන් පොහොය වැඩසටහනට සහභාගි වන උවසු උවැසියන් සහ කොරතොට අරුණාරාමයේ භාවනා වැඩසටහනට සහභාගි වන සිල් මාතාවන් හා භාවනායෝගීහු අනුග්‍රහය දක්වති.

ඇසළ පුන් පෝ දින පෙරවරු 8.00 ට මහාවිහාර සන්නිපාත ශාලාවේ දී ‘අපි පෙහෙවස් සමාදන් වෙමු’ ග්‍රන්ථයේ සම්පාදක රෝහිත විජයතිලක මහතා විසින් මහාවිහාර සංඝ සභාවේ සභාපති, අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් වෙත පිළිගැන්වීමට නියමිතය. අනතුරුව උන්වහන්සේගේ අනුශාසනය පැවැත්වේ.

ඇසළ පුන් පොහොය වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා, බුද්ධ පූජා සහ බෝධි පූජා ද ඇතුළත් වේ. පුන් පොහොය වැඩසටහනට සහභාගි වී පෙහෙවස් සමාදන් වන පින්වතුනට උපෝසථ ශීලය රැකීමට අවශ්‍ය දානමානාදී පහසුකම් අටමස්ථානාධිපති නාහිමියන්ගේ අනුශාසනා පරිදි දානපතියන් විසින් සලසා දෙනු ලැබේ. ජූලි මස 4 වැනි දා, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දී භාවනා වැඩසටහනක් ද පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.


ගෝතමී විහාරය

බොරැල්ල ශ්‍රී ගෝතමී විහාරස්ථානයේ පෝ දින පැවැත්වෙන වැඩසටහන් මෙසේ ය.

පෙරවරු 6.00 ට සීල සමාදානය හා අනුශාසනාව රාජකීය පණ්ඩිත මාමඩලේ විමල හිමි. 8.15 භාවනාව මෙහෙයවීම ආටිගල අමිත දේව හිමි 9.45 බුදුසරණ පුවත්පත බෙදා දීම තිලංක හා හසිත දියබලනගේ සොහොයුරන් 10.00 ධර්මදේශනාව රාජකීය පණ්ඩිත මරදන්කඩවල සෝභිත හිමි පස්වරු 1.30 ධර්මදේශනාව පණ්ඩිත අම්බුලුගල සුමංගල හිමි, 3.00 ධර්මදේශනාව ශාස්ත්‍රපති දෙනියායේ සිරිනන්ද හිමි 4.30 වෛද්‍ය දේශනය ජී.එල්. පාඩිප්පෙරුම මහතා 6.00 ට සීල පවාරණය හා අටවිසි බුද්ධ පූජාව බොලතේ අතුල හිමි.


කුප්පියාවත්ත ජයශේඛරාරාමය

කුප්පියාවත්ත ජයශේඛරාරාම මහා විහාරස්ථානයේ ඇසළ පුරපසළොස්වක පොහෝදා ශීල භාවනා වැඩසටහන මෙසේ ය.

බස්නාහිර පළාතේ උපප්‍රධාන සංඝනායක ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් පෙරවරු 6.00 – 6.30 දක්වා උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ ආචාර්ය ශශ්‍රී ජයශේඛරාරාමාධිකාරී ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 7.00 – 7.30 දක්වා සම්බුද්ධ පූජාව මෙහෙයවීම තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00 – 9.00 භාවනා වැඩසටහන විහාරාධිකාරි ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 9.15 – 10.15 දක්වා ධර්ම දේශනය කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී ඇත්කඳුරේ සුමනසාර හිමි, 12.15 – 12.30 ට සෙත් පිරිත් සජ්ඣායනාව විහාරස්ථ උපාසක උපාසිකා සමිතිය, 2.00 – 3.00 ධර්ම දේශනය විනයාලංකාරාරාමාධිකාරි ඔකඳගල මෙත්තාරාම හිමි, 3.15 – 4.15 දක්වා භාවනා වැඩසටහන, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 4.30 – 5.30 ධර්ම දේශනය, 6.45 – 7.45 මල්, පහන්, ගිලන්පස සහිත සම්බුද්ධ පූජාව.


ශ්‍රී විජයසුන්දරාරාමය

වත්තල හුණුපිටිය, ශශ්‍රී විජයසුන්දරාරාමය පුරාණ විහාරස්ථානයෙහි පුන්පොහෝ දින වැඩසටහන මෙසේය.

පෙරවරු 6.00 සිල් සමාදන් කරවීම, වෑගල්ලේ රාහුල හිමි, 8.00 භාවනාව - ඇලපිටිවල නන්දවිමල හිමි, 9.00 ධර්ම දේශනය - විහාරාධිපති වලවෙල හේමානන්ද නාහිමි, 10.00 – ධර්ම දේශනය දළුගම සමිතඤාණ හිමි, පස්වරු 12.30 සෙත් පිරිත් සජ්ක්‍ධායනය, 1.00 – ධර්ම දේශනය බුත්කන්දේ රතනජෝති හිමි, 2.00 විශේෂ දේශනය – කථිකාචාර්ය රොහාන් මහතා, 3.00 ජාතික ධර්ම දේශනය – හුණුවල පියදස්සි හිමි, 4.00 ධර්ම දේශනය වේවැල්දූවේ ධම්මතිත්ති හිමි, 5.00 සිල් පවාරණය හා සිල් නැවත ලබාදීම ,6.00 අටසිවිබෝධි පූජාව, 7.00 ධර්ම දේශනය - කොළොන්ගස්තැන්නේ නන්දවංස හිමි.


කළුතර බෝධිය

ඇසළ පුන් පොහෝ දින කළුතර බෝධි පරිශ්‍රයේ පවත්වනු ලබන ආගමික වැඩසටහන් මාලාව.

පෙරවරු 6.30 – 7.30 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව මෙහෙයවීම පනාපිටියේ විජිතනන්ද හිමි, 8.00 – 11.30 භාවනා වැඩසටහන තපෝවනයේ සුමේධ හිමි, පස්වරු 1.00 –2.45 දේශනය කථිකාචාර්ය සමන්ත ඉලංගකෝන් මහතා, 3.14. 4.30 ධර්ම දේශනය පිටිගල සිරිධම්ම හිමි, 4.45 – 6.00 ධර්ම දේශනය මාරඹේ කුසලධම්ම හිමි, 6.15 – 7.00 පානදුරේ අරියධම්ම හිමියන්ගේ බෝධිපූජාව (පටිගත කළ එකකි) 7.15 – 8.00 ධර්මාචාර්ය, කේ. පරණවිතාන මහතා, මෙහෙයවන නව අරහාදී පහන් පූජාව, 8.15 සිට රූපවාහිනිය තුළින් බෞද්ධ වෙහෙර විහාර ස්ථාන නැරඹීම.


කතරගම කිරිවෙහෙර

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දී ඇසළ පෝදා පින්කම් රැසක් ඌව විශ්වවිද්‍යාලයේ කුලපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනාව පරිදි සිදුකෙරේ. මෙදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම මල්පහන් ගිලන්පස කිරි ආහාර පූජාව ශබ්ද පූජාව මධ්‍යයේ ෂඩ් වර්ණ සාටකයක් කිරිවෙහෙර චෛත්‍යය වටා පැළඳවීමේ කප්රුක් පූජාව පැවැත්වේ.

භාවනා වැඩසටහන චෛත්‍ය මලුවේ පැවැත්වේ. උදේ ධර්මදේශනාව ගල්කිස්ස ධර්මපාලරාමාධිපති අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමියන් විසින් අටවිසි බෝමලුවේ දී පැවැත්වේ. මෙම ධර්මදේශනාව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් විසුරුවා හැරීමට කටයුතු සංවිධානය කර ඇත. සවස කිරිවෙහෙර රාජමහා විහාරස්ථාන මහසේන සිල් සමිතියේ මල් පෙරහැර කිරිවෙහෙර රාජමහ විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් මල් පහන් පූජා කර බෝධීන් වහන්සේ සුවඳ පැණින් නෑවීමෙන් අනතුරුව බෝධි පූජාව පැවැත්වීම අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජමහ විහාරවාසී මිද්දෙණියේ උදිත හිමියන් විසින් පවත්වා ශ්‍රී ලංකාවාසී සැමට සෙත් පැතීමද සිදුකෙරේ.

රාත්‍රී 7.00 ට කිරිවෙහෙර අටවිසි බෝමලුවේ දී අටවිසි බුදුවරුන් වෙනුවෙන් මල් පහන් පූජාකර බෝධි පූජාව පැවැත්වේ.

කිරිවෙහෙර තුන්වන මලුව සමීපයේ පහන් දසදහසක ආලෝක පූජාව පැවැත්වෙන අතර සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව පසුදා පහන්වනතුරු විහාරස්ථ ධර්මශාලාවේ දී පැවැත්වේ.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ

තරුණ සීල සමාදාන පින්කම

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදානය මෙහෙයවන ඇසළ පුර පෝදා වැඩසටහන මෙසේ ය.

පෝදා පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව පණ්ඩිත හිඟුරේ පඤ්ඤාසේකර හිමි, 8.00 – 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව දළුගම සමිතඤාණ හිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය – අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.30 – 1.00 ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව, මකුලේමඩ සිරිනන්ද හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 - 3.00 ගිහි දේශනය ආචාර්ය කේ.එම්.අයි. ස්වර්ණසිංහ මහතා, 3.00 – 4.00 ධර්ම දේශනාව ගලිගමුවේ ඤාණදීප හිමි, 4.15 – 5.00 ධම්මපදය, ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 – 6.00 ධර්ම දේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00 – 6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මා හිමි.

වැඩිහිටි සීල සමාදාන පින්කම

පෙරවරු 6.00 – 7.00 - සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්වෙල වජිර හිමි, 8.00 – 9.00 – භාවනාව - ශාස්ත්‍ර‍්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි, 9.00 – 10.00 - ධර්ම දේශනාව - කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති වේපතඉර හේමාලෝක නා හිමි, 10.00 – 11.00 - අභිධර්ම කතාව - පියදාස මුතුගම මහතා, පස්වරු 12.30 – 12.35 – විශේ්ෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.35 – 1.00- පිරිත්් හා තෙරුවන් ගුණ - අළුපිටියේ සද්ධාවාස හිමි, 1.00 - 2.00 ධර්ම සාකච්ඡාව - ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 2.00 – 3.00 - ධර්ම දේශනාව - බෙල්ලන්විල විහාරවාදී ශාස්ත්‍රපති පණ්ඩිත බොරලැස්ගමුවේ පේමරතන හිමි, 3.00 – 3.30 විශේෂ අනුශාසනාව - රත්මලාන මල්ලිකාරාමාධිපති වැලිගම ඤානරතන නාහිමි, 4.00 – 5.00 ධර්ම දේශනාව - ගංගොඩවිල පඤෝදාරාම පිරිවෙනේ පරිවෙනාධිපති ශාස්ත්‍රවේදී පණ්ඩිත උලහිටියේ විභාවි හිමි, 5.00 – 6.00 ධම්ම පදය - ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 - බෝධි පූජාව සහ සිල් අලුත්කිරීම ශාස්ත්‍රපති - පණ්ඩිත හක්මන සුමණසිරි හිමි.


තලවතුගොඩ - සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලිපාර, සංඝමිත්තාරාමයෙහි පුන් පොහෝ දින අලුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක් පවත්වනු ලබන අතර පෙරවරු 6.00 සිට ප.ව. 6.00 දක්වා සීල, භාවනා, ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. 8.00 සිට 9.00 පිළියන්දල සංඛපාලි දසසිල් මෑණියන් වහන්සේ විසින් පවත්වන ධර්ම දේශනාව 9.00 සිට 10.00 දක්වා මහරගම සිරි වජිරඥාණ ධර්මායතනවාසී ගල්කිස්සේ සෝමානන්ද හිමියන් විසින් පවත්වන ධර්ම දේශනාව 10.15 සිට 11.00 දක්වා කඩවත විමුක්ති දසසිල් මෑණියන් විසින් මෙහෙයවන භාවනා වැඩසටහන පස්වරු 12.30 සිට 1.00 දක්වා ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය, 1.00 සිට 2.45 දක්වා පිළියන්දල සංඛපාලි දසසිල් මෑණියන් විසින් පවත්වන ධර්ම දේශනාව සහ මෙහෙයවන භාවනා වැඩසටහන 3.00 සිට 4.00 දක්වා මහරගම සිරි වජිරඥාණ ධර්මායතනවාසී ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමියන් පවත්වන ධර්ම දේශනාව.සවස 6.00 ට විසිතුරු මල්, පහන්, ගිලන්පස, අටවිසි බුද්ධ පූජාවක් පිළියන්දල සංඛපාලි දසසිල් මෑණියන් විසින් පවත්වනු ලබයි.


කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතනය

පෙරවරු 6.30 සීල සමාදානය, සම්බුද්ධ පූජාව සහ කෙටි අනුශාසනාව මෙහෙයවීම සිරි ගුණසේකර ධර්මායතනාධිපති ලේනබටුවේ මිත්තාලෝක නා හිමි, 8.00 කාව්‍යමය ධර්ම දේශනය රන්සෑගොඩ සුමිත්ත හිමි, 9.30 ධර්ම දේශනය කොහොලංකල කෝවිද හිමි, 10.30 භාවනාව, මකුලේමඩ සිරිනන්ද හිමි, 11.30 දවල් සම්බුද්ධ පූජාව මෙහෙයවීම, රම්මලේ අරියවිසුද්ධි හිමි, පස්වරු 12.30 පිරිත් සහ තෙරුවන් ගුණ සජ්ඣායනය ධර්මායතනවාසී ස්වාමීන් වහන්සේලා සමග සිල් පිරිස, 1.00 ගිහි දේශනය ෂේන් බිලොක් මහතා, 2.30 විශාඛා කුළඟන සමිතියේ විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා, 3.00 වෙසෙසි දෙසුම හා දහම් කතිකාවත මෙහෙයවීම, හර්බි නන්දසේන මහතා. 7.00 ආශීර්වාදාත්මක බෝධි පූජාව හා බුද්ධ වන්දනාව මෙහෙයවීම, සිරි ගුණසේකර ධර්මායතනාධිපති ලේනබටුවේ මිත්තාලෝක නා හිමි ප්‍රධාන මහා සංඝරත්නය. මෙදින බුදුසරණ පුවත්පත ධර්මදානය වශයෙන් බෙදාදීමෙන් දායකත්වය ලබන්නේ ශීලා අබේසිංහ මහත්මිය සහ ඩබ්.ඒ. ෂමලාවතී මහත්මියයි.


බම්බලපිටියේ වජිරාරාමය

බම්බලපිටිය වජිරාරාමයේ දී පැවැත්වෙන ඇසළ පෝදා පින්කම් මාලාව මෙසේ ය. පෝදා පෙරවරු 6.00 – 7.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ කිරිපිඩු පූජාව, සිරි වජිරාරාමාධිපති රාජකීය පණ්ඩිත ත්‍රිකුණාමලේ ආනන්ද අනු නා හිමි. 8.00 – 9.00 ධර්මානුශාසනාව මීගොඩ සුඛිත හිමි, 9.00 – 9.45 විශේෂ ධර්මානුශාසනාව අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය වැලිගම ඤාණරතන මහා නා හිමි, 9.45 – 11.00 භාවනාව සහ අනුශාසනාව ගම්පහ පාසාදික හිමි, 11.00 – 11.15 බුද්ධ පූජාව පැරකුම් පුර විශාරද හිමි, පස්වරු 12.30 – 1.30 තෙරුවන් ගුණ සජ්ඣායනය පිටිපන සාසනරතන හිමි, 1.00 – 1.30 නවෝපසම්පන්න ස්වාමීන් වහන්සේ දෙනම පිළිගැනීම, 1.30 – 2.30 ධර්ම සාකච්ඡාව පණ්ඩිත වැලිගේපොල සීලවංශ හිමි, 3.00 – 4.00 ධර්මානුශාසනාව දියතලාවේ පියදස්සි හිමි, 4.00 – 5.00 මංගල ධර්මදේශනය ත්‍රිපිටිකාචාර්ය වේරදූවේ මහින්ද හිමි, 5.00 – 6.00 ධර්මානුශාසනාව දර්ශනපති මඩිහේ සුගත සිරි හිමි, 6.00 – 7.00 ධම්මචක්ක සූත්‍ර සජ්ඣායනය හා අටවිසි බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමි. හිඟුරේ පඤ්ඤාසේකර හිමි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.