Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රාජ්‍ය සේවා බෞද්ධ සංගමය මෙහෙයවීමෙන් දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව

රාජ්‍ය සේවා බෞද්ධ සංගමය දැනට වසර පහක කාලයක් තිස්සේ දිවයිනේ ප්‍රසිද්ධ විහාරස්ථානයකදී මංගල ධර්ම දේශනය වන ධම්මචක්කප්පවත්තන සූත්‍රය ඇසළ පෝය දින පස්වරු 6.30 – 7.30 දක්වා වූ කාලය තුළ දී සජ්ඣායනය කරවනු ලබන අතර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සිටි එෆ්.එම්. විකාශය ඔස්සේ (91.2, 92.2, 87.6) මුළු ලොව පුරාම සජීවීව විසුරුවා හැරීම් සිදු කරනු ලැබේ.

පසුගිය වසර පහ තිස්සේ සිදු කරමින් සිටින එකී මෙහෙවර 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය ගෙවී යන මේ අවස්ථාවේ දී සමස්ත බෞද්ධ ජනතාව ඒකරාශී කරවමින් වාර්ෂිකව ජනතාව එකට එක්ව සජ්ඣායනය කරනු ලබන සජීවි චින්තාවක් බවට පත් කිරීම එම සංගමයේ උත්සාහය වේ. මෙවර සජ්ඣායනය බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානයේ දී ඇසළ පෝය දින පස්වරු 6.30 – 7.30 දක්වා කාලය තුළදී සිදු කෙරේ. බෞද්ධයින්ට අතිශය මංගලමය අවස්ථාවක් වන මෙදින උදේ සෑම නිවසකම කිරි ආහාර පිළියෙළ කිරීම වෙත ජනයා සිත් සතන් යොමු කරවමින් එදින දවස අතිශය ශ්‍රේෂ්ඨ දවසක් බවට වූ චින්තනය ජනතා සිත් සතන් තුළ ඇති කිරීමද අපේක්‍ෂාව වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.