Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

උතුම් සේඛ බල පරිපූර්ණ කර ගනිමු

සේඛ බල පුරුදු කරමු -8

මේ සේඛ ධර්ම පුරුදු කරන කෙනා තුළ සීලය පිරෙනවා. සේඛ ධර්ම පිරෙන්ට පිරෙන්ට. ගුණ ධර්ම පිරෙන්ට පිරෙන්ට සීලය පරිපූර්ණ වෙනවා. සීලය පරිපූර්ණ වුන කෙනා තුළ පසුතැවීම නෑ. එයාගෙ සිත පහන් වෙනවා. සිත පහන් වුන කෙනා තුළ සම්මා දිට්ඨිය උපදිනවා. සෝතාපන්න තත්වෙට එයා පත්වෙනවා. සම්මා දිට්ඨිය ඉපදුන කෙනාට සම්මා සමාධිය යම් දවසක ඇති කර ගන්ට පුළුවන්කම ලැබෙනවා. එහෙනම් සම්මා සමාධිය ඇති කර ගත්ත කෙනාට ධර්ම අවබෝධ කිරීමේ ලාභය ගිලිහෙන්නෙ නෑ. එයා ධර්මය අවබෝධ කර ගන්ට වාසනාවන්තයෙක් බවට පත් වෙනවා මයි

භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා මේ විදිහට හිතන්ට කියලා ‘මම කාය දුෂ්චරිතය, වචී දුෂ්චරිතය, මනෝ දුෂ්චරිතය කළොත් යම් දවසක, මම මටම චෝදනා කරන කෙනෙක් බවට පත් වෙයි නේද? ම කියල හිතන්ට කියලා. අපි දුෂ්චරිතය කළොත්, එහෙම පසුතැවෙන්ට සිද්ධ වෙයිද නැද්ද? සිද්ධ වෙනවා. දුෂ්චරිතය කරන කෙනා තමන්ට තමාම චෝදනා කරන කෙනෙක් බවට පත් වෙනවා. තමාට තමාම චෝදනා කරනවා නම් ඒක සැප සහිතයිද? ඒක අතිශය දුක් සහිතයි. ඒනිසා භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා නරක දේ කළොත් ‘මම මටම චෝදනා කරන කෙනෙක් වෙයිම කියල අකුසල් කිරීමට භය උපදවා ගන්ට කියලා. තමාම තමාට චෝදනා කරයි කියල බය උපදවා ගන්ට ඕනෑ. ඒකට කියනවා අත්තවාද භය කියලා. ඒ වගේම කාය දුෂ්චරිතය, වචී දුෂ්චරිතය, මනෝ දුෂ්චරිතය කළොත් අනිත් අය අපට චෝදනා කරයි, නින්දා කරයි කියල කල්පනා කරන්ට ඕනෑ. එසේ අන් අය තමන්ට චෝදනා කරයි කියල ඇතිවන බයට කියනවා පරවාද භය කියලා. දුෂ්චරිතය කළොත් ඒක සිද්ධ වෙයිද නැද්ද? සිද්ධ වෙනවා. එතකොට අපි ඒ විදිහට කල්පනා කළොත් දුෂ්චරිතයෙන් ඈත් වෙනවා නේද ? ඈත් වෙනවා.

ඊළඟට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනව මා මේ නරක දේ කළොත් මට දඬුවම් විඳින්ට සිද්ධ වෙයි කියල. දඬුවම ගැන කල්පනා කරන්ට කියනවා. ඒකට කියනවා. දැන් බයම දඬුවම ගැන කල්පනා කරන්න කරන්න දුෂ්චරිතය කිරීම කෙරෙහි බය උපදිනවා. ඊළඟට කියා දෙනවා සතර අපාය ගැන, නිරය ගැන කල්පනා කරන්ට කියනවා. එතකොට නිරය ගැන භය ඇතිකර ගත්තොත් එයාටත් දුෂ්චරිතය කෙරෙහි බය උපදිනවා. එතකොට ඒ විදිහට කල්පනා කිරීමෙන් එයා තුළ ‘ ඔත්තප්ප බලයම උපදිනවා. දැන් එතකොට එයා ශ්‍රද්ධා බලය ඇති කර ගන්නව. හිරි බලය ඇති කර ගන්නව. ඔත්තප්ප බලය ඇති කර ගන්නවා.

ඊළඟට එයා වීරිය බලය ඇති කර ගන්ට ඕන. පවට ලජ්ජාවත්, භයත් තිබුණොත් එයා තුළ වීරිය උපදිනවා. පව් කරන්ට ලජ්ජා බය දෙක තියෙනවා නම් එයා තුළ පාපී ක්‍රියා අතහරින්ට කැමැත්ත තියෙනවා. ඒ වගේම කුසල් උපදවා ගන්ටත් එයා තුළ කැමැත්ත උපදිනවා. එතකොට ඒ කැමැත්ත මුල් වෙලා වීරිය උපදිනවා.

එතකොට අකුසල් දුරු කරන්ට කැමැත්ත ඉපදෙන්ට ඕන. කැමැත්ත ඉපදුණොත් ඒ කැමැත්ත මුල් වෙලා වීරිය උපදිනවා. ‘උප්පන්නානං අකුසලානං ධම්මානං පහානායම’ උපන් අකුසල් ධර්මයන් ප්‍රහානය කිරීම පිණිස Q ඡන්දන් ජනේතිම කැමැත්ත ඉපදෙන්ට ඕන. අන්න එහෙම කැමැත්ත උපදව ගත්ත කෙනා’ වීරියත් ආරහතිම වීරිය ආරම්භ කරනවා. ඊට පස්සේ විත්තං පග්ගන්හාතිම අන්න එයා සිත බලවත් කර ගන්නවා. ‘පහතිම පදන් වීරිය කරනවා. එයා උපන් අකුසලය දුරු කරල දානවා. ඒ විදිහට අකුසල් දුරුකිරීම පිණිස. ඇරැඹූ වීරිය ඇති කර ගන්ට එයාට මොකක්ද උදව් වුණේ. අකුසලය දුරු කර ගැනීම පිණිස කැමැත්ත. අකුසලය දුරු කර ගැනීම පිණිස කැමැත්ත හට ගත්තෙ මොකෙන්ද ? ඒ අකුසලය කළොත් ඒ දුෂ්චරිතය කළොත් එයාට විඳින්ට තියෙන විපාක ගැන එයා කල්පනා කරනව. බය උපදව ගන්නවා. ඒ වගේම ඒ සඳහා ලජ්ජාව තියෙනවා. එතකොට අන්න ඒ ලජ්ජාවත් බයත් මුල්වෙලා අකුසලය දුරු කරන්ට එයා තුළ කැමැත්ත උපදිනවා. ඒ කැමැත්ත මුල්වෙලා තමයි වීරිය ආරම්භ වෙන්නෙ. ඒ විදිහට වීරිය ආරම්භ කරන කෙනා සිත දැඩි කර ගන්නව. පදන් වීරිය කරනවා. බලවත් සේ වීරිය කරනවා. එයා අකුසලය දුරු කරනවා. අන්න එහෙමයි වීරිය කියන බලය උපදව ගන්නේ. කුසල් උපදවා ගන්නෙත් ඒ විදිහටමයි. අන්න ඒ විදිහට ශ්‍රද්ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, වීරිය බලය උපදවා ගත යුතුයි.

මේ විදිහට කටයුතු කරන කෙනා ආර්ය සත්‍ය ගැන වැටහීම ඇති කර ගැනීම පිණිසත් ඒ ධර්මය පුරුදු කළ යුතුයි. ධාතු වශයෙන්, ස්කන්ධ වශයෙන්, ආයතන වශයෙන් ධර්මයන් පුරුදු කරන්ට එයා මහන්සි වෙන්ට ඕනෑ. පුරුදුවෙන්ට ඕනෑ. එතකොට එයා තුළ ප්‍රඥා බලයත් දියුණු වෙන්ට පටන් ගන්නවා. මේ විදිහට පුරුදු කරන කෙනා තුළ ශ්‍රද්ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, වීරිය බලය, ප්‍රඥා බලය උපදවා ගන්ට පුළුවන්. ඒ උපදවා ගත්ත බලයන් එයා හොඳින් දියුණු කර ගන්ට ඕන. අන්න ඒ විදිහට දියුණු කරගත්තොත් එයා නිවන් මඟට පැමිණෙන කෙනෙක් බවට පත් වෙනවා.

විශේෂයෙන් මතක තියා ගන්න මේ සේඛ ධර්ම පුරුදු කරන කෙනා තුළ සීලය පිරෙනවා. සේඛ ධර්ම පිරෙන්ට පිරෙන්ට. ගුණ ධර්ම පිරෙන්ට පිරෙන්ට සීලය පරිපූර්ණ වෙනවා. සීලය පරිපූර්ණ වුන කෙනා තුළ පසුතැවීම නෑ. එයාගෙ සිත පහන් වෙනවා. සිත පහන් වුන කෙනා තුළ සම්මා දිට්ඨිය උපදිනවා. සෝතාපන්න තත්වෙට එයා පත්වෙනවා. සම්මා දිට්ඨිය ඉපදුන කෙනාට සම්මා සමාධිය යම් දවසක ඇති කර ගන්ට පුළුවන්කම ලැබෙනවා. එහෙනම් සම්මා සමාධිය ඇති කර ගත්ත කෙනාට ධර්ම අවබෝධ කිරීමේ ලාභය ගිලිහෙන්නෙ නෑ. එයා ධර්මය අවබෝධ කර ගන්ට වාසනාවන්තයෙක් බවට පත් වෙනවා මයි. එතකොට කොහෙන්ද පටන් ගත්තේ සේඛ බල පුරුදු කර ගැනීමෙන්. ඒනිසා මේ උතුම් වූ බලයන් ගැන අප තුළ මහත් වූ පැහැදීමක් ඇති කර ගත යුතුයි. වැටහීමක් ඇති කර ගත යුතුයි. සතර අපායෙන් නිදහස් වීම පිණිස, සුගතියට හිත නම්මා ගැනීම පිණිස, නිවන කෙරෙහි සිත පිහිටුවා ගැනීම පිණිස, පරිපූර්ණ වශයෙන් දුකෙන් නිදහස් වීම පිණිස අපට මහත් වූ උපකාර ලබාදෙන මේ උතුම් සේඛ බල උපදවා ගෙන පරිපූර්ණ කර ගැනීම පිණිස සියලු දෙනාටම දුර්ලභ වූ භාග්‍ය උදාවේවා!

සේඛ බල පුරුදු කරමු -7 පවට ලජ්ජාව උපදවා ගනිමු

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.