Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අධි සිල් ලබති

අඹතැන්න හපුගොඩ ශ්‍රී සුභද්‍රාරාම මහජන විහාරාධිපති, මාතලේ ශ්‍රී විද්‍යානන්ද පරිවෙණාධිපති, හාරිස්පත්තුව උතුර ශාසන ආරක්‍ෂක බල මණ්ඩලයේ සභාපති, උඩරට අමරපුර නිකායේ ශාසන ඡ්‍යොතිකාරක සංඝ සභාවේ සභික, මධ්‍යම දිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රවේදී බටුගොඩ සංකිච්ච නා හිමියන්ගේ ශිෂ්‍ය, අලවතුගොඩ කොණකලගල ශ්‍රී සද්ධානන්ද මහා පිරිවෙනේ ප්‍රාචීන අවසාන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන හපුගොඩ රේවත ශිෂ්‍ය නම ජූනි මස තිස්වෙනි (30) දින මහනුවර ගන්නෝරුව වරාතැන්න මහවැලි නදී සිරිමහ බෝධි සීමා මාලකයේ දී උපසම්පදා සීලයෙහි පිහිටුවනු ඇත. රේවත හිමි, පොළොන්නරුව කාලිංග ඇල පදිංචි එල්. පියරත්න. බී.අයි. මල්කාන්ති යන මහත්ම, මහත්මීන්ගේ පුත්‍රයෙකි.


 

 


පිළියන්දල නාම්පමුණුව අශෝකාරාමාධිපති ගාල්ල හබරාදූව විද්‍යාරත්න පිරිවෙනේ ආවාර්ය ශාස්ත්‍රපති ගොණදෙනියේ ඉන්දසාර හිමියන්ගේද ගාල්ල තල්ගස්වල නියාගම ශ්‍රී පුණ්‍යාරාමාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී මධුරභාණී මාපලගම නන්ද හිමියන්ගේද ශිෂ්‍ය වූද ගාලු දිසාවේ බඹරවානෙහි පදිංචි එච්.පී. ධර්මදාස සහ එල්.පී. සුමනාවතී දම්පතීන්ගේ කනිටු පුත් මරදාන ශ්‍රී ලංකා විද්‍යාල මහ පිරිවෙණෙහි උසස් අධ්‍යාපනයෙහි නියුතු බඹරවානේ ධම්මානන්ද පොඩි හාමුදුරුවන් වහන්සේ ජූනි මස 17 වන දින පස්වරුවේ කෝට්ටේ රජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේ දී උපසම්පදාව ලැබූහ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.