UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත, 
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

පොසොන් අව අටවක 2012 ජුනි 11 වනදා

ලොව පවතින යථාර්ථය

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ වදාළ ශ්‍රී සද්ධර්මය මගින් ආලෝකය ලැබූ අපේ රට ධර්මද්වීපය ලෙස විරුදාවලිය ලබන්නට ද වාසනාවන්ත විය.

“සම්බුද්ධත්ව ජයන්ති වසර උදාව නිමිත්තෙන් ලොව බොදු රටවල ආගමික උත්සව විවිධාකාරයෙන් පවත්වමින් එම 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මහෝත්සවය මහත් ගෞරවයෙන් සිහිපත් කරනු ලැබූහ.

එවන් මහෝත්සවයක් පසුගිය දා තායිලන්තයේ දී ද පැවැත්විණි.

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව වන වෙසක් දින සැමරුම නිමිත්තෙන් තායිලන්තයේ දී විශේෂ උත්සවයක් පැවැති අතර ඊට ලොව රටවල් 58 ක මහ සඟරුවන ඇතුළු බෞද්ධාගමික නියෝජිතයෝ 2500 ක් පමණ සහභාගි වී ඇත. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 400 ක් පමණ මහ සඟරුවන ඊට වැඩම කළහ.

තායිලන්තයේ දී පැවැති එම බොදු සමුළුව අමතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කළ දෙසුම ඉකුත්දා දිනමිණ වාර්තා කර තිබිණි.

අතිගරු ජනාධිපතිතුමා සිය දෙසුමේ දී මෙසේ සඳහන් කර තිබිණි.

“සම්බුද්ධත්ව ජයන්තියේ 2600 වන වසර නිමා වන මේ මොහොතේ දී මේ උළෙලට මා සහභාගිවන්නේ මාගේ රටේ රාජ්‍ය නායකයා වශයෙන් පමණක් නොව බුද්ධ ශාසනයේ ආරක්‍ෂකයා හා ප්‍රවර්ධකයා ලෙස ශතවර්ෂ ගණනාවක් තිස්සේ රාජ්‍ය නායකයාගෙන් රාජ්‍ය නායකයාට උරුම වූ සම්ප්‍රදායේ සාඩම්බර භාරකරු වශයෙනි. ඉතා පුරාණයේ සිටම මෙය සෑම ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයකුගේම ශුද්ධ වූ වගකීම විය. මට පැවරී ඇති මේ ඓතිහාසික කර්තව්‍ය මට ඉතා නිහතමානිත්වයක් ගෙන දේ.

මෙහිදී ශතවර්ෂ ගණනාවක් පුරා බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් අපේ සත්කාරක රාජ්‍ය වන තායිලන්තය විසින් ඉටු කරන ලද ඓතිහාසික කාර්යභාරය මම මහත්සේ අගය කරමි. මීට වසර 259 කට පෙර එනම් ක්‍රි.ව. 1753 දී තායිලන්තයේ සිට ශ්‍රී ලංකාවේ අන්තිම රාජාධානිය වූ මහනුවරට උපාලි මහා ස්ථවිරයන් විසින් උපසම්පදාව යළි ස්ථාපිත කිරීම ඉන් එක් අවස්ථාවක්. ශ්‍රී ලංකාවෙහි අප මෙන්ම සමස්තයක් ලෙස ලොව පුරා බෞද්ධයන ද ශාක්‍යමුනි බුදුන් වහන්සේගේ උත්කෘෂ්ඨ ඉගැන්වීම් පාරිශුද්ධ ආකාරයෙන් සුරක්ෂිත කිරීම පිළිබඳ තායිලන්ත ජනතාවට ණයගැති වෙමු.

යහපත් පාලනයක් සඳහා ධාර්මිෂ්ඨ පාලකයෙකු සතු විය යුතු ගුණාංග බුදුන් වහන්සේ විසින් දසරාජ ධර්ම ලෙස හඳුන්වා තිබෙනවා. ඒ මෙසේය. දානං ශීලං පරිච්ඡාගං අජ්ජවං මජ්ජවං තපං අක්කෝධෝ අවිහිංසාචඛන්තීච අවිරෝධතා ධාර්මිෂ්ඨ පාලකයෙකු පරිත්‍යාගශීලිද අනුකම්පා සහගතද වන අතර උත්තරීතර සදාචාරයන්ට හිමිකම් කියයි. එසේ පරිත්‍යාග කිරීමට සූදානම්ය. අවංකය, පරිපූර්ණය. කරුණාබරය, සුමුදුය. අල්පේච්ඡතාව අනුගමනය කරයි. වෛරය පිටු දකියි. ප්‍රචණ්ඩ නොවේ. නිත්‍යශීලි බව සුරකියි. ඉවසිලිවන්තය. වෛරී නොවේ.

අප ළමා වියේ දී පවා අපට උගන්වනු ලැබුවේ දස රාජ ධර්මය අනුව පාලකයෙකු තම රට පාලනය කරන විටදී පාලකයාද පාලිතයා ද ඉසුරුමත ්හා අපරාජිත වන බවය. මේ උත්තරීතර යහගුණ ඇසුරෙන් පාලනයේ විවිධ මානයන් පිළිබඳ බුදුන් වහන්සේ පැහැදිලි කළ සේක. නිදසුන් හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පදනම් ලෙස පිළිගන්නා ප්‍රජාතන්ත්‍රවාදය සාධාරණත්වය මානව හිමිකම් හා නීතියේ ආධිපත්‍යය යන නූතන යැයි පෙනෙන සංකල්ප එහි අන්තර්ගතය.

බුදුන් වහන්සේ ගේ ඉගැන්වීම් මෙයට ශතවර්ෂ 26 කට පෙර මෙන්ම අදට ද අදාළයි. නූතන ලෝකයේ රාජ්‍ය නායකයන් මේ උපදෙස් පිළිගන්නවා නම් වර්තමානයේ අභ්‍යන්තර සහ අන්තර්ජාතික ගැටළු මානව වර්ගයාගේ යහපත පිණිස විසදිය හැකියි. අප ළමා වියේ සිටම බුදුන් වහන්සේගේ ධර්මයෙන් පෝෂණය ලැබූ නිසා අපට යුක්තිය සහ නීතියේ ආධිපත්‍යය නුහුරු නැත. ක්‍රියාවට නැංවීම සඳහා මේ සංකල්ප අපට දේශනා කළ යුතු නැත. වසර දහස් ගණනාවකට පෙර ශාක්‍යමුනි බුදුන් වහන්සේ මානව හිමිකම්වල මූල ධර්ම දේශනා කළ සේක” ආදී වශයෙන් සඳහන් කර තිබිණි.

ජනාධිපතිතුමාගේ එම සම්පූර්ණ දෙසුම ලෝකවාසි බොදුනුවන්ගේ මහත් සතුටට හේතුවක් වනු නොඅනුමානය.

එමෙන්ම ලොවටම ආදර්ශයක් සපයන්නක් ලෙස ඓතිහාසික දෙසුමක් වනු ඇත.

 

පොසොන් අව අටවක පෝය

පොසොන් අව අටවක පෝය ජුනි 11 වැනි දා සඳුදා පූර්වභාග 03.49 ට ලබයි. 12 වැනි දා අඟහරුවාදා පූර්වභාග 04.49 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජුනි 11 වැනි දා සඳුදා ය.

මීළඟ පෝය
ජුනි 19 වැනිදා අඟහරුවාදාය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 11

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27

Full Moonපසෙලාස්වක

ජූලි 03


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]