Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කතරගම පෙරහරේ කප් සිටුවීම

රුහුණු කතරගම මහාදේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහර සඳහා පෞරාණික චාරිත්‍රානුකූලව කප්සිටුවීම ජූනි මස 05 දින සිදුකිරීමට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි කටයුතු සම්පාදනය කර තිබිණි.

කප් සිටුවන දිනට පෙරදින සකස් කරන ලද කප්දෙක වල්ලි අම්මා දේවාලයේ තැන්පත් කරනු ලැබේ.

කප් සිටුවන දිනයේ අලුයම වල්ලි අම්මා දේවාලයේ සිට පුද පෙරහරින් කප් දෙක කතරගම දේවාලයේ කපු මහත්වරුන් විසින් මහාදේවාලයට වැඩම කරවනු ලැබේ. මහා දේවාලයේ දී කප් දෙකට පුද පූජාවන් පැවැත්වීමෙන් අනතුරුව දේවාලයේ මිණි බැඳි මණ්ඩපයේ නියමිත ස්ථාන දෙකේ කප්දෙක සිටුවනු ලැබේ.

කප් සිටුවීම අනුව මේ වර්ෂයේ කතරගම මහාදේවාලයේ ඇසළ මහා පෙරහර ජූලි මස 19 දින ඇරඹෙයි. අගෝස්තු මස 01 දින අවසාන මහා පෙරහර පැවැත්වෙන අතර අගෝස්තු මස 02 දින මැණික් ගඟේ දියකැපීමෙන් පෙරහර කටයුතු අවසන් වෙයි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.