Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය



පැවිදි නාමය :
දෙල්ලව ධම්මරතන හිමි

තනතුරු නාමයන් :
දෙල්ලව විද්‍යාවර්ධන පිරිවෙනේ පරිවේණාධිපති නෙළුව ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි,
ශ්‍රී රෝහණ තරුණ භික්‍ෂු සංවිධානයේ ප්‍රධාන ලේකම්,
සියම් මහා නිකායේ රෝහණ පාර්ශ්වයේ කර්මවාගාචාර්ය
ශාස්ත්‍රපති දෙල්ලව ධම්මරතන හිමි.

වැඩ වසන විහාරස්ථානය:
ශ්‍රී‍්‍ර නාථාරාම විහාරය, දෙල්ලව, මොරවක

උපන් දිනය : 1977 ජූලි 17 වන දින

පියා : සිරිසේන ගුණතුංග මහතා

මව : එම්.එස්. හින්නිනෝනා මාතාව

සහෝදර සහෝදරියන් : සහෝදරයන් තිදෙනෙක් සහ සහෝදරියන් සිවුදෙනෙක් පමණ

ගිහි නම : ගාමිණී ගුණතුංග

මූලික අධ්‍යාපනය : ගා/දෙල්ලව මහා විද්‍යාලය

උසස් අධ්‍යාපනය :
ගා/දෙල්ලව විද්‍යාවර්ධන පිරිවෙන,
මාතර ශ්‍රී සුදර්ශි විද්‍යායතන පිරිවෙන,
රුහුණුවිශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදි උපාධිය ලබාගැනීම,
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ බුද්ධ ධර්මය පිළිබඳව ඩිප්ලෝමාව ලබා ගැනීම

පැවිදිවීම : 1994 ජනවාරි මස 14 වන දින

උපාධ්‍යයන් වහන්සේ : බෙත්ගමුවේ උපාලි මා හිමි

ආචාර්යන් වහන්සේ : බඹරැන්දේ උපරතන මා හිමි.
* දෙල්ලව විද්‍යාවර්ධන පිරිවෙනේ විහාරාධිපති දෙල්ලව ජිනරතන නා හිමි
* පරදුව ශ්‍රී වර්ධනාරාම විහාරාධිකාරි පරදුව ජිනානන්ද හිමි

උපසම්පදා දිනය : 1998 අපේ‍්‍රල් මස 26 වන දින ශ්‍රී‍්‍ර රෝහණ සංඝ සභා මූලස්ථාන උපෝසථාගාරයේදී

ධර්ම ප්‍රචාරක කටයුතු :
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය හා රුහුණු සේවය මගින් ධර්මදේශනා පැවැත්වීම
බෞද්ධ පුවත්පත්වලට ලිපි සැපයීම

වෙනත් :
* දෙල්ලව විද්‍යාවර්ධන පිරිවෙනේ ආචාර්යවරයෙකු වශයෙන් කටයුතු කිරීම
* දෙල්ලව විද්‍යාවර්ධන පිරිවෙනේ පරිවේණාධිපති වශයෙන් කටයුතු කිරීම
* දෙල්ලව සිරි ප්‍රඤ්ඤානන්ද දහම් පාසලේ උපප්‍රධානාචාර්ය වරයකු වශයෙන් කටයුතු කිරීම
* නෙළුව සමථ මූල මණ්ඩලයේ සමථකාරවරයෙකු වශයෙන් කටයුතු කිරීම
* නෙළුව ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරි ලෙස කටයුතු කිරීම
* ශ්‍රී රෝහණ තරුණ භික්‍ෂු සංගමයේ ලේඛකාධිකාරි ලෙස කටයුතු කිරීම
* ශ්‍රී රෝහණ සංඝ සභාවේ කර්මවාගාචාර්යවරයකු ලෙස කටයුතු කිරීම
* ගාලු දිස්ත්‍රික්කයේ සාමදාන විනිශ්චයකාරවෙකු ලෙස කටයුතු කිරීම
* දෙල්ලව දේවාලේගම ශ්‍රී සුගත විහාරයේ විහාරාධිකාරි ධූරය දැරීම


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.