Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පොසොන් මහ පෙරහර

ශ්‍රී දළදා මාලිගාව

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පොසොන් මහා පෙරහර පොසොන් පෝය දින පැවැත්වේ. මෙදින සවස චාරිත්‍රානුකූලව පෙරහර කරඬුව වැඩමවාගෙන ශ්‍රී දළදා මාලිගාවේ මහ වහල්කඩ අබියසින් පිටත්වන පෙරහර මාලිගා චතුරශ්‍රයට පිවිසි වීදි සංචාරය කෙරේ.

ශ්‍රී දළදා මාලිගාවේ ඇත්පන්තියේ අලි ඇතුන් සියල්ල සමග ශ්‍රී දළදා මාලිගාවේ හේවිසි කණ්ඩායම් ඇතුළු සම්ප්‍රදායික සංස්කෘතික කණ්ඩායම් පෙරහරට සහභාගි වෙති.

ශ්‍රී දළදා මාලිගාවේ පොසොන් පෙරහර ආරම්භ කිරීමට පළමුව මල්වතු අස්ගිරි මහා විහාරයන්හි උපසම්පදා පෙරහර දෙක ශ්‍රී දළදා මාලිගාවෙන් පිටත්ව මහා විහාර කරා ගමන් කරනු ඇත. මෙදින වාහලනාග නාමයෙන් උපසම්පදා ශීලයෙනි පිහිටුවනු ලබන සාමණේර දෙනම මෙම පෙරහරෙන් මල්වතු අස්ගිරි මංගල උපෝසථාගාර වෙත වැඩමවාගෙන යෑමෙන් අනතුරුව උපසම්පදා විනයකර්ම කටයුතු මහා විහාර සම්ප්‍රදාය අනුව මහ නා හිමිවරුන්ගේ උපාධ්‍යායත්වයෙන් සිදුකිරීමෙන් අනතුරුව වෙසක් පෝය දිනයෙන් ආරම්භ කරන ලද උපසම්පදා විනය කර්ම කටයුතු මෙම පොසොන් පෝය දිනයෙන් අවසන් කෙරේ.


පොළොන්නරුව

පොළොන්නරුව ඓතිහාසික ගල්විහාරයේ දළදා පොසොන් මහා පෙරහර පොසොන් පෝ දින අත්‍යාලංකාරයෙන් පැවැත්වීමට ගල් විහාරාධිපති අස්ගිරිය ඓතිහාසික ආදාහන මලුව ගොඩිගේ විහාරාධිපති (දළදා ගමන් මාලිගාව) ශාස්ත්‍රපති වේඬරුවේ උපාලි නාහිමි විධි විධාන යොදා ඇත. රාත්‍රී අටට පමණ අලි ඇතුන් සහිත මහ පෙරහර වටදාගයෙන් පිටත්ව වීදි සංචාරය කරනු ඇත.

පෙරහරට සමගාමීව පොසොන් පෝ දින ගල්විහාරයේ ආගමික වැඩසටහන උදේ 6 විහාරාධිපති වේඩරුවේ උපාලි නාහිමි විසින් සිදු කරන අතර මැදිරිගිරිය මෑතගම ශ්‍රී සෝමානන්ද, අලුත්ගම ආනන්ද හිමිවරුන් පවත්වනු ලබන දේශනා දෙකක් ද ඇතුලත් වේ.


පූජාපිටිය

පූජාපිටිය පලීපාන උඩුමුදුන ශ්‍රී පුර්වාරාමයේ වාර්ෂික පොසොන් මහා පෙරහර ජුනි 04 බවදා අසූහත්වෙනි (87) වතාවටත් උත්කෘෂ්ට අන්දමින් පැවැත්වීමට විහාරාධිපති හාරිස්පත්තුව ප්‍රධාන අධිකරණ සංඝනායක මිනිවන්ගමුවේ ශ්‍රී රතනසාර නාහිමියන් ප්‍රධාන විහාරස්ථ කාර්ය සාධක සමිතිය විධිවිධාන යොදා ඇත.

සවස 2 ට විහාර මළුවෙන් පිටත්වන පොසොන් මහ පෙරහර පූජාපිටිය වීදි සංචරයෙන් ඇහැල ගස්භින්න බෝධිමළුව තෙක් ගමන්කර සවස 6 පමණ විහාර මළුවෙන් ගෙවදී. 1925 දී ආරම්භකර සෑම පොසොන් පෝය දිනකම අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබේ.


හපුගොඩ

අඹතැන්න හමුගොඩ ශ්‍රී සුභද්‍රාරාම මහ ජන විහාරයේ මිහිඳු මහ පෙරහර මෙවරද අත්‍යලංකාරයෙන් ජුනි 04 වෙනිදින පැවැත්වේ. විහාරාධිපති බටුගොඩ සංකිච්ච නාහිමියන්ගේ අනුශාසනා පරිදි සුභද්‍රා දහම් පාසල් ශිෂ්‍යයන් කැටුව පවත්වන මෙදින පෙරහර විහාර මළුවෙන් පිටත්ව අඹතැන්න මාර්ගයේ හපුගොඩ රජ පිහිල්ල මාර්ගවල ගමන් කෙරේ.


ගන්නෝරුව

පේරාදෙණිය ගන්නෝරුව රජමහ විහාරයේ පොසොන් මහ පෙරහර විහාරයෙන් මෙදින සවස 3 ට පිටත්ව පේරාදෙණිය ගන්නෝරුව තෙක් ගමන් කර සවස 6 ට මලුවෙන් ගෙවදී.


ශ්‍රී පුෂ්පදාන සමිතිය

මහනුවර සීමාසහිත ශ්‍රී පුෂ්පදාන සමිතියේ වාර්ෂික පොසොන් මහා පෙරහර ජුනි 16 වෙනිදා සවස 2 සමිති මූලස්ථානයෙන් ආරම්භ කර මහනුවර වීදි සංචාරය කෙරේ.


මිහිඳු පෙරහර

වේයයන්ගොඩ මිහිඳු පෙරහැර 81 වැනි වරටත් ජුනි මස 04 වැනි දින (පොසොන් පෝදා) වේයන්ගොඩ නගරයේ වීදි සංචාරය කෙරේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.