Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

උඩකරවිට හොරංගල පහළවත්ත ලිපිනයේ පදිංචි නිශාන්ත අජිත් සිරිවර්ධන නමැති තිස්එක් හැවිරිදි තරුණයා ලියුකේමියා රෝගයෙන් පෙළෙයි. විවාහකයකු වන ඒ මහතාට ස්ථිර රැකියාවක් නැත.

මහරගම පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍ය ඩෙහාන් ගුණසේකර මහතා නිර්දේශ කර ඇත්තේ රෝගියා ඉන්දියාවට ගෙන ගොස් විශේෂ ශල්‍ය කර්මයකට (ඇටමිදුළු බද්ධ කිරීමේ) භාජනය කළ යුතු බවයි. මේ සඳහා රුපියල් ලක්ෂ පනහක් පමණ වැය වෙතැයි ගණන්බලා තිබේ. මොහුගේ ජීවිතය බේරාගැනීම සඳහා උපකාර කිරීමට කැමැති අයෙක් වෙතොත් නිවිතිගල ලංකා බැංකුවේ ගිණුම් අංක 8218430 හෝ නිවිතිගල මහජන බැංකු ශාඛාවේ ගිණුම් අංක 192200120016520 වෙත බැර කරන ලෙස ඔහුගේ ඥාතීන් ඉල්ලා සිටියි. 0775193897 හෝ 0711704132 දුරකතන අංකයට අමතන ලෙස දන්වයි.


ඉඹුල්ගොඩ අමුනුගොඩ ‘මිතුරු සෙවන’ අංක 113/ ඒ 2 දරන නිවසේ පදිංචි ශාන් රන්දික (අවු. 15) දරුවා දරුණු පිටකොන්දේ ආබාධයක් හේතුවෙන් පීඩා විඳියි. ඒ දරුවා සුවකර ගැනීම සඳහා ශලයකර්මයක් කළයුතුව ඇත. එකී ශල්‍යකර්මයට විශාල මුදලක් වැයවන බැවින් කිරිබත්ගොඩ ජාතික ඉතිකිරීමේ බැංකුව 1 – 0067 – 03 –84623 දරන ගිනුමට ඔබේ ආධාර ලබාදෙන ලෙස ඉල්ලා සිටියි. වැඩිවිස්තර සඳහා 0776293943 දැනගත හැකිය.


වකුගඩු රෝගයකින් පෙළෙන අංක 220/03 සමගි මාවත, කොටිකාවත්ත අංගොඩ යන ලිපිනයේ පදිංචි ඩී.එල්. ආනන්දා ජයසේකර මහතාට බී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතුªබව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත. පරිත්‍යාගශීලි පුද්ගලයකු සිටීනම් 0770270123 හෝ 0112568716 වෙත දැනුම් දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටියි.


මාරවිල, මුදුකටුවේ පදිංචි 58 හැවිරිදි කොලස්ටිකා මජිනි ප්‍රනාන්දු මාතාවට ඒ හෝ ඕ පොසිටිව් වර්ගයේ වගුකඩුවක් අවශ්‍යව ඇත. යම් පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකතන අංක 0772695209, 0777036213 දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියි.


වේයන්ගොඩ ෆාම්ග්‍රෝව්වත්ත පළමු මාවතේ අංක 144/ඒ/2 දරණ නිවසේ පදිංචි 49 හැවිරිදි එස්.එච්. වික්‍රමසිංහ නමැති තිදරු පියා දරුණු අක්මා රෝගයෙන් පෙළේ. ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඉක්මණින් අක්මාවකින් කොටසක් බද්ධ කළයුතු බවට විශේෂඥ වෛද්‍යවරයා පවසා ඇති අතර ඕ පොසිටිව් වර්ගයේ අක්මාවකින් කොටසක් පිරිනැමිය හැකි පරිත්‍යාගශීලියෙකු වේනම් 0714393792 , 0718121895 හෝ 0718155179 යන දුරකතන අංකවලට දැනුම්දෙන ලෙස ඉල්ලා සිටියි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.