Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පොසොන් දන්සැල

වරාය අධිකාරියේ අනුරාධපුර පොසොන් දන්සැල

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පොසොන් දන්සල් සමිතියේ සිසිල් පැන්/ ඔසු පැන් දන්සල 50 වන වරටත් අභයගිරිය පූජා භූමිය ඉදිරියේදී මෙවරත් පැවැත්වේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිතුමා, කළමණාකාර අධ්‍යක්ෂකතුමා ඇතුළු කළමණාකාරීත්වයෙන් හා සමස්ත වරාය සේවක මහත්ම මහත්මීන්ද වෙනත් බාහිර පාර්ශවයන්ගෙන්ද මෙම දන්සැල පවත්වාගෙන යාමට ලබාදෙන දායකත්වය සිහිපත් කරන බව එම දන්සැල් සමිතියේ ලේකම්වරයා කියයි.


කලාඔය

කලාඔය ශ්‍රී‍්‍ර විජය බෝධිරාජාරාමයේ වාර්ෂිකව පවත්වනු ලබන බත් දන්සැල 47 වැනි වරටත් මෙවරද පැවැත්වේ.

දින 5 ක්පුරා පොසොන් තොරණද ප්‍රදර්ශනය කිරීමටද විහාරාධිපති මාදම්පේ සරණතිස්ස නා හිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකැරේ.


මහනුවර

මහනුවර ආයුර්වේද ඖෂධ වෙළඳ සමාගම සහ ශුභසාධක සමිතිය මගින් පොසොන් පෝය දින පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමයේදී සිල් සමාදන්වන උපාසක පිරිස වෙනුවෙන් ඖෂධීය කොළකැඳ බෙදාදීම මෙවරද සිදුකෙරේ.

සභාපතිනි වෛද්‍යාචාරිනි මංජුලා කුළුපන මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙදින උදේ 7.00 ට මෙවර වැඩසටහන ආරම්භ කෙරේ.


කොටුගොඩැල්ල

මහනුවර කොටුගොඩැල්ල, පුරාණ රජමහා විහාරය දායක සභාව ක්‍රියාත්මක කරන වෙසක් පොසොන් ඒකාබද්ධ සත්සති පූජා ධර්ම දේශනා මාලාව යටතේ විළද, මීපිඬු පූජාවක් ජුනි 23 උදේ.7.00 සිට 7.45 දක්වා පැවැත්වීමට විධිවිධාන යොදා ඇත. විහාරාධිපති අමුණුගම රාජගුරු ශ්‍රී විපස්සි නාහිමි සහ විහාරාධිකාරි ශාස්ත්‍ර‍්‍රපති කෝන්වැවේ සුනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි එම පූජාව විහාරස්ථ දායක සභාවේ ලේකම් අමල් ජයසිංහ මහතාගේ සංවිධායකත්වයෙන් සිදුකෙරේ.


මිහින්තලේ

හැව්ලොක් ටවුන්හි ඉසිපතානාරාම මහා විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සභාපති ශාස්ත්‍රපති කිහිඹියේ විජිත හිමියන් මෙහෙයවීමෙන් සැදැහැවත් පින්වතුන්ගේ ආධාරයෙන් පවත්වන සිසිල් පැන් දන්සල මිහින්තලේ ඒ 9 මාර්ගයේ කටුසෑය චෛත්‍ය අසල දී 15 වැනි වරටත් මේ මස 04, 05 දෙදින තුළදී පවත්වනු ලැබේ.


තලම්මැහැර

පන්නල තලම්මැහැර ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරස්ථ පොසොන් දන්සල් කමිටුව සංවිධානය කරන මහා බත් දන්සල 32 වැනි වරටත් ජුනි 03, 04 දිනවල අනුරාධපුර ඓතිහාසික මිරිසවැටි දාගැබ අසලදී පැවැත්වේ.


තලවත්තේගෙදර

තලවත්තේගෙදර කලුගමුවේ මහින්ද තරුණ බෞද්ධ සමිතිය මගින් වාර්ෂිකව මිහින්තලේ මැදමලුවේ පවත්වාගෙන යනු ලබන පොසොන් දන්සල 42 වැනි වර්ෂයටත් ජුනි මස 03 සහ 04 දෙදින පැවැත්වේ. පොසොන් පෝ දින රාත්‍රී 9 සිට පහන් වනතුරු ඉඟුරු කොත්තමල්ලි පැණින් සහ තේ, කෝපි වලින් සංග්‍රහ කරනු ලැබේ. පොසොන් පුර පසළොස්වක් දින උදේ 10.00 සිට කෑම පාර්සල් බෙදා හරිනු ලැබේ.

එදින රාත්‍රී 9 සිට පහන් වනතුරු ඉඟුරු කොත්තමල්ලි සහ තේ, කෝපි වලින් සංග්‍රහ කරනු ලැබේ. මේ අතර ගිලන්පස බුද්ධ පූජා හීල් දාන සහ දවල් දාන බුද්ධ පූජා පවත්වනු ලැබේ.


කතරගම

ඔසුපැන්

කතරගම පූජා නගරයේ ශ්‍රී අභිනවාරාම විහාරස්ථ ශ්‍රී සුගුණතිස්ස ආයුපාල දහම් පාසැලේ ඔසුපැන් දන්සැල පොසොන් පෝදා දවස පුරා විහාරස්ථානය ඉදිරිපිට පැවැත්වීමට විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කපුගම සරණතිස්ස නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ.

සිසිල්බීම

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථ ශ්‍රී ආනන්ද රේවත දහම් පාසල මඟින් පොසොන් පෝදා වාර්ෂිකව පවත්වනු ලබන සිසිල්බීම දන්සැල කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ ප්‍රධාන වාසල දොරටුව ඉදිරිපිට පැවැත්වීමට කිරිවෙහෙර රජමහා විහාරාධිපති ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ.

රසකැවිලි

කතරගම වල්ලිමාතාගම ශ්‍රී වල්ලිකන්දාරාම. විහාරස්ථ ශ්‍රී‍්‍ර තරුණලෝක දහම් පාසලේ රසකැවිලි දන්සල පොසොන් පෝදා දවසපුරා එම විහාරස්ථානය ඉදිරිපිට පැවැත්වීමට විහාරාධිපති ශාස්ත්‍රාචාර්ය ලත්පදුරේ විපුලභද්‍ර නා හිමියන්ගේ අනුශසානාව පරිදි සිදුකෙරේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.