Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කොත් පැළඳවීමේ පින්කමක්

පයාගල කොස්හේන ශ්‍රී විජයාරාමාධිපති ඕපනායක රතනසාර හිමියන්ගේ අනුශාසනා පරිදි ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේට කොත් පැළඳවීම ජූනි මස 04 වන දා පෙරවරුවේ දී සිදු කැරේ. ඊට සමගාමීව පොසොන් පෝදා සිට පින්කම් මාලාවක් පැවැත්වීමට විහාරස්ථ දායක සභාව, කුලඟන සමිතිය හා ධර්ම ජයන්ති දහම් පාසල කටයුතු යොදා ඇත. ඒ අනුව ජූනි මස 03 වන දින සර්වරාත්‍රික පිරිත් දේශනයක් ද, 04 වන දින අභිනව චෛත්‍යරාජයාණන් වහන්සේට කොත් පැළඳවීම ද, 05 වන දින අර්ධශතා ධික මහ සඟරුවනට දවල් දානය පිළිගැන්වීමද, 06 වන දින සවස 6.00 බැති ගී සරණිය හා බත් දන්සැලද පැවැත්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.