Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව තෙදිනක්

සම අනුග්‍රහය: ලංකා විදුලිබල මණ්ඩලය

බැතිබර දායකත්වය: අබාන්ස්

සීමා මාලකය ඉදිකිරීමේ මූල්‍ය අනුග්‍රහය: සීමාසහිත මැලිබන් සමාගම

ඉදිකිරීම්: ජාතික උරුමයන් පිළිබඳ අමාතා්‍යංශයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා මහෝත්සවය ජුනි මස 03, 04, 05 යන දිනවල දී මිහින්තලා පුද බිමේදී පැවැත්වේ.

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ලංකා විදුලිබල මණ්ඩලයේ සම අනුග්‍රහයෙන් සිදු කැරේ.

ස්වර්ණ ජයන්තිය සමරන මෙවර ආලෝක පූජා මහෝත්සවය මිහින්තලා රජ මහා විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී වලවාහැංගුණ වැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරේ.

ජුනි 03 වැනිදා පස්වරු 3 ට මිහින්තලය කණිෂ්ඨ විද්‍යාලයේ ළමා උද්‍යානය සම්භාවනීය අමුත්තන් අතින් විවෘත කැරේ.

එදින පස්වරු 6 ට මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව විවෘත කිරීමේ උත්සව සභාව පැවැත්වෙන අතර විහාරාධිපති හිමියන් ගේ අනුශාසනාවෙන් පසු පිළිගැනීමේ කථාවට අනතුරුව නිපුණතා සංවර්ධන හා යෞවන කටයුතු නියෝජ්‍ය ඇමැති දමින්ද දිසානායක මහතා උතුරුමැද පළාතේ ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා සහ උතුරු මැද පළාතේ ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහත්වරුන්ගේ දෙසුම්වලින් අනතුරුව ආලෝක පූජාව විවෘත කැරේ.

04 වැනිදා පොසොන් පෝදා පෙරවරු 6 ට සීල සමාදානය සිදු කරන අතර පෙරවරු 8. 30 ට දොඩම්ගොඩ අස්සජි නාහිමියන් විසින් දහම් දෙසුම පවත්වනු ලැබේ. පෙරවරු 10. 30 ට සම්බුද්ධ පූජාවද 11. 30 දහම් පාසල් දහසක් සිසුන් සඳහා දවල් දානය පිරිනැමේ.

පෝදා පස්වරු 5 ට සීමාසහිත මැලිබන් සමාගමේ මුල්‍ය අනුග්‍රහයෙන් ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ මෙහෙයවීමෙන් ඉදි කරනවන ලද මිහින්තලා පොහොය ගෙය විවෘත කැරේ.

එම අවස්ථාවට ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක, ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ජගත් බාලසූරිය ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, උතුරුමැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහත්වරු ඇතුළු අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරුද උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහාභාරකාර සරත් සෙනෙවිරත්න, පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් දිසානායක මහතා අනුරාධපුර මහ දිසාපති මහින්ද සෙනෙවිරත්න, මිහින්තලය ප්‍රාදේශීය ලේකම්තුමා මිහින්තලය ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා සහ සම්භාවනීය ආරාධිත අමුත්තන් ලේක්හවුස් සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම මහතා ඇතුළු අධ්‍යක්‍ෂක මණ්ඩලය, සීමාසහිත මැලිබන් සමාගමේ සභාපති ඒ. ජී. සමරජීව මහතා ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩලය සහ අබාන්ස් ආයතනයේ සහ ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

ආගමික වතාවත්වලින් අනතුරුව ඇරඹෙන උත්සව සභාව ඇරැඹෙන අතර සීමා මාලකය සඟ සතු කර පූජා කැරේ. අනතුරුව පිළිගැනීමේ කථාවෙන් පසු පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් දිසානායක ලේක්හවුස් සභාපති කළමනාකාර අධ්‍යක්ෂ ‍‍ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී බන්දල පද්ම කුමාර ගොවිජන සේවා හා වනජීවී අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන, උතුරුමැද ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක, විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක, ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ජගත් බාලසූරිය ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුන්ගේ දෙසුම්වලින් අනතුරුව විදුලි ආලෝකය විවෘත කැරේ. කථික හා රචනා තරගයේ ජයග්‍රාහකයන් වෙත ත්‍යාග හා සහතික පිරිනැමීම ද එහිදී සිදු කැරේ. ජුනි 05 වැනිදා ආලෝක පූජාව අනුරාධපුර මහ දිසාපති මහින්ද සෙනෙවිරත්න ලේක්හවුස් සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂ බන්දුල පද්මකුමාර මහතා ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය, ප්‍රදේශයේ මැති ඇමැතිවරු මිහින්තලේ ප්‍රාදේශීය ලේකම්තුමා, මිහින්තලේ ප්‍රදේශීය සභාවේ සභාපතිතුමා ඇතුළු ආරාධිත අමුත්තන් අතින් සිදු කැරේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.