UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මිහින්තලා ලේක්හවුස් 50 වැනි ආලෝක පූජාවට සමගාමීව දහසක් සිසුන්ට සිල්රෙදි

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම 50 වැනි වරටත් පවත්වනු ලබන මිහින්තලා ආලෝක පූජාවට සමගාමීව බුදුසරණ පුවත්පතේ සංවිධානයෙන් උතුරු මැද පලාතේ පැවැත්වෙන කථික තරගය හා සිල්රෙදි ප්‍රදානය කිරීමේ පින්කම මෙවරද 19 වැනිදා සහ 20 වැනිදා මිහින්තලේදී පැවැත්වේ.

ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ අංශයෙන් පැවැත්වෙන කථික තරගයෙන් ප්‍රථම ස්ථානයන් දිනා ගන්නා ජයග්‍රාහකයන්ට ඩී.ආර්. විජයවර්ධන අනුස්මරණ කුසලානය සහ පියසේන නිශ්ශංක කුසලානය සමඟ මුදලින් රු.10,000 බැගින් පිරිනැමෙයි. දෙවන සහ තුන්වන ස්ථානයන් සඳහා රු. 7500 සහ 5000 බැගින් පිරිනැමෙන අතර 4 වන ස්ථානයේ සිට 10 වන ස්ථානය දක්වා සහතිකපත් හා මුදලින් රුපියල් 1000 බැගින් පිරිනැමෙයි. මෙහි මූල්‍ය දායකත්වය දරණු ලබන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව මගිනි. මෙම 20 වෙනි දින මිහින්තලේ දී සිල්රෙදි බෙදා දෙන අතර මෙවර විශේෂය වන්නේ ප්‍රදේශයේ දහම් පාසල් දරුවන් දහසකට සිල්රෙදි ප්‍රදානය කිරීමය. මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ ලේක්හවුස් ආයතනයේ සංවිධානත්වයෙන් මෙම සිල්රෙදි ප්‍රදානය කෙරෙන්නේ මහා භාරකාර දෙපාර්තමේන්තුව මගිනි.

 

වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය මැයි 20 වැනිදා ඉරිදා පූර්වභාග 2.43 ට ලබයි.
21 වැනිදා සඳුදා පූර්වභාග 5.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි 20 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
මැයි 28 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 20

First Quarterපුර අටවක

මැයි 28

Full Moonපසෙලාස්වක

ජූනි 04

Second Quarterඅව අටවක

ජුනි 11

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]