UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දෙපානම සුගතබන්දු නා හිමි

ලොකු කුඩා හැමදෙනා කෙරෙහිම ළබැඳි සිතකින් බලා හැමවිට
දුකට පිහිට ව සැපට සතුටු ව කල් ගෙවු මෙත් සිතැඟි මුල්කොට
දෙපානම හිමිසඳුන් පරලොව වැඩම කළ බව ඇසී සිතයට
නැගී එයි “ පිය විප්පයෝගයෙ” අඳුරු සේයා පටල මා වට

දුටුව විට මුව නගා පෑවේ සඳවතුර බඳු සිනා රැල්ලක්
දීම හුරුවන බෝසතෙක් මෙන් අතට දෙන්නේ තෑගි මල්ලක්
දනය රැස්කර ගොඩ ගහන්නට උපන් දා සිට නෑ පුරුද්දක්
කුහුඹුවකු හට පවා හිමිගෙන් උනාදැයි නොදනිමි වැරැද්දක්

වෙනස්වන ලෝකයේ ඇති තතු හැඳින ගන්නට මහ සඟුන්වෙත
රටින් රට යන මග කියා දි සීලමය ගුණයෙන් සමන්විත
පැවිදි වත හැම තැනම අගයා මිණක් මෙන් එය කර සුරක්‍ෂිත
දහම් බෙර හඬ වැයුවා හිමි පහදවා සැදැහැති පහන් සිත

පැවිදි වත වඩ වඩා රකිමින් එයට හද බැති බවම දක්වමු
අරි අටඟි මග ගමන් කරමින් නුවන මගටම වෙමින් සිත්යොමු
මෙතේ බුදුරජු බුදුවනා කාලයේ හෝ දම් සබයේ රැස්වෙමු
සසර එක්වෙමු නැවත වෙන්වෙමු වෙන් උනත් කෙළවරදි එක්වෙමු

බුළුගහපිටියේ සුමංගල හිමි

 

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය මාර්තු 30 වැනිදා සිකුරාදා අපර භාග12 .25 ට ලබයි.
මාර්තු 31 වැනිදා සෙනසුරාදා අපරභාග 01.38 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 30 වැනිදා සිකුරාදා ය.

මිළඟ පෝය
අප්‍රේල් 06 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 30

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 06

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

New Moonඅමාවක

අපේ‍්‍රල් 20


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]