UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සරල සිංහල බසින් ලියැවුණු ත්‍රිපිටක ග්‍රන්ථ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතට පත්කිරීම

සරල සිංහල බසින් ලියැවුණු ත්‍රිපිටක ග්‍රන්ථ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතට පත්කිරීම ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය දවුල්දෙන ඤාණිස්සර මහ නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් (14) දා පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී සිදු කෙරිණි.

සිංහල සූත්‍ර නිපාතය අංක 12, ථෙර ගාථා අංක 14, ථෙර ගාථා අංක 16 යන ත්‍රිපිටක ග්‍රන්ථ ත්‍රිත්වය ජනාධිපතිතුමන් අතට මෙහිදී පත්කෙරිණි. ග්‍රන්ථ සම්පාදනය පිළිබඳව විද්‍යෝදය මහා පිරිවෙන් අධිපති බලංගොඩ සෝභිත ස්වාමීන් වහන්සේ ජනාධිපතිතුමන් වෙත කරුණු පැහැදිලි කළහ.

ග්‍රන්ථ සම්පාදනය සඳහා බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ග්‍රන්ථ සම්පාදක මණ්ඩලයේ හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ලැබී ඇත.

මේ පුණ්‍යෝත්සවය සඳහා අමරපුර මහා නිකායේ අම්බලන්ගොඩ සුමංගල මහා නා හිමියන් ද සහභාගී වූ අතර උන්වහන්සේලා ජනාධිපතිතුමන් වෙත ආශීර්වාද පතා සෙත් පිරිත් සජ්ඣායනාවක් ද කළහ.

මේ අවස්ථාව සඳහා ජනාධිපති ආගමික කටයුතු සම්බන්ධීකරණ ලේකම් පූජ්‍ය ගැටමාන්නේ ගුණානන්ද හිමි, අගමැති දි.මු. ජයරත්න, බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය ඇමැති එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන, අමාත්‍යාංශ ලේකම් කැෂියන් හේරත්, බෞද්ධ කටයුතු කොමසාරිස් චන්ද්‍ර ප්‍රේම ගමගේ යන මහත්වරු ඇතුළු ආගමික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

 

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය මාර්තු 30 වැනිදා සිකුරාදා අපර භාග12 .25 ට ලබයි.
මාර්තු 31 වැනිදා සෙනසුරාදා අපරභාග 01.38 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 30 වැනිදා සිකුරාදා ය.

මිළඟ පෝය
අප්‍රේල් 06 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 30

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 06

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

New Moonඅමාවක

අපේ‍්‍රල් 20


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]