Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මැදගොඩ ශ්‍රී සුමනතිස්ස නාහිමි අනුස්මරණ තෙමහල් ගොඩනැගිල්ල විවෘත කැරේ

පැපිලියාන සුනේත්‍රා මහා දේවි පිරිවෙන් විද්‍යායතනයේ අභිනවයෙන් තනවනලද ආචාර්ය මැදගොඩ ශ්‍රී සුමනතිස්ස නාහිමි අනුස්මරණ තෙමහල් ගොඩනැගිල්ල මාර්තු 6 වැනිදා පෙරවරු 8.30 ට නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු කටයුතු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සුරතින් විවෘත කැරේ.

ඒ නිමිත්තෙන් පැවැත්වෙන උත්සව සභාවේ මුලසුන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කැරේ.

සුනේත්‍රා මහාදේවි පිරිවෙන් විද්‍යායතනයේ කෘත්‍යාධිකාරී හා පරිවේණාධිපති ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වෙන උත්සව සභාව සඳහා ගිහි පැවිදි ප්‍රභූන් රැසක් ද සහභාගි වෙති.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.