UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය


78 වන කොටස

තණ්හා වග්ගය

334.
මනුජස්ස පමත්තචාරිනො
තණ්හා වඩ්ඩති මාලුවා විය
සෝ ප්ලවති හුරාහුරං
ඵලමිච්ඡංච වනස්මිං වානරො

පමා වන තැනැත්තා, වටා අකුසල් වැඩේ. නැවත නැවතත් ඉපිද සසර මග දික් කෙරේ.
පමාවෙන්, අලස බව දියුණු වෙයි. එවිට මේ දිවි ගමන අවුලක් ම වන්නේ ය.

335.
යං ඵසා සහාතී ජම්මී
තණ්හා ලෝකෙ විසන්තිකා
සොකා තස්ස පවඩ්ඪන්ති
අභිවට්ඨං’ ව බීරණං

රූපා දි අරමුණට, තණ්හාව වැඩි වුණොත් ඒ දුක් වගා වන පරිදි, ශෝකයක් දියුණු වේ.
තණ්හාව, සතුට නැති කරලමින්, ශෝකයක් දියුණු කොට දුකට මග හෙළි කරයි.

336.
යො චෙතං සහතී ජම්මිං - තණ්හං ලොකෙ දුරච්චයං
සොකා තම්හා පපතන්ති – උදබින්දූව පොක්ඛරා


මැඬලීම නොහැකි වූ, තණ්හාව, මැඬලුවොත්, ඔහු කෙරෙන් ශෝක දුක, නිසැකවම තුරන් වේ.
තණ්හාව පාලනය කර ගැනුම, බොහොමයක් ශෝක දුක්, තුරන් කර ගැනීමකි.

337.
තං වෝ වදාමි භද්දං වො - යාවනේකත්ථ සමාගතා
තණ්හාය මූලං ඛණථ – උසීරත්ථො ව බීරණං
මාවො නලං ව සොතො ව - මාරො භඤ්ජි පුනප්පුනං

තණ්හාව මුළුමනින්ම, උදුරලා දමන තුරු, පුන පුනා මාරයා ඔබ මරා උපදවයි.
මෙලොව අප විඳින දුක් සියල්ලම, තණ්හාව හේතුවෙන් ගොඩ නැඟී ඇත්තේ ය.

 

මැදින්පුර අටවක පෝය

මැදින්පුර අටවක පෝය පෙබරවාරි 29 වන දා බදාදා 05.39 ට ලබයි.
මාර්තු 01 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 07.53 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 29 වන දා බදාදා ය.

මීළඟ පෝය
මාර්තු 07 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 29

Full Moonපසෙලාස්වක

මාර්තු 07

Second Quarterඅව අටවක

මාර්තු 15

New Moonඅමාවක

මාර්තු 22


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]