UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය


පැවිදි නම - ගෝනදෙණියේ කුසලඤාණ නා හිමි.

තනතුරු නාම - ආනන්ද ධර්ම කීර්ති ශ්‍රී කොණ්ඩඤ්ඤ ගරු නාම සම්මුතිය සහිතව ගාලු පළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය, හා උඩුගම උක්ඕවිට ආලෝක විහාරාධිපති, විශ්‍රාමලත් ගුරු උපදේශක.

වැඩ වසන පන්සල – ගාල්ල, උඩුගම, උක්ඕවිට ආලෝක මහා විහාරය

පියා - බී.කේ. සයිමන් මහතා

මව - සුරියආරච්චි කරලිනා මාතාව

සහෝදර සහෝදරියන් - සහෝදරයන් හතර දෙනෙක් සහ සහෝදරියන් දෙදෙනෙක්.

මූලික අධ්‍යාපනය - ශා/ ගෝනදෙණිය කනිෂ්ට විද්‍යාලය.

උසස් අධ්‍යාපනය – බද්දේගම විද්‍යානන්ද පිරිවෙන. හීනටිගල විද්‍යාකාන්ති පිරිවෙන නාකියාදෙණිය ශ්‍රී සරණපාල පිරිවෙන, ගාල්ල විද්‍යාලෝක පිරිවෙන, 1975 වර්ෂයේ දී විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගැනීම.

1995 දී ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව ලැබීම.

1996 දී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලැබීම.

පැවිදිවීම – 1956 පෙබරවාරි 23 වන දින

උපාධ්‍යායන් වහන්සේ - වක්වැල්ලේ ශ්‍රී පුඤ්ඤසිරි හිමි.

ආචාර්යන් වහන්සේ - ගා/ගෝනදෙණිය ශ්‍රී සුමනාරාමාධිපති දොරපේ ශ්‍රී කොණ්ඩඤ්ඤ මහා නා හිමි.

උපසම්පදා දිනය – 1964 මැයි 29 වන දින මල්වතු මහා විහාරස්ථ රාජපූජිත මංගල උපෝසථාගාරයේ දී.

පැවිදි දිවියේ වැදගත් සිදුවීම්
* 1965 මැයි 14 වන දින විහාරාධිපති පදවියට පත්වීම.

* 1965 ජූලි 25 වන දින ශ්‍රී සංඝබෝධි දහම් පාසලේ ප්‍රධානාචාර්ය ලෙස කටයුතු කිරීම.

* 1966 ජනවාරි මස 22 දින ගා/පනංගල ගංගාරාම පිරිවෙනේ ආචාර්යවරයකු ලෙස සේවය ඇරැඹීම.

* 1976 පෙබරවාරි මස 01 වන දින ගා/පනංගල ගංගාරාම පිරිවෙනේ පරිවෙනාධිපති වීම.

* 1976 නොවැම්බර් 15 වන දින මොනරාගල මහානාම විදුහලෙන් රජයේ පාසල් ගුරුසේවය ඇරඹීම.

* 1998 මාර්තු 30 වන දින සිට ගාල්ල, උඩුගම අධ්‍යාපන කලාපයේ බුද්ධ ධර්ම ගුරු උපදේශක වශයෙන් කටයුතු කිරීම.
විදේශ ධර්ම දූත සේවය – බුරුමය, සියම, ඉන්දියාව,

තනතුරු ආදිය – ගාලු පළාතේ උප ප්‍රධාන සංඝනායක.

ලැබූ ගෞරව නාම –
න 2003 අප්‍රේල් 21 වන දින “කලිකාල ජ්‍යෝතීර් විද්‍යා

පණ්ඩිත” ගෞරව නාමයෙන් පිදුම් ලැබීම.

* 2007 මුළු දිවයිනටම සාම විනිසුරු පදවිය ලැබීම.

* 1993 දෙසැම්බර් 09 වන දින “සංඛ” කලායතනයේ කලායතනාධිපති පදවිය ලැබීම.

* 2007 නාගොඩ ශාසනාරක්‍ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී.

* 2010 මාර්තු 06 වන දින සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ “ආනන්ද ධර්මකීර්ති ශ්‍රී කොණ්ඩඤ්ඤ”
ගෞරව නාමය සහිතව ගාලු පළාතේ උප ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබීම.

 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය පෙබරවාරි 21 වන දා අඟහරුවාදා පූර්ව භාග 03.54 ට ලබයි.
22 වන දා බදාදා පූර්ව භාග 04.06 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 21 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 29 වනදා බදාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 21

First Quarterපුර අටවක

පෙබරවාරි 29

Full Moonපසෙලාස්වක

මාර්තු 07

Second Quarterඅව අටවක

මාර්තු 15

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]