Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බෝ පවුර විවෘත කැරේ

මොරටුව අඟුලාන උඩුමුල්ල ශ්‍රී ආනන්දබෝධි විහාරයෙහි අභිනව බෝධි ප්‍රාකාරය විවෘත කිරීම නිමිතිකොට පින්කම් මාලාවක් පැවැත්වීමට විහාරාධිපති ශාස්ත්‍රපති හේනේගම අමරනන්ද හිමියන් ඇතුළු සංවිධායක කමිටුව කටයුතු යොදා තිබේ.

ඒ අනුව පෙබරවාරි 05 වන දින සවස කොළඹ විශ්වවිද්‍යාලයෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන් ඇතුළු පැවිදි, ගිහි භවතුන්ගේ සහභාගීත්වයෙන් ප්‍රාකාරය හා ප්‍රතිමා ගෘහය විවෘත කිරීමද රාත්‍රී 9 ට පිරිත් දේශනයද පැවැත්වේ. විහාරාධිපතිව වැඩ විසූ කළුතර ශ්‍රී ඤාණාවාසාභිධාන අනුනාහිමියන්ට පින් පැමිණවීමද පසුදින දවල් සිදුකෙරෙන බව සංවිධායක කමිටුව පවසයි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.