UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ පුවත්පත් කලාව සහ සන්නිවේදනය පිළිබඳව ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ ප්‍රථම කණ්ඩායම විසින් “සන්නිධි” නම් වූ ප්‍රථම මාසික සඟරාව පසුගියදා කොළඹ ඉන්ටකොන්ටිනල් හෝටලයේදි එළිදැක්වීය. එම උත්සවය ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ සීලරත්න සෙනරත්, ජනාධිපතිතුමාගේ මාධ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් බන්දුල ජයසේකර , ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පෞද්ගලික ලේකම් බ්‍රිගේඩියර් ජයවර්ධන , මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. “සන්නිධි” මාසික වාර ප්‍රකාශනයේ විධායක කර්තෘ, මිහිර කර්තෘ මණඩලයේ මොහාන් වික්‍රමසිංහ මහතා විසින් ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ සීලරත්න සෙනරත් මහතාට සඟරාව පිළිගන්වන අයුරු ඡායාරූපයේ දැක්වේ.

94 වැනි වියට පා තබන පුවක්දෙණිය පඤ්ඤාරතන නා හිමි

ගෙලිඔය ජනරංජනරාමාධිපති, සිරි සුමන ධම්ම කුසල, වංසලංකාර, සද්ධම්මාචාරිය, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍යය පුවක්දෙණිය පඤ්ඤාරතන නාහිමි 94 වැනි වියට පා තබති.

ඉතිරිය»

 
නවම්පුර අටවක පෝය

නවම්පුර අටවක පෝය ජනවාරි 30 වන දා සඳුදා අපර භාග 8.21 ට ලබයි.
31 වනදා අඟහරුවාදා අපරභාග 11.00 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම ජනවාරි 31 වන දා අඟහරුවාදා ය.

මීළඟය පෝය පෙබරවාරි 07 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 31

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 07

Second Quarterඅව අටවක

පෙබරවාරි 14

New Moonඅමාවක

පෙබරවාරි 21


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]