Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

එකම පුතු සසුනට පිදූ මවගේ දේපළ ද සසුනට


ශි‍්‍රයානි කොළඹගේ මහත්මිය ඉඩමේ පිඹුරුපත පූජා කළ අවස්ථාව

සිය එකම පුතු ශාසනයට පූජා කළ එක් දරු මවක් තමන් සතු දේපළ ද ශාසනයට පූජා කළ කාන්තාවක් පිළිබඳව ඌරගස්මං හන්දිය යටගල ප්‍රදේශයෙන් වාර්තා වේ. සත් දෙනෙකුගෙන් යුත් පවුලක බාලම දියණිය වූ ශි‍්‍රයානි කොළඹගේ මහත්මිය (53) සිය පියාගේ උරුමයෙන් ලැබූ නිවස, නිවසට අයත් සියලු ගෘහ භාණ්ඩ හා ඉඩමද ඉකුත්දා සසුන වෙත පූජා කළාය.

උරගස්මංහන්දිය යටගල ශ්‍රී බෝධිරාජාරාමාධිපති හිපංකන්දේ විජිත ධම්ම නාහිමියන් ප්‍රමුඛ මහ සංඝරත්නය වෙත මෙම ඉඩම සහ දේපළ පූජා කිරීම ඉකුත්දා සිදු කැරිණි. ඒ නිමිත්තෙන් යටගල නව අසපුවේ දී පින්කම් මාලාවක් පැවැත්විණි.

 

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.