UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ජය සිරි මහ බෝ සමිඳුන් සෙවණේ දී පින්කම්

අනුරාධපුර මහාවිහාර දුරුතු පුන් පොහොය වැඩසටහන පෝදා පෙරවරු 06.00 සිට පසු දින පෙරවරු 06.00 තෙක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ.

පුන් පොහෝ දිනවල අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයට පෙහෙවස් සමාදන් වීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි ජය සිරි මහ බෝ සමිඳුන් සෙවණේ දී පැවැත්වෙන විධිමත් පුන් පොහොය වැඩසටහන් මාලාවේ 37 වැනි පුන් පොහොය වැඩසටහන මෙය වේ.

පුන් පොහෝ දින පෙරවරු 08.00 ට මහාවිහාර සන්නිපාත ශාලාවේ දී අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනය පැවැත්වේ.මෙම පොහොය වැඩ සටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා, බුද්ධ පූජා සහ බෝධි පූජා ද ඇතුළත් වේ. පෙහෙවස් සමාදන් වන පින්වතුනට අවශ්‍ය දානමානාදී පහසුකම් අටමස්ථානාධිපති නාහිමියන්ගේ අනුශාසනා පරිදි දානපතියන් විසින් සලසා දෙනු ලැබේ. සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය නිමිත්තෙන් ජනවාරි මස 9 වැනි දා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දී විශේෂ භාවනා වැඩසටහනක් මහාවිහාර සන්නිපාත ශාලාවේ දී එදින පෙරවරු 08.00 සිට පෙරවරු 10.00 තෙක් පැවැත්වේ.


කුප්පියාවත්තේ ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාම මහා විහාරස්ථානයේ දුරුතු පුර පසළොස්වක පොහොයද, ශීල, භාවනා, ධර්ම දේශනා, මාලාවක් බස්නාහිර පළාතේ උප ප්‍රධාන සංඝනායක ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා උපාසක උපාසිකා සමිතියේ සංවිධායකත්වයෙන් පැවැත්වේ.

එදින පෙරවරු 6.00 – 6.30 දක්වා උපෝෂථ ශීලය හා කෙටි අනුශාසනාව විහාරාධිකාරි ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි. 7.00 –7.30 ට සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම තලල්ලේ සිරිමහින්ද නාහිමි. 8.00 – 9.00 භාවනා වැඩසටහන මෙහෙයවීම රජවත්තේ වප්ප හිමි. 9.15 – 10.15 ධර්ම දේශනාව කිරිබත්ගොඩ සුදර්ශනාරාම පුරාණ විහාර වාසි, නාවලපිටියේ සරණජෝති හිමි, 10.15-11.00 සම්බුද්ධ පූජාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 12.30 – 12.45 සෙත්පිරිත් සජ්ක්‍ධායනාව විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ ප්‍රධානත්වයෙන් 1.00 – 2.00 විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ මාසික රැස්වීම, තලල්ලේ සිරි මහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් 2.15 – 3.00 භාවනා වැඩසටහන තලල්ලේ සිරි මහින්ද නාහිමි .3.15 – 4.15 ධර්ම දේශනය ශාස්ත්‍රවේදී කොත්මලේ නන්දතිලක හිමි, 4.30 – 5.30 ධර්ම දේශනය රත්තොට උපනන්ද හිමි, 6.00 ට සිල් පවාරණය තලල්ලේ සිරි මහින්ද නාහිමි. 6.45- 7.45 මල්පහන් ගිලන්පස සහිත සම්බුද්ධ පූජාව හා අටවිසි බුද්ධ පූජාව 8.00 – 9.00 දම් දෙසුම


තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ වැලිපාර, සංඝමිත්තාරාමයේදි දුරුතු පුන් පොහෝ දින අලුයම 5.30 ට විශේෂයෙන් සැකසු ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක් ද පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා සීල, භාවනා, ධර්ම දේශනා වැඩසටහන් ද පැවැත්වේ. පෙරවරු 8.00 –8.30 ඕපනායක නිරාශා දසසිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසටහන 8.30 – 9.30 ආචාර්ය මොරගොල්ලාගම උපනන්ද හිමියන් විසින් පවත්වන ධර්ම දේශනා 9.45 – 11.00 පිළියන්දල සංඛපාලි දසසිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසටහන 11.00 දවල් බුද්ධ පූජාව පස්වරු 12.30 1.00 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය 1.00 – 2.30 පිළියන්දල සංඛපාලි දසසිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසටහන 2.45 – 4.00 කෑගල්ලේ විමංසා දසසිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසටහන 4.00 – 5.00 ආචාර්ය මිරිස්සේ ධම්මික හිමියන් විසින් පවත්වනු ලබන ධර්ම දේශනාව අනතුරුව තුන් සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සිදු කෙරේ. සවස 6.00 මල්, පහන්, ගිලන්පස අටවිසි බුද්ධ පූජාව මොරවක ශාන්ත හිමියන් විසින් පවත්වනු ලැබේ.


අලුකැටියවත්ත ශ්‍රී කුසලවර්ධනාරාමය

කිරිඇල්ල හැරණියාවක අලුකැටියවත්ත ශ්‍රී කුසලවර්ධනාරාමය කේන්ද්‍ර කරගනිමින් පවත්වාගෙන යනු ලබන සමිති සංවිධානයන්හි කැපවීමෙන් විශේෂ පින්කම් මාලාවක් දුරුතු පොහෝ දින සිදු කැරේ.

උදෑසන 5.30 ට ගිලන්පස බුද්ධ පූජාව, උදෑසන 7.00 සම්බුද්ධ පූජාව, 8.00 සිට 9.00 ධර්ම දේශනාව, 9.10 කිරිඇල්ල නමුණුතැන්න විද්‍යාලයීය බුද්ධ මන්දිරයේ තැන්පත් කිරීම පිණිස බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩම කරවීමේ සමාරම්භක උත්සවය, 11.30 ට බුද්ධ පූජාව සහ පස්වරුවේ ධර්ම දේශනා ධර්ම සාකච්ඡා පිරිත් සජ්ක්‍ධායනා හා සවස 5.30 ට බෝධි වන්දනා බුද්ධ වන්දනා වැඩසටහන ,රාත්‍රි 7.00 ට ධර්ම දේශනාව, රාත්‍රී 8.30 ට පිරිත් සජ්ඣායනා ආරම්භ කැරේ.


බම්බලපිටියේ වජිරාරාමය

බම්බලපිටිය වජිරාරාමයේදී දුරුතු පෝදා දවස පුරා පින්කම් සිදුකැරේ. පෝදා 06.00 - 07.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව - සිරි වරජිරාරාමාධිපති - රාජකීය පණ්ඩිත ත්‍රිකුණාමලේ ආනන්ද අනුනාහිමි, 08.00 – 09.30 – ධර්මානුශාසනාව - මිහිලතාවේ විනීත හිමි, අග්ගමහාපණ්ඩිත වැලිගම ඤාණරතන මහනායක හිමි, 11.00 – භාවනාව සහ අනුශාසනාව - දාස්වත්තේ සුමනසීලි හිමි, 11.00 - 11.15 – බුද්ධ පූජාව - පැරකුම්පුර විහාර හිමි, පස්වරු 12.30 – 01.30 - සෙත්පිරිත් හා තෙරුවන් ගුණ සජ්ක්‍ධායනය – කඹුරුගමුවේ මහානාග හිමි, 01.30 - 03.00 – ධර්ම සාකච්ඡාව - මෙත්තාරාමාවාසී, උස්ගොඩ ධම්මගරු හිමි, 03.30 – 05.00 ගිහි දේශනාව - මහාචාර්ය රවී කොග්ගල, 05.00 – 06.00 ධර්මානුශාසනාව - දර්ශනපති මඩිහේ සුගතසිරි හිමි, 06.00 – 06.30 – අටවිසි බුද්ධ පූජාව සහ බෝධි පූජාව - සිරි වජිරාරාම ස්වාමින් වහන්සේලා.


බත්තරමුල්ල සිරි සුදස්සනාරාමය

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ දුරුතු පොහෝදා සීල සමාදාන වැඩසටහන මෙසේය.

පෝදා පෙරවරු 6.00 – 7.00 සීල සමාදානය සහ අනුශාසනය ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 7.00 – 7.30 තෙරුවන් වන්දනාව ,8.15 – 9.30 භාවනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 9.45 – 10.45 ධර්ම දේශනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි 10.45 – 11.15 තෙරුවන් වන්දනාව

පස්වරු 12.00 –12.30 දහම් පොත් කියවීම .12.30 – 1.00 සූත්‍ර සජ්ඣායනාව අළුත්වෙල ධම්මසති හිමි, ධම්මජෝති හිමි ,1.00 – 2.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති උනින්දුවෙල සුමනසාර මාහිමි, 2.00 – 3.30 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති තල්පත්වැව සද්ධාතිස්ස මාහිමි, 4.00 –5.00 ධර්මදේශනාව හබරකඩ ඉන්දරතන නාහිමි , 5.00 –6.00 ධර්මදේශනාව අළුත්වෙල ධම්මසති හිමි. මෙදිනද ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමියන් විසින් රචිත ප්‍රඥා ප්‍රභා සංවිධානය විසින් ප්‍රකාශිත ධර්ම ග්‍රන්ථයක් ධර්ම දානයක් ලෙස පරිත්‍යාග කෙරේ.


බොරැල්ලේ ශ්‍රී ගෝතමී විහාරය

බොරැල්ලේ ශ්‍රී ගෝතමී මහා විහාරයේ මාසිකව සිදු කරනු ලබන සීල සමාදානය දුරුතු පොහොය දා දවස පුරා පැවැත්වීමට විහාරාරක්‍ෂක දායක සභාව සහ ආර්ය මහිලා සමිතිය කටයුතු යොදා ඇත. පෙරවරු. 06.00 සීල සමාදානය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති මාමඩලේ විමල හිමි, 06.30 සම්බුද්ධ පූජාව දායකත්වය ශි‍්‍රයානි වේරගල මහත්මිය 08.15 භාවනා ආටිගල අමිතදේව හිමි, 09.45 ට බුදුසරණ පුවත් පත බෙදාදීම දායකත්වය හසිත දියබලනගේ සහ තිලංක දියබලනගේ සොහොයුරන් 10.00 ධර්මදේශනාව රාජකීය පණ්ඩිත පිටිගල විජිත හිමි 11.00 සම්බුද්ධ පූජාව දායකත්වය අතුල වැලිකල මහතා සහ මදාරා වැලිකල මහත්මිය පස්වරු 01.30 ධර්මදේශනාව පණ්ඩිත අම්බුලුගල සුමංගල හිමි 3.00 ට ධර්ම දේශනාව ශාස්ත්‍රපති වහුමුවේ විජයවංස නාහිමි 04.30 ට ධම්ම පදය ඇසුරෙන් දේශනාව කාව්‍ය ශ්‍රී ශාස්ත්‍රපති වෙරළුගොල්ලේ උදයනන්ද හිමි සීල පවාරණය අටවිසි බුද්ධ පූජාව මෙහෙයවීම කටුගහ පියදස්සී හිමි.


කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතනය

කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතනයේ දි දුරුතු පුන් පෝ දින පින්කම් රැසක් ලේනබටුවේ මිත්තාලෝක නාහිමියන්ගේ අනුශාසනා පරිදි විශාඛා කුළඟන සමිතිය හා කාර්ය සාධක සමිතිය මගින් සිදු කෙරේ.

පෙරවරු 6.30 උපෝසථ ශීලය සම්බුද්ධ පූජාව හා කෙටි අනුශාසනාව මෙහෙයවීම ලේනබටුවේ මිත්තාලෝක නාහිමි, 8.15 ධර්ම දේශනය , හටංගල අමරවංශ හිමි, 9.30 භාවනාව බියගම සුසීල හිමි, 11.00 සම්බුද්ධ පූජාව මෙහෙයවීම රම්මලේ අරියවිසුද්ධි හිමි, පස්වරු 12.30 පිරිත් සහ තෙරුවන් ගුණ 1.30 විශේෂ ගිහි දෙසුම මෙහෙයවීම වෛද්‍ය සම්පත් නානායක්කාර මහතා 3.15 විශාඛා කුළඟන සමිතියේ විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා 4.00 කාව්‍යමය ධර්ම දේශනය රන්සෑගොඩ සුමිත්ත හිමි 7.00 ගිලන්පස බුද්ධ පූජාව ලේනබටුවේ මිත්තාලෝක නාහිමි ප්‍රධාන මහා සංඝරත්නය.

මෙදිනද බුදුසරණ පුවත්පත ධර්ම දානය ලෙස බෙදාහරිනු ලබන්නේ සෝමා එදිරිසූරිය මහත්මිය ගුණසීලි වානගුරු මහත්මිය, වසන්ති ධම්මිකා මහත්මිය සහ පත්මා ලියනගේ මහත්මිය.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ දුරුතු පෝදා පැවැත්වෙන වැඩිහිටි සීල සමාදාන වැඩසටහන මෙසේ ය.

පෝදා පෙරවරු 06.00 – 07.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව, වැලිමඩ පසන්න මානස හිමි, 08.00 – 09.00 භාවනාව, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි, 09.00 – 10.00 ධර්ම දේශනාව, රත්මලාන ධර්ම පර්යේෂණාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත හෑගොඩ විපස්සි හිමි, 10.00 – 11.00 අභිධර්ම කතාව, පියදාස මුතුගම මහතා, 11.00 – 11.15 බුද්ධ පූජාව රත්නපුරේ ධම්මවිනීත හිමි, ඕපනායක ධම්මවිරාගාහිමි, පස්වරු 12.30 – 12.35 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.35 – 01.00 පිරිත් හා තෙරුවන් ගුණ බියගම කමලධම්ම හිමි බලංගොඩ බෝධිධම්ම හිමි, 01.00 - 02.00 ධර්ම සාකච්ඡාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, 02.00 – 03.00 ධර්ම දේශනාව, බොරැල්ල සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත හල්ලල ශාන්තිදේව හිමි, 03.00 – 03.30 විශේෂ අනුශාසනාව, රත්මලාන මල්ලිකාරාමාධිපති අතිපූජ්‍ය වැලිගම ඥානරතන මහ නා හිමි, 04.00 – 05.00 ධර්ම දේශනාව, ශාස්ත්‍රපති පණ්ඩිත යටිරාවන ධම්මාරාම හිමි, 05.00 – 06.00 ධම්මපදය, ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 06.00 – 06.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමණසිරි හිමි.


කෑගල්ල තරුණ බෞද්ධ සංගමය

කෑගල්ල තරුණ බෞද්ධ සංගමයේ බෞද්ධ මධ්‍යස්ථානයේ දහම් සෙවනේ දී පෝදා පින්කම් පැවැත්වේ. මෙහි අනුශාසකත්වය දරනු ලබන්නේ ශාස්ත්‍රපති හෙම්මාතගම සිද්ධාර්ථ මා හිමි විසින් ය.

සමරවර්ධන නිශ්ශංක මහතා විසින් මෙම පින්කම් සංවිධාන කටයුතු මෙහෙයවනු ලබයි.

පෙ.ව. 06.45 – 7 බුද්ධ වන්දනා හා සදහම් ගාථා, විශ්‍රාමික පරිපාලන සේවා නිලධාරී, මහනුවර රෝහලේ හිටපු ලේකම් බී.එම්.එස්.බී. බස්නායක මහතා, 07.00 - අටසිල් සමාදන් කරවීම, අනුශාසනාව ශ්‍රී සෝරත දහම් පාසලේ විදුහල්පති, කෑ/ශ්‍රී මහින්දෝදය පිරිවෙන් විද්‍යායතනයේ ආචාර්ය, කෑගල්ල මාදෙයියාව තරණගල බෞද්ධ මධ්‍යස්ථානාධිපති, කෑගල්ල ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, කෑගල්ල වෑවලදෙනිය සිරි මහින්ද්‍යෝදය පිරිවෙන් විහාරවාසී අස්මඬලේ ධම්මරතන හිමි.8.30 “බොදු දිවියට සැනසිලි මඟ” භාවනාව, 09.00 ධර්මානුශාසනය “නිරෝගී සිරුරක් තුළ නිරෝගී මනසක්” දේශක, දඹදෙණිය දිස්ත්‍රික් රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය කමල් ජයසූරිය මහතා,10.30 “බොදු දිවියට සැනසිලි මඟ” ධර්මානුශාසනාව, දේශක ශාස්ත්‍රවේදී එස්.එම්.කේ. සිරිවර්ධන මහතා,11.30 බුද්ධ පූජාව, මෙහෙයවීම ශාස්ත්‍රවේදී, ධර්මවේදී සමරවර්ධන නිශ්ශංක මහතා,12.30 සීල ආවර්ජනය,01.30 ධර්ම උපදේශනය, දේශක ශාස්ත්‍රවේදී, ධර්මාචාර්ය ඇම්.ආර්. මද්දුම බණ්ඩාර මහතා,02.30 “බොදු දිවියට සැනසිලි මඟ” ධර්මානුශාසනය, දේශකයාණන් වහන්සේ, ගම්පොළ, ඉගුරුවත්ත ශ්‍රී සිද්ධාර්ථ මහ පිරිවෙනේ ආචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී කවුඩුපැලැල්ලේ ඉන්ද්‍රජෝති හිමි,04.00 ජාතක කතාව ආශි‍්‍රත ධර්ම දේශනය දේශකයාණන් වහන්සේ කෑ/මාව/රංදිවෙල මහ විදුහලේ ආචාර්ය ශාස්ත්‍රවේදී පන්නල ආනන්ද හිමි.


හොරේතුඩුව පුරාණ ගංගාරාමයේ පින්කම් මාලාවක්

මොරටුව හොරේතුඩුව පුරාණ ශ්‍රී ගංගාරාම මහා විහාරස්ථානයේ දී විහාරාධිපති වැලිගම අනුරුද්ධ හිමිපාණන්ගේ අනුශාසනා පරිදි මේ මස 08 වන දින දවස පුරා ජනපති ඇතුළු ලක්වාසීන්ට නවවසරට සුබ පතා පින්කම් මාලාවක් සිදු කැරේ.

05.00 ඝණ්ඨා නාද කිරීම සහ සෙත් පිරිත් දේශනාව, 06.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ වන්දනාව විහාරාධිපති වැලිගම අනුරුද්ධ හිමි, 07.00 සිල් පිරිසට හීල් දානය පූජා කිරීම, 08.00 ධර්ම දේශනාව, දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක කතළුවේ රතන සීහ නා හිමි, 09.00 අරලියගහ මැඳුරේ සිට විකාශනය වන රූපවාහිනී ධර්ම දේශනාව, 10.00 භාවනා වැඩසටහන මෙහෙයවීම, හිරාණ ප්‍රජාපතී ශිල්මාතාශ්‍රමයේ අධිපතිනී මහියංගනයේ විශාකා දම්මදින්නා සිල්මෑණියෝ, 11.00 දහවල් සම්බුද්ධ පූජාව, 01.00 සාමූහික පිරිත් දේශනාව, 02.00 භාවනා වැඩසටහන මෙහෙයවීම පලාතොට අමිතානන්දි මෙහෙණින් වහන්සේ, 03.30 ධර්ම දේශනාව, ලුනාව ශ්‍රී විසුද්ධාරාම විහාරවාසී සාලියපුර සුගත බන්ධු හිමි, 05.00 සිල් පවාරණය හා බුද්ධ වන්දනාව, 06. මහා බෝධි පූජාව.


අලව්ව

අලව්වේ දුරුතු මහා පෙරහර ජනවාරි 14 වැනිදා රාත්‍රියේ වැරැල්ලාගම විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කොට අලව්ව නගරයේ වීදි සංචාරය කිරීමට නියමිතය.


 මීරිගම පින්කම්

මීරිගම මිණිඔළුවේ විද්‍යාවාස පිරිවෙනේ වාර්ෂික දුරුතු පූජෝත්සවය දුරුතු පෝදා පැවැත්වේ.

එදින බුද්ධ පූජා, ප්‍රදීප පූජා, බෝධි පූජා හා දම් දෙසුම් පැවැත්වේ. සවස 7. 30 දහම් දෙසුම වීරගොඩ සෝභිත හිමියන් විසින් පවත්වනු ලැබේ. මකුලෑවේ විමල නාහිමියන්ගේ අනුශාසනා පරිදි විද්‍යාවාස පිරිවෙන්හි ශ්‍රී ඤානේශ්වර දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ මෙහෙයවීමෙන් එම පින්කම් පැවැත්වේ.


මොල්ලිගොඩ පින්කම්

වාද්දුව, මොල්ලිගොඩ, ග්‍රාම සංවර්ධන මාවතෙහි පදිංචි ලියනගේ ගාමිණී සරත්චන්ද්‍ර මහතා සතු පෞද්ගලික ඉඩමෙන් පර්චස් 03 ක ප්‍රමාණයෙන් යුත් භූමි පරිත්‍යාගයෙන් හා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයේ නියුතු වීරක්කොඩි අජිත් පියල් ශාන්ත සිල්වා මහතාගේ මූලිකත්වය හා ප්‍රධාන මුදල් පරිත්‍යාගයෙන් සහ ග්‍රාම සංවර්ධන මාවතෙහි පදිංචි සුපින්වතුන්ගේ මුල්‍යමය දායකත්වයෙන් ප්‍රතිෂ්ඨාපනය කරණු ලැබූ බුද්ධ ප්‍රතිමාව ශාස්ත්‍රපති හෝමාගම ධම්මානන්ද නාහිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් වස්කඩුවේ සිරිසරණ හිමියන්ගේ ධර්ම දේශනයෙන් දුරුතු මස 07 වන දා නිරාවරණය කෙරේ. පසුදා බුද්ධ පූජා ප්‍රමුඛ මහා සංඝගත දක්‍ෂිණාවක් පැවැත්වේ.


මාතර තරුණ බෞද්ධ සමිතිය

මාතර තරුණ බෞද්ධ සමිතියේ 578 වැනි දුරුතු පුන් පෝදා පින්කම මෙසේ ය. සීල සමාදන් කරවීම, දෙහිගස්පේ සිරිවිමල හිමි, 08.00 සිල් ආවර්ජනාව කාවින්ද සිරිවර්ධන මහතා, 09.30 විදර්ශනා මාර්ගය, කම්මට්ඨානාචාරිනී චන්ද්‍රා රණතුංග මාතාව, 10.30 බුද්ධ වන්දනාව ශාස්ත්‍රපති පණ්ඩිත පැළෑණේ සුවිනීත හිමි පස්වරු 01.00 රණවිරුවන්ට සෙත් පතා පිරිත් සජ්ඣායනාව ගම්මැදගම චන්ද්‍රජෝති හිමිපාණන්ගේ අනුශාසනා පරිදි 02.00 ධර්ම සාකච්ඡාව 04.00 විශේෂ ධර්මදේශනාව හුලංදාවේ සෝරත හිමි 05.30 සිල් පවාරණය ත්‍රිපිටක ශාස්ත්‍රවේදී වලස්ගල පඤ්ඤාසිරි හිමි.


උයන්වත්ත වාලුකාරාමය

උයන්වත්ත වාලුකාරාම මහා විහාරයේ පුන් පෝදා පින්කම මෙසේ ය. පෙරවරු 06.30 සිල් සමාදන් කරවීම ශාස්ත්‍රවේදී බඹරැන්දේ රාහුල හිමියන්ගේ අනුශාසනා පරිදි, 07.00 ට බුද්ධ පූජා වන්දනාව ශාස්ත්‍රවේදී රොටුඹ සෝමරතන හිමි, 08.00 ගුවන්විදුලි ධර්ම දේශනාව, 10.30 බුද්ධ වන්දනාව මොරවක ධම්මරතන හිමි, පස්වරු 01.00 සෙත් පිරිත් සජ්ඣායනාව තවලම සුමනරතන හිමි, 02.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති කැලණියේ අජිත හිමි 04.00 ධර්ම දේශනාව 07.00 අටවිසි බුද්ධ පූජාව හිත්තැටියේ සමිත හිමි.


වල්පල සිරිමංගල පිරිවෙන

වල්පල සිරිමංගල පිරිවෙන් විහාරයේ 492 වෙනි පොහොය පින්කම මෙසේ ය.

පෝදා පෙරවරු 06.00 සීල සමාදානය පණ්ඩිත වලස්ගල පුණ්‍යජි මයුරවංශ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ, 06.30 බුද්ධ පූජා වන්දනාව ශාස්ත්‍රවේදී බලංගොඩ සාන්තසිරි හිමි, 08.30 භාවනා වැඩසටහන, 10.30 බුද්ධ පූජා වන්දනාව, පස්වරු 01.00 සෙත්පිරිත් සජ්ඣායනාව, 02.00 ධර්ම සාකච්ඡාව ත්‍රිපිටකවේදී ශාස්ත්‍රවේදී වලස්ගල පඤ්ඤාසිරි හිමි, 04.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත කැලණියේ අජිත හිමි, 06.00 සිල් පවාරණය 06.30 අටවිසි බුද්ධ වන්දනාව ශාස්ත්‍රවේදී කුඩාගොඩ ඤණවංශ හිමි.


මාතර සිරි වජිරඤාණ ධර්මායතනය

මාතර සිරි වජිරඤාණ ධර්මායතනය පුන් පොහෝ දින පින්කම මෙසේ ය. පෝදා පෙරවරු 06.00 ට සිල් සමාදන් කරවීම ශාස්ත්‍රපති පණ්ඩිත පැලෑනේ සුවිනීත හිමි, 07.30 බුද්ධ පූජාව, 08.00 ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී අගුණුකොළ පැලැස්සේ චන්දිම හිමි, 10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති කලුඅග්ගල පියරතන හිමි, 11.00 බුද්ධ පූජාව, ප.ව. 01.00 සෙත් පිරිත් දේශනාව සෙවනගල සුසාරද, ගල්පමුණේ සුවන්ත සාමණේර ස්වාමීන් වහන්සේලා 02.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත මොදරවාණේ සිද්ධත්ත හිමි 03.30 ධර්මානුශාසනාව ත්‍රිපිටකවේදී ශාස්ත්‍රපති පණ්ඩිත වලස්ගල පඤ්ඤාසිරි හිමි, 06.00 සිල් පවාරණය සහ පුණ්‍යානුමෝදනාව.


පිණ්ඩපාත පූජාව

ජා ඇල නිවාසිපුර බෞද්ධ සංගමය මඟින් නිවාසිපුර නිවැසියන්ගේ දායකත්වයෙන් දෙවෙනි වරටත් සංවිධානය කරනු ලබන පිණ්ඩපාත පූජාව මෙම පෝදා පස්වරු 3 ට ආරම්භ කැරේ.

ස්වාමීන් වහන්සේලා 50 නමක් විෂයෙහි උන්වහන්සේලාට අවශ්‍ය පිරිකර සම්පාදනය කර දීමෙහිලාද නිවාසිපුර සිටින සියලුම ආගම් වල නිවැසියන්ද මෙම පින්කමට දායක කර ගෙන ආගමික සහයෝගිතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් ද මෙය සංවිධානය කෙරේ. මේ සඳහා දෙවලපොල බලබෝව පිරිවෙනේ අධ්‍යාපනය ලබන සහ ආචාර්ය භික්‍ෂූන් වහන්සේලා 40 නමක් ද නිවාසිපුර අවට පිහිටා තිබෙන පන්සල් වලින් ඉතිරි ස්වාමීන් වහන්සේලා 10 නමක් ද වැඩම කරවති.


පූජාවස්තු තැන්පත් කිරීම පෝදා

දඹුල්ල දිගම්පතහ ශ්‍රී මාගල්ලෙන් පුරාණ විහාරස්ථානයේ වැඩ නිමවෙමින් පවතින චෛත්‍ය රාජයාණන් වහන්සේ සඳහා පූජා වස්තු තැන්පත් කිරීමේ මහෝත්සවය දුරුතු පුර පසළොස්වක පොහෝදා පෙරවරුවේ දී සිදු කැරේ.

 

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 08 වන දා ඉරිදා අපර භාග 12.44 ට ලබයි.
09 වන දා සඳුදා අපර භාග 12.58 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 08 වන දා ඉරිදා ය.

මී ළඟ පෝය
ජනවාරි 16 වන දා සඳුදා ය.

 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 08

Second Quarterඅව අටවක

ජනවාරි 16

New Moonඅමාවක

ජනවාරි 22

First Quarterපුර අටවක

ජනවාරි 31


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]