UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ලිහිණිගිරිය පුරාණ විහාරය

 


ඉපැරැණි බෝ සමිඳුන්


බුද්ධ ප්‍රතිමා වහන්සේ


පනලීයේ සුමංගල

නා හිමි

පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පොතුහැර, ආදාවල, ලිහිණිගිරිය නම් වූ සුන්දර ග්‍රාමයේ සිල් සුවඳ විහිදෙන රමණීය පුදබිමකි, ලිහිණිගිරිය පුරාණ විහාරය. එහි පැරැණි අතීතය සොයා යාමේදී හමුවන ලිඛිත සාක්‍ෂිය තවමත් මෙම පුදබිමේ ආරක්‍ෂිතව ඇත. එම තල්පතේ මේ ආකාරයට සඳහන්ව ඇත. ක්‍රි.ව. 1659 දී ශ.ව. 1737 දී ය. ඒ වගත් මෙසේම ඇහැලේපොළ දෙවෙනි රජ්ජුරුවන්ගේ පනත ලත් පල්ලෙ වාසල ගබඩාවේ ලේකම් මහතැන්ගේ වම්හ. යැයි එම හිමිකම් පිළිබඳ අත්සන තබා ඇත.

මේ පුණ්‍ය භූමිය තුළ පිහිටි විශේෂ රවුම් හැඩැති ගොඩනැගිල්ල තුළ ඇත්තේ පුස්තකාලයයි. එබැවින් මෙම විහාරස්ථානය පුරාණ පොත්ගුල් විහාරය ලෙස ද හැඳින්වේ. පුරාණ සිතුවම් වලින් අලංකාර වූ බුදු මැදුර තුළ එම වකවානුවේ නිම කළා යැයි සැලකෙන බුද්ධ ප්‍රතිමා වහන්සේලා හා අනෙකුත් පිළිම වහන්සේලා ද තවමත් සුරැකී පවතී.


පැරැණි ධර්ම ශාලා ගොඩනැගිල්ල

ඈගල්ලේ පියදස්සී නායක ස්වාමීන්වහන්සේගෙන් ඇරැඹී මෙහි සඟ පරපුරේ වත්මන් විහාරාධිපති වන්නේ පොතුහැර චන්දසේල පිරිවෙනේ හිටපු පරිවේනාධිපති එහි වත්මන් අධ්‍යක්‍ෂ ගෞරව ශාස්ත්‍රවේදී පනලීයේ සුමංගල හිමිපාණන් වහන්සේ ය.

1963 දී ඇරැඹි දහම් පාසලේ අද වන විට සිසුවෝ 150 ක් පමණ ඉගෙනුම ලබති. ආචාර්ය මණ්ඩලය 13 කි. සමස්ත ලංකා ජයග්‍රහණ, ප්‍රාදේශීය ජයග්‍රහණ, දිස්ත්‍රික් ජයග්‍රහණ පමණක් නොව තායිලන්ත ශිෂ්‍ය පදනම මෙහෙය වූ තරඟ රැසකින් ද ජයග්‍රහණ ලබා ඇත. සෑම වෙසක් පුන් පොහෝදාම විශේෂ චාරිත්‍රයක් ලෙස හාර දහසක් පමණ සහභාගී වන විශේෂ බුද්ධ පූජා පින්කම් මාලාවක් පැවැත්වේ.

වර්තමාන විහාරාධිපතීන් වහන්සේ වන පනලීයේ සුමංගල නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ක්‍රියාත්මක වන සමාජ ක්‍රියාකාරී සංවිධාන රාශියකි. ඒවා අතර විශාකා කුලඟන සමිතිය, විහාරස්ථ දායක සභාව, සරණ අවමංගල සමිතිය, ග්‍රාම සංවර්ධන සමිතිය ආදී සමිති විශාල මෙහෙවරක් ප්‍රදේශයට සිදු කරයි.

දැනට ප්‍රධාන අඩුපාඩුවක්ව පවතින දහම් පාසල් ගොඩනැගිල්ල සහ ධර්ම ශාලාව මේ දිනවල ඉතා අසීරුවෙන් ඉදිකරමින් පවතී. එයට ප්‍රධාන හේතුව ලෙස දක්නට ඇත්තේ මුදල්වල ඇති අපහසුකම් බව විහාරාධිපති හිමියෝ පවසති.

 

උඳුවප් අව අටවක පොහොය

උඳුවප් අව අටවක පොහොය දෙසැම්බර් 17 වන දා සෙනසුරාදා අපර භාග 07.07 ට ලබයි.
18 වන දා අපරභාග 05.19 වන දා දක්වා පැවැත්වේ. සිල් සමාදන්වීම දෙසැම්බර් 18 වන දා ඉරිදා ය.

මීළඟ පෝය දෙසැම්බර් 24 වන දා සෙනසුරාදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 18

New Moonඅමාවක

දෙසැම්බර් 24

First Quarterපුර අටවක

ජනවාරි 01

Full Moonපසෙලාස්වක

ජනවාරි 08


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]