අත්තුඩාවේ 
			සිරි රාහුල මහ නා හිමි
			
			 
			
			 පැවිදි නාමය :- 
			 
			අත්තුඩාවේ සිරි රාහුල මහ නාහිමි. 
			 
			තනතුරු නාමයන් :- 
			රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති සාහිත්‍යසූරි රාජකීය පණ්ඩිත 
			සාහිත්‍යසූරි ශාස්ත්‍රවේදී උපාධ්‍යාය ශ්‍යාමොපාලි මහා නිකායේ රෝහණ 
			පාර්ශ්වයේ මහා නායක 
			වැඩ වසන විහාරස්ථානය :- 
			දොඩම්පහළ හිරිකැටියේ ශ්‍රී සුභද්‍රාරාම පුරාණ විහාරස්ථානය. 
			උපන් දිනය :- 
			1919 වර්ෂයේ දෙසැම්බර් මස 19 වන දින. 
			පියා :- ඩී. ජේ. එච්. පී. ලොකු මහත්මයා 
			මව :- ඩී. ජේ. එම්. අබේසේකර පහතගම හාමිනේ මාතාව. 
			සහෝදර සහෝදරියන් :-  
			සහෝදරයන් හය දෙනෙක් සහ සහෝදරියන් දෙදෙනෙකි.  
			පැවිදි වීම :-  
			1932 වර්ෂයේ මැයි මස 20 වන දින. 
			මූලික අධ්‍යාපනය :-  
			ගුණරතන මහා විද්‍යාලය ගෝනගල සුදර්මාකර පිරිවෙන, පාරතී බෞද්‍යෝදය 
			පිරිවෙන 
			උසස් අධ්‍යාපනය :-  
			විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගැනීම. 
			රත්මලාන පරිවෙණාචාර්ය අභ්‍යාස විද්‍යාලයේ වසර දෙකක පුහුණුවක් ලබා 
			ගැනීම. 
			උපාධ්‍යයන් වහන්සේ 
			පාලටුවේ බෞද්‍යෝදය පරිවේණාධිපති ඇටැම්පල රතනපාල නා හිමි. 
			ආචාර්යන් වහන්සේ :-  
			දොඩම් පහළ සුභද්‍රාරාමාධිපති දැදිගම පියරතන හිමි. 
			උපසම්පදා වීම :-  
			1940 ජුනි මස 06 වන දින සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ මංගල 
			උපෝෂථාගාරයේදී. 
			ලියාපළ කළ කෘති :-  
			සිරි සරණංකර සංඝ රාජාපදානං, බෞද්ධ දර්ශනය, සරසවි විචාරය, බුද්ධ ධර්‍මය 
			සහ සමාජය, බුද්ධ ධර්මය, සමාජය හා සංස්කෘතිය, කැනුම් පොත පුරාවෘත්තය, 
			මුනි ගුණ මිහිර, සෙත් පිරිත් හා වන්දනා ගාථා, බෞද්ධයාට අත් පොතක්, 
			ජීවිතයේ පරමාර්ථය කුමක්ද ? මානාවුලු සංදේශය, සිංහල කවි, තෙල් කටාරමේ 
			කවි, සුහද අස්න, තිස්සමහාරාමය, බුදු හාමුදුරුවෝ ගිරි හිස වනපෙත හා මේ 
			කුළ පිරුවාණා පොත් වහන්සේ, විචිත්‍ර ධර්‍ම දේශනා, බෞද්ධ විශ්වාස 
			විමර්ශන, බෞද්ධ ශිෂ්ටාචාරය, උසස් පෙළ බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ 
			ශිෂ්ටාචාරය – නව නිර්දේශය ධම්ම පදය පාලි හා සිංහල, බෞද්ධ සංස්කෘතිය 11 
			කාණ්ඩය,i, ii, iii කලාප, මෙන්න වෙහෙරහේන, වෙහෙරහේන විහාර වර්‍ණනාව, 
			මහායානය බුද්ධ ධර්මය ( අ. පො. ස. සා. පෙ. ) බුද්ද ධර්මය නව නිර්දේශය, 
			බෞද්ධ සංස්කෘතිය හා ශාසන ඉතිහාසය, දහම් පාසල් අවසානය, පොහොදා වත හා 
			පොහොදා ධර්‍ම දේශනා, පැවිදි මග, සාමණේර බණ දහම් පොත, බෞද්ධ ශිෂ්ටාචාර ( 
			ලිපි ) ධර්මාචාර්ය්‍ය¸ විභාගය, උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය, බුද්ධ ඇදහිල්ල, 
			රෝහණ ප්‍රභා, අටිය කථා හා අටුවා සාහිත්‍යය. 
			විදේශ ධර්ම දූත සේවය :-  
			තායිවානය, සියම, බුරුමය, සිංගප්පූරුව, ඉන්දියාව. 
			ශාසනික හා සමාජ සේවාවන් :- 
			ගෝනගල සුධර්‍මාකර පිරිවෙන උප ප්‍රධාන හා ප්‍රධාන ආචාර්යවරයෙකු ලෙස 
			කටයුතු කිරීම. සරණංකර පිරිවෙනේ පරිවේණාධිපති වීම. ගා / දේවානන්ද මහා 
			විද්‍යාලය, ආචාර්යවරයකු වීම, මාතර / ගොඩ උඩ මහා විද්‍යාලය ආචාර්යවරයකු 
			වීම. මාතර / විජිත මැදි මහ විදුහල ආචාර්යවරයකු වීම. ශ්‍යාමෝපාලි මහා 
			නිකායේ රෝහණ පාර්ශවය පිහිටුවීමෙහිලා පුරෝගාමී වූ අතර ආරම්භයේ ම 
			උපසභාපතිවරයකු ලෙස කටයුතු කළහ. 
			දික්වැල්ල ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ දර්ඝ කාලයක් ලේඛකාධිකාරී 
			ධූරය දැරීය. ප්‍රාචීණ භාෂෝපකාර සමාගමේ කාරක සභික ධූරයක් ද දැරීය. 
			දොඩම්පහළ හිරිකැටියේ ශ්‍රී සුභද්‍රාරාම පුරාණ විහාරස්ථානයේ හා මාතර 
			රන්දූපත ශ්‍රී රෝහණ සංඝ සභාවේ උපෝෂථාගාර රජමහා විහාරයේ විහාරාධිපතින් 
			වහන්සේය. 
			හේමමාලා රන්දුනු  |