Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සීනිගම ඇසළ පෙරහර

සීනිගම ඇසළ පෙරහර 44 වන වරටත් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ අනුව අගෝස්තු මස 10 වැනි දින 11.50 ට කප් සිටුවීමේ මංගල්‍යය සීනිගම ශ්‍රී දෙවොල් දේවාල භූ®මියෙන් ආරම්භ කොට අගෝස්තු මස 18 වෙනි දින මහානාහිමිවරුගේ සහ මැති ඇමතිවරුන් සහභාගිත්වයෙන් බුද්ධ පූජා , උදා සමුළුව සීනිගම දේවාල භූ®මියේදි අතිඋක්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට දේවාල භාරකාර ඩී.එච්. සම්පත් විරාජ් සුසන්ජය මහතා කටයුතු කර ඇත.

අගෝස්තු මස 18 වැනි දින රාත්‍රි 9 ට ගරුතර මහා සංඝරත්නය විසින් සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් පවත්වා 19 වැනි දින හීල සපිරිකර දක්ෂිණාවක් පිරිනමනු ලැබේ. එදින රාත්‍රි 7.30 ට උඩරට පහතරට සබරගමු පළාත් වලට ආවේණික නැටුම් වලින් සමන්විත සංස්කෘතික සංදර්ශනයක් මුළු රාත්‍රිය මුළුල්ලේම පැවැත්වේ. 20 වැනි දින ප්‍රථම දිවා මහා පෙරහර පස්වරු 1 ට සීනිගම දේවාල පුදබිමේ සිට ගාලු මහා මාර්ගය ඔස්සේ තෙල්වත්ත පුරාණ රත්පත් රජමහා විහාරය පැදකුණු කොට නැවත දේවාලයට පැමිණේ. 21 වැනි දින දෙවැනි දිවා මහා පෙරහර සීනිගම දේවාල පුද බිමෙන් පස්වරු 1 ට හික්කඩුව සංචාරක පුරය වීථි සංචාරය කොට දේවාල භූමියට සැපත් වේ.

22, 23 යන දිනයන්හි රාත්‍රි මහ පෙරහර දෙක සීනිගම දෙවොල් දේවාලයෙන් රාත්‍රී 8 ට පිටත්වී පැරෑලිය බාමියන් බුදු මැදුර පැදකුණු කොට තොටගමුව ශ්‍රී විජයබා මහා විද්‍යාලය අසලින් හැරී දේවාල භූමියට ලඟා වේ.

24 වැනි දින දෙවොල් දෙවියන්ට උපහාර පිණිස වාර්ෂික පැවැත්වෙන පත්තිනි කෝල්මුර යාගය සහිත දෙවොල් මඩු යාගය සහ රටට දැයට සෙත්පතා මහා ශාන්ති කර්ම පූජාව පැවැත්වේ. 25 වැනි දින පෙරවරු 5 ට ගිණිමැල හත කපු පත්තිනි ඇදුරන් විසින් තරණය කරනු ලැබේ. එදින පෙරවරු 6 ට වාර්ෂික බැතිමතුන් වෙනුවෙන් පිරිනමන දෙවියන්ගේ කිරි මහා දානය පිරිනැමේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.