UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මැණික්හින්න ගණ දෙවි කෝවිල පුරාණ විහාරය

කන්ද උඩරට රාජධානිය එක් සේසත් කළ නරේන්ද්‍රසිංහ රජ දවස ඉදිවූ මැණික්හින්න ගණ දෙවි කෝවිල පුරාණ විහාරය ඉපැරැණි ඉතිහාසයකට හිමිකම් කියයි.


චෛත්‍ය සහ විහාර මන්දිරය

එකල පිදුරු සෙවිලි කළ දැව, උඩ ඉදි කළ විහාර මන්දිරය පසුකාලීනව සතුරු ආක්‍රමනයන්ට ගොදුරුවී සම්පූර්ණයෙන් ගිනි බත් වූ බව සඳහන් වේ.

විශේෂයෙන්ම ද්‍රවිඩ ජාතික නරපතියන්ගේ උසිගැන්වීම මත බොහෝ වෙහෙර විහාරස්ථාන එකල ගිනිබත් වූ බව ජනප්‍රවාද ඔස්සේ පිළිගැනීමට හැකිය.

මෙම විහාරස්ථානයට අමතරව කෝවිලක් ඉදි කළ බවට ද පසුව සාක්ෂි ලැබී ඇත.


වසර දහස් ගණනක් පැරැණි බෝධිය

එයට පසුව ගණදෙවි කෝවිල නාමය පට බැදුණි. මෙය විහාරස්ථානයක් බවට පත් වීමෙන් අනතුරුව පළමු විහාරාධිපති ධූරය දරන ලද්දේ අපවත්වී වදාළ දේවහන්දියේ සරණංකර හිමියන් ය. උන්වහන්සේගේ ඇවෑමෙන් පිළිවෙළින් දේවහන්දියේ සෝනුත්තර තලගුණේ ධම්මාලෝක ගුන්නෑපාන රතනපාල, වටාපත සෝමානන්ද තලගුණේ සුමණතිස්ස මහා ථෙරවරු විහාරාධීපතිත්වයට පත්වූහ.

ඉන් අනතුරුව පාතදුම්බර ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රවේදී නාරම්පනාවේ ධර්ම කීර්ති ශ්‍රී රතනපාල සුමණතිස්ස ධම්මාලෝකාභිධාන නා හිමියෝ ක්‍රිස්තු වර්ෂ 1979 වර්ෂයේදී විහාරාධිපතිත්වයට පත්වූහ.

උන්වහන්සේ විහාරාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව අපවත්වී වදාළ ගුන්නෑපාන රතනපාල වටපාත සෝමානන්ද තලගුණේ සුමණතිස්ස පැවිදි අචාර්යවරුන් සිදු කළ ශාසනික මෙහෙවර නව මුහුණුවරක් ඔස්සේ සිදු වූහ.


විහාරාධිපති, ශාස්ත්‍රවේදී නාරම්පනාවේ ධම්මාලෝක හිමි

විහාරස්ථානය සතු විහාරංග අතුරින් අවුරුදු දහස් ගණනක් අතීතයකට දිවයන මහානුභාව සම්පන්න බෝධින් වහන්සේ විරාජමානව බැබළේ. ඒ වගේම මහනුවර යුගයේ චිත්‍ර සම්ප්‍රදායට නෑකම් කියන චිත්‍ර හා බිතුසිතුවම් සහිතව නිර්මාණය වූ දර්ශනීය විහාර මන්දිරයක් දැක බලා ගැනීමට හැකිය. එහි නෙළා ඇති බුද්ධ ප්‍රතිමාව දර්ශණීය වේ.

බොදු බැතිමතුන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවන් කිසිම බාධාවකින් තොරව සිදුකර ගැනීමට සුදුසු පරිදි විහාර මළු සැකසී තිබීම විශේෂිතය.

විහාරස්ථානයට අවශ්‍ය කරන ප්‍රධාන විහාර අංගවලට අමතරව ගන්ඨාකුළුණ, ධාතු මන්දිරය, ධර්මශාලාව, සංඝාරාමය, පියගැට පෙළ ,දේවාල කුටි, නව සමාධි බුද්ධ ප්‍රතිමාව පිළිවෙළින් සැකසී තිබේ.

විහාරස්ථානය කේන්ද්‍ර කැරගෙන සිදුවන ආගමික සමාජික සේවාවන් ට දායක වෙමින් විහාර කාර්ය සාධක සමිතිය, ධර්ම විජය ළමා සංවිධානය, අන්තර් ආගමික සාම පදනම, ආබාධිත දරුවන් වෙනුවෙන් ප්‍රජා මූලික පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ධර්මෝදය ළදරු පාසල පරිසරය සුරැකීමේ සංවිධානය යෞවන සමාජය යන සංවිධානවලින් ලද පන්නරය අගය කළ යුතුවෙයි.


මහනුවර යුගයට අයත් බුද්ධ ප්‍රතිමාවහන්සේ

ඒ අතර විහාරස්ථ සතර පේරුවේ වැඩිහිටි, මව්පිය රැකවරණය උදෙසා ඉදිකළ දිවා සුරකුම් මධ්‍යස්ථානය, විශේෂිත ය.

වාර්ෂික වෙසක් පොසොන් පින්කම් වලට අමතරව කඨින චීවර පුණ්‍ය මහෝත්සවය ප්‍රමුඛස්ථානයක් ගැණේ.

ඊට අමතරව ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, බෝධි පූජා, බුද්ධ පූජා, පිරිත් දේශනා, ශීල ව්‍යාපාර අඛණ්ඩව සිදුවේ.

එසේම විහාරස්ථානය හා ගම නිරන්තරයෙන්ම එකට සම්බන්ධ වී කටයුතු කරයි. උඩගම්මැද්ද, පහළගම්මැද්ද මැදගම්මැද්ද, එගොඩගම්මැද්ද යන සිව්පේරුවේ දායක කාරකාදින්ගේ මහඟු මෙහෙවර විහාරස්ථානයට මහඟු ශක්තියකි.

 

 

 

ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය ජූලි 30 වන දා සෙනසුරාදා පූර්ව භාග 02.03 ට ලබයි.
31 වන දා ඉරිදා පූර්ව භාග 00.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 30 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 06 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 30

First Quarterපුර අටවක

අගෝස්තු 06

Full Moonපසෙලාස්වක

අගෝස්තු 13

Second Quarterඅව අටවක

අගෝස්තු 21

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]